• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිතේ පරදුවට තියලා 600කගෙ ජීවිත රැකපු වීරයෙක් ගැන කතාවක්…

May 3, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ජීවිතේ පරදුවට තියලා 600කගෙ ජීවිත රැකපු වීරයෙක් ගැන කතාවක්…
Share on WhatsAppShare on Facebook

සිරි සිරි ගගා හෙලවෙන ඉන්දියන් විලෝ ගස් යාය හරියට පෙනුණේ හොල්මන් පේළියක් එකට හිටගෙන කවුදෝ බයකරනවා වගේ. ඉන්දියන් විලෝ ගස් පාමුල ඩේසි මල් පිපිලා හිතුවක්කාර විදියට. ඩේසි මල් අස්සට රිංගන හුළඟ එහෙන් මෙහෙන් ඩේසි මල් අවුස්සලා ආයෙත් ඈතට පැනලා දුවනවා. ඈත කඳු පන්ති අතරේ එකින් එක පත්තු වෙන පහන් එළි විනාඩි කීපයක් ගතවෙනකොට පහන් එළි යායක් බවට පත්වෙනවා. නගරයට රාත්‍රිය උදාවෙන්නේ එහෙමයි. හපුතලේ ඉඳන් ඉදල්ගස්හින්න පැත්තට යන දුම්රියක වේගය ටිකෙන් ටික වැඩිවෙනවා. කොළඹ ඉඳන් බදුලු යන කෝච්චිය බොහෝ දුරු කතර ගෙවාගෙන තමන්ගේ ගමනේ නිමාවට කිට්ටු වෙච්ච මගීන් වටපිට පරිසරයේ ආදරයෙන් වශීවුණු ආගන්තුකයෝ මේ හැම කෙනකුම දුම්රියේ ඉන්නවා. ඒගොල්ලෝ යන්නේ තම තමන්ගේ ගමන් නිමාවන් ගැන සිහින මවමින්. වෙහෙසකර ගමනක විඩා නිවන උණුහුම් තේ කෝප්පයක් බීලා තම තමන්ගේ ගේදොරවලට රිංගලා දරු පැටව් එක්ක ගාල් වෙන මිනිස්සු, තමන්ගේ ජීවිතේ තිබිච්ච හීන ගමන් මඟක් දිගේ ගිහිල්ලා ලස්සන තැන් ටිකක් බලලා සතුටු වෙන්න හිතාගෙන ඉන්න මිනිස්සු අදත් වෙනදා වගේම වැඩ ඉවර කරලා ඇවිල්ලා හෙට උදේට ආයෙත් කෝච්චියේ නැගලා වැඩට යන මිනිස්සු. මේ විදියේ මිනිස්සු 600කට වැඩි ප්‍රමාණයක් මේ දුම්රියේ ඉන්නවා. හපුතලේ ඉඳන් ඉදල්ගස්හින්න පැත්තට යනකොට එක පැත්තකින් පේනවා ඇඩිෂම් බංගලාව. ඇඩිෂම් බංගලාව පේන හරියෙදීම වම් පැත්ත බලපුවාම ඈතින් බෙරගල පේනවා. මේ සියල්ල දිහා බලාගෙන යන කෝච්චියට හදිසියේම සිද්ධ වෙන්න යන්නේ මහ අමුතු දෙයක්. කෝච්චියේ යන කාටවත් ඒ ගැන කිසිම වග විභාගයක් නෑ.

කන්ද උඩරටට හදිසියේ නොදන්වා නොකියාම එන වැස්ස ගස්කොලන් කඩලා බිඳලා දාලා හදිසියේම පැනලා දුවනවා. ඒක උඩරට මිනිස්සුන්ට නුපුරුදු දෙයක් නෙවෙයි. බදුලු බණ්ඩාරවෙල හීතලත් එක්ක මේ වැහි කෝඩ නිතරම එනවා යනවා. ඒත් එක්කම ගස් කඩන් වැටෙන එක, පාරවල් කඩාගෙන වැටෙන එක, කඳු නායයන එක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. හැම තත්පරයක්ම ඇහැ ගහගෙන නොහිටියොත් කොච්චර ලොකු විපතක් වෙයිද කියන්න දන්නේ නෑ. මේ සියල්ල අස්සේ දුම්රිය හෙමින් හෙමින් හපුතලේට එනවා. හපුතලේ ඉඳන් ඉදල්ගස්හින්නට යන්න තියෙන්නේ තව ටික වෙලාවයි. කෝච්චියේ තියෙන මළානික පහන් එළිවලින් මහා ලොකුවට කෝච්චි පාරේ තියෙන දෙයක් පේන්නේ නෑ. ඒ වගේම ඔන්න මෙන්න තියලා දැක්ක පමණින් කෝච්චියක් නතර කරගන්නත් බෑ. එහෙම නතර කරන්න ගියොත් කෝච්චිය පීලි පැනලා දුම්රිය මගීන්ට විශාල වශයෙන් හානි වෙන්න පුළුවන්.

