• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුද්ගලිකයි… රහසිගතයි… CIA ලොක්කා ලංකාවට ආපු රහස් ගමන සියල්ල හෙළිවුණේ මෙහෙමයි…

May 2, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
පුද්ගලිකයි… රහසිගතයි… CIA ලොක්කා ලංකාවට ආපු රහස් ගමන සියල්ල හෙළිවුණේ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

පෙබරවාරි 14 බොහෝ දෙනකුගේ මතකයේ රැඳී ඇත්තේ ආදරවන්තයන්ගේ දිනය ලෙසය. වෙන වසරවල කෙසේ වෙතත් මේ වසරේ පෙබරවාරි 14 වැනිදාවේ නම් ආදරවන්තයන්ගේ දිනය ඉක්මවා ගිය අමුතුම වටිනාකමක් තිබූ බව කටුනායක සහ අවට පදිංචිකරුවනට වැටහෙමින් තිබිණි. ඊට හේතුව දෙතුන් දිනක සිට ඉහළ දමමින් තිබූ ගුවන් තොටුපොළ අවට ආරක්ෂාව 14 වැනිදා වන විට උපරිම තලයට පැමිණෙමින් තිබූ නිසාය.

සාමාන්‍ය වශයෙන් ගුවන් තොටුපොළ සහ අවට මාර්ගයේ ආරක්ෂාව දැඩි කරනුයේ විදේශීය සම්භාවනීය අමුත්තෙක් මෙරටට පැමිණීම හෝ නික්මයාම වෙනුවෙනි. එහෙත් පසුගිය ආදරවන්තයන්ගේ දිනයේදී අන් කවරදාකවත් නොයොදන ආරක්ෂාවක් කටුනායක ගුවන් තොට සහ අවට මාර්ගයන්ට යොදා තිබිණි. එහෙත් කිසිම සමභාවනීය අමුත්තෙක් පැමිණි වගක් කිසිම මාධ්‍යයක් වාර්තා කළේ නැත. එදින සවස් වරුවේ කටුනායක-කොළඹ අධිවේගී මාර්ගයද වසා දැමුණු අතර ගුවන් තොටුපොළ සහ ඒ අවට ආරක්ෂාවද තරකර තිබිණි. ලංකවේ සූදානම මෙසේ වෙද්දී ග්‍රීසියේ ඇමෙරිකානු කඳවුරකින් ඇමෙරිකානු ගුවන් හමුදාව සතු නවීන ග්ලෝබ් මාස්ටර් සී 17 ගුවන් යානා දෙකක් ගුවනට නැඟිණි. කලින් නියම කරගත් පරිදිම එකී ගුවන් යානා දෙක 14 වැනිදා රාත්‍රී අඳුර සමගම එක පසුපස එක පැමිණ කටුනායක ගුවන් තොටුපොළට ගොඩබසින ලදී.

කටුනායක යනු සිවිල් ගුවන් තොටුපොළක් වුවත් එහි අල්ලපු වැටේ ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරය. එහෙයින් කටුනායකට හමුදා යානා පැමිණීම කිසිසේත් අමුත්තක් නොවේ. එහෙත් මේ පැමිණි හමුදා යානා දෙක වෙනදා මෙහි එන හමුදා හෝ සිවිල් යානාවලට වඩා විශේෂ තත්ත්වයක් යටතේ ගොඩ බස්සවන ලද අතර එහි සිටි මගීන් රට තුළට ගනු ලබුවේ කිසිදු ආගමන විගමන නීතියකට යටත්ව නොවේ. අබිරහස් ලෙස මෙහි පැමිණි ගුවන් යානා දෙකේ ආ පිරිස සාමාන්‍ය ජනයාට වසා දැමූ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ නගරයට ඇතුළු වූ අතර ඔවුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් හමුවූහ.

මේ ඇමෙරිකානුවන් පිළිබඳ සතර දෙසින් විමසීම් ගලා එන්නට විය. ජ.වි.පෙ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලද අතර පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලද අබිරහස් ලෙස පැමිණි ඇමෙරිකානුවන් පිරිස ගැන ආගමන විගමන පාලකවරයාගෙන් විමසන්නට විය. එහෙත් ආණ්ඩුවේ පැත්තෙන් හරිහමන් උත්තරයක් ලැබුණේ නැත. රහසේ ආ ඇමෙරිකානු නියෝජිතයන් ගැන විමසූ මාධ්‍යවේදියකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ දුරකතන අංකය දෙන්න දැයි අසා විහිළුවෙන් තහළුවෙන් ප්‍රශ්නය මඟ හැරියේය. ලංකාවේ මළගෙවල්වල පවා යන්නටත්, එසේ ගොස් මාධ්‍ය හමු පවත්වන්නටත් අමතක නොකරන ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්ද රහසෙන් කඩාපාත්වූ අමුත්තෝ ගැන උගුර ඇඬෙව්වේ නැත. කලාපයේ ලොකු අයියා වන ඉන්දියාව පසුවූයේද නිහැඬියාවකිනි. කරුණු කාරණා මෙසේ වෙද්දී එක් අවස්ථාවක ඇමෙරිකානු නියෝජිතයන් ගැන ආණ්ඩුවේ පැත්තෙන් ඇබිත්තං ඉඟියක් එළියට පැන්නේය. ඒ පැමිණි පිරිස අතර ඉන්දු-පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ ඇමෙරිකාවේ නියෝජ්‍ය ප්‍රධාන ආරක්ෂක ලේකම් Jedidiah P. Royal සිටි බවයි. ඔහු සමග 27 දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් මෙරටට පැමිණි බව ආණ්ඩුවේ පැත්තෙන් කියැවුණද එසේ පැමිණියෝ කවරහුද, කුමක් සඳහා පැමිණියෝද යන්න ආණ්ඩුව හෝ ඇමෙරිකානු තානාපති කාර්යාලය පැවැසූවේ නැත.

අයි.එම්.එෆ්. ණය, පළාත් පාලන ඡන්දය සහ සිංහල-හින්දු අවුරුදු අසිරිය විසින් ඇමෙරිකානු නියෝජිතයන්ගේ ගමන දෙමසක් තුළ අපට අමතක කර දැම්මේය. එහෙත් කලාපයේ ලොකු අයියා එදා නෑසූ කන්ව සිටියාට මෙම සිදුවීම මුළුමනින්ම අමතක කර නැති බව පසුගියදා කොයි කාටත් පසක් වූයේය. ඒ, මේජර් මදන් කුමාර් නම් පුද්ගලයා යූටියුබ් වීඩියෝවක් නිකුත් කිරීමෙන් පසුවය. භූ දේශපාලනය සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පර්යේෂකයෙක් වන මේජර් මදන් කුමාර් ඉන්දියාවේ උසස් අධ්‍යාපන සහ ආරක්ෂක අංශ ගණනාවක ප්‍රාමාණික බුහුටිකම් විදහා පෑ අයෙකි. ඇමෙරිකානු නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා ආගමනය පිළිබඳ මෙතුවක් අප්‍රකාශිතව තිබූ කරුණු කාරණා