ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපතිවරයා ගේ උපදෙස් පරිදි, ජනාධිපති ලේකම්වරයා විසින් සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.
පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහයෝගය ලබා දෙන ලෙස හමුදාවට සහ පොලිසියට ද උපදෙස් ලබා දී ඇත.