ඒ අස්සේ කෝච්චියේ බර හූ හඬ ඇහෙනවා කෝච්චි පාර අයිනේ ඉන්න විජයරත්න මහත්තයට. විජයරත්න මහත්තයා නිකමට කෝච්චි පාර පැත්ත බලද්දී ඔහු දකින්නේ කෝච්චි පාරට මහා ගහක් කඩාගෙන වැඩිලා තියෙනවා. මේ තත්පර කිහිපය ඇතුළේ කෝච්චි පාරට කඩාගෙන වැටිච්ච ගහ අයින් කරන්න බෑ. ඈත මීදුම අස්සේ මළානික පහන් එළි දෙකක් ළඟ ළඟම එනවා පේනවා. විජයරත්න මහත්තයා දන්නවා මේ මීදුමත් එක්ක කෝච්චියට මේ ගහ පේන්නේ නෑ කියලා. ඒ වගේම මේ වෙලාවේ කෝච්චියත් ගහත් අතර පණිවුඩයක් දෙන්න වගකිව යුත්තෙක් නෑ කියලත් ඔහු දන්නවා. හැබැයි කෝච්චියයි ගහයි අතරට යන එක අතිශය අවදානම් බවත් කෝච්චි පාරත් එක්ක දිවි ගෙවන ජීවිතේ හැන්දෑවට ළං වෙච්ච එච්.එම්. විජයරත්න මහත්තයට අරුමයක් නෙවෙයි. ඒත් විජයරත්න මහත්තයා කිසි දෙයක් නොහිතා කෝච්චි පාරට යනවා ගෙදර තිබුණු ටොර්ච් එකත් අරගෙන. ඔහු මෙහෙම කතාවක් කියනවා.

‘ගහ වැටෙන සද්දේ ඇහුණා. ඊට පස්සේ මට කෝච්චියේ හෝන් එකේ සද්දෙත් ඇහුණා. මම දුවගෙන ගියා….’

කෝච්චියක් කියලා කියන්නේ හිතක් පපුවක් නැති දෙයක්. ඒත් විජයරත්න මහත්තයට හිතක් පපුවක් තියෙනවා. විජයරත්න මහත්තයා ජීවිතේ පරදුවට තියලා කෝච්චියයි ගහයි අතරට ගිහිල්ලා එයාගේ ටොර්ච් එක වනන්න පටන් අරගත්තා. ඈතින් එන කෝච්චිය මේ ආලෝක සංඥාව දැකලා අන්තිම තත්පරේදී නවත්ත ගන්නවා. කෝච්චිය ඇතුළේ මිනිස්සු 600ක් ඉහළට ගත්ත හුස්ම එක පාරට පහළට හෙළනවා. සමහරු අදටවත් දන්නේ නෑ ඇයි කෝච්චිය හදිසියේම තිරිංග තදකරලා නැවැත්තුවේ කියලා. ඒ, ඔබ කවුරුත් නොදන්නා නිහඬ වීරයෙක් ඔබ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්න වුණත් සූදානමින් කෝච්චි පාරට ආපු නිසා කියලා මේ ලිපිය කියවන ඔබ දැනගනීවි.

විජයරත්න මහත්තයා පස්සේ කියනවා මේ කතාව.

‘මට හිතුණේ කෝච්චියේ එන මිනිස්සුන්ගේ ජීවිත ගැන. මම තනි එකානේ. මට මොනවා වුණත් ඒ මිනිස්සු ටික බේරගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. හොඳ වෙලාවට මහත්තයෝ කෝච්චිය ළඟටම ඇවිත් නැවැත්තුවේ….’

ඔව් ඇත්තටම කෝච්චිය එහෙම නවත්තගත්තේ හොඳ වෙලාවට. මිනිස්සු 600කගේ ජීවිත පරිස්සම් වුණා වගේ විජයරත්න මහත්තයා වගේ ඇත්ත වීරයෙක් පරිස්සම් කළාට අදත් හපුතලේ ඉදල්ගස්හින්නෙ කෝච්චි පාර අයිනේ හරිත පැහැ තුරුගොමු අස්සේ විජයරත්න මහත්තයා හැංගිලා ඇති. කෝච්චි පාරේ මිනිස්සුන්ගේ ජීවිත ටික බේරගත්තට පස්සේ ඒ විදුලි පන්දම් එළියෙන් විජයරත්න මහත්තයට ගෙදරට යන්න පාර කියන්න ඇති. ඒත් මතක තියාගන්න දහස් ගණන් ඩේසි මල් දහස් ගණන් ටියුලිප් මල් දහස් ගණන් බටර් කපුරු මල් අස්සේ ඔබ වෙනුවෙන් ආදරේ හැංගිලා ඇති. මේ මහ පොළොව ඔබව වීරයෙක් බවට නම්කරන්න සූදානමින් ඇති. ඒත් විජයරත්න මහත්තයා කවුද, මොන වගේ කෙනෙක්ද කියන එකවත් ටික දවසකින් මතක නැතිවෙලා යාවි. හැබැයි අපිට අවශ්‍ය ඔබ වගේ වීරයෝ. විජයරත්න මහත්තයට ‘මව්රට’ අපේ උත්තමාචාරය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පුද්ගලිකයි… රහසිගතයි… CIA ලොක්කා ලංකාවට ආපු රහස් ගමන සියල්ල හෙළිවුණේ මෙහෙමයි…

Next Post

ආණ්ඩුවේ රහස් ලියවිල්ලක් උපයෝගිතා කොමිසමේ ජනක එළියට දමයි! විදුලි බල මණ්ඩලය කෑලි 14කට කඩලා සමාගම්වලට දෙන්නයි යන්නේ! මම යන්නේ නැති නිසා කොමිසමත් වහලා දාලා අලුත් එකක් ගේන්නයි යන්නේ! දේශපාලඥයන් මෝඩ තකතීරු වැඩ කරන්නේ! ආණ්ඩුවට අභියෝගයකුත් කරයි! VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.