• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගබ්සා පෙත්තට ආණ්ඩුව අනුමැතිය දුන්නාද? සමාජ මාධ්‍යවල යන කතාව ඇත්තද?

May 6, 2023
in Exclusive
Reading Time: 16 mins read
A A
ගබ්සා පෙත්තට ආණ්ඩුව අනුමැතිය දුන්නාද? සමාජ මාධ්‍යවල යන කතාව ඇත්තද?
Share on WhatsAppShare on Facebook

ලංකාව තුළ ගබ්සා කිරීම් නීතිගත කරමින් ඒ සඳහා පෙත්තක් රජය විසින් අනුමත කළ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් සඳහන් කරමින් මෙරට ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය ලබා දුන් බව දක්වා, එම තීරණ සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසන සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. 

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණ වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙරට රජය විසින් එවැනි තීරණයක් ගත් බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති බවයි.

‍‍

මේ ‍‍හේතුවෙන් අප මේ පිළිබඳව විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ගබ්සා කිරීම යනු ස්වභාවයෙන් සිදුවන ගබ්සාව නොව කෘත්‍රිමව ගර්භයක් ශරීරයෙන් ඉවත් කිරීමයි.  එනම්, ගබ්සාව ලෙස හඳුන්වනු ලබන්නේ නොමේරු කලලයක් ස්වාභාවිකව හෝ බාහිර බලපෑමක් මඟින් ගර්භයෙන් පිටතට ගැනීමයි. සති 28 කට පෙර එසේ ඉවත් කිරීම abortion (ගබ්සාව) ලෙස සලකනු ලබන අතර සති 28 න් පසුව සලකන්නේ premature delivery (නොමේරූ දරු උපතක්) ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ගබ්සා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භය ඉවත් කිරීම හැර, අනෙකුත් අවස්ථාවල ගබ්සාව ලංකාවේ නීතියට අනුව වසර 3 සිට 10 දක්වා සිරදඬුවම් ලැබිය හැකි  නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තාවක කරුණු දක්වා තිබු අයුරු මෙතනින්

එවන් වපසරියක් තුළ, මෙරට රජය විසින් ගබ්සා කිරීමට අනුමැතිය ලබා දීමේ තීරණයක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා. නමුත් එවැනි පුවතක් සම්බන්ධයෙන් වාර්තා වී නොතිබුණි.

අප මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේනමුත් දූෂණයට ලක් කාන්තාවන් සඳහා ගබ්සාව නීතිගත කිරීම ගැන ශ්‍රී ලංකාව සළකා බැලිය යුතු බව හිටපු අධිකරණ ඇමති අලි සබ්‍රි 2022 වසරේ දී ද පාර්ලිමේන්තුවේ දී අවධාරණ කර තිබුණා.

The Family Planning Association විසින් ගබ්සාව පිළිබඳ නීතිමය තත්වය මෙන්ම අනාරක්ෂිත ගබ්සා කිරීමේ අවදානම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද රැසක් ලංකාවේ දී සිදුකරනවා. ආරක්‍ෂිත ගබ්සා කිරීමේ ක්‍රම සඳහා ප්‍රවේශයක් නොමැති විට, බොහෝ දෙනෙකුට අනාරක්ෂිත ක්‍රමයකට යොමු වීමට පෙළඹෙන බවත් එය ඔවුන්ගේ සෞඛ්‍යය හා ජීවිත අවදානමට ලක් කරන අයුරු ඔවුන් පෙන්වා දෙන වීඩියෝවක් මෙතනින්. ඒ පිලිබඳ ඔවුන් ලංකාවේ සිදුකළ අධ්‍යයනයක් මෙතනින්

ලෝකයේ ඇතැම් රටවල නොයෙකුත් හේතුන් මත ගබ්සා නීතිය ලිහිල් කොට තිබේ. නමුත් ලංකාව ඇතුළු රටවල් රැසකම, අද දක්වාම ගබ්සාව නීති විරෝධී ක්‍රියාවක් බවට පත්ව තිබේ.

විවිධ හේතු මත, ගබ්සා කිරීම් සඳහා තහනම් කර සහ සීමා පනවා ඇති රටවල් පිලිබඳ තොරතුරු මෙතනින්. ගබ්සා නිතිය විවිධ රටවල බලපැවැත්වෙන අයුරු මෙතනින්

ජපානයේ ගබ්සා පෙත්තක් අනුමත කිරීමේ පුවත, නොමඟ යවන සුළු සිරස්තලයකින් වාර්තා කළ අවස්ථාවක්!

ඉන් අනතුරුව මෙම සටහන් නිර්මාණය වීමට හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළා. “ගබ්සා පෙත්තට රජයේ අනුමැතිය” යනුවෙන් පළ වූ ෆේස්බුක් සටහනක දක්වා තිබූ සබැඳිය ඔස්සේ කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ, එම පුවතේ සඳහන් වන්නේ, ගබ්සා කිරීම සඳහා පෙති ලබා ගැනීමට ජපාන රජය අනුමැතිය ලබා දුන් පුවතකි.

Dasatha | Archived Link

කෙසේ වෙතත් මෙහි ශීර්ෂ පාඨයේ කුමන රටක රජය විසින් ලබා ගත් තීරණයක් ද යන්න දක්වා නොමැති බැවින් මෙම නොමග යෑම සිදු ව තිබුණා.

ජපන් රජය විසින් එරට ගබ්සා කිරීම සඳහා පෙත්තක් ලබා ගැනීමට අනුමැතිය ලබාදීම පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබූ පුවත් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ ගබ්සාව නීති ගත කළ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහන් නොමග යන සුළුයි. 

ලංකාවේ නීතියට අනුව, මවගේ ජීවිතය බේරා ගැනීමට ගර්භය ඉවත් කිරීම හැර, අනෙකුත් අවස්ථාවල ගබ්සාව තහනම් වේ. ජපන් රජය විසින් එරට ගබ්සා කිරීම සඳහා පෙත්තක් ලබා ගැනීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පළ වූ පුවතක් නොමඟ යවන සුළු සිරස්තලයකින් වාර්තා කිරීම, මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වීමට මුල් වී තිබුණා.

SendShareShare
Previous Post

මහේල ජාතික ක්‍රීඩා සභාවෙන් අයින් වෙයි! ඉල්ලා අස්වීමේ ලියුම යවයි!

Next Post

පොහොට්ටු මහලේකම් ලොකු හෙළිදරව්වක් කරයි? මහපාර හරස් කරලා ජවිපෙට මැයි දිනය තියන්න අවසර දුන්න ප්‍රබල හස්තය කවුද? (VIDEO)

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.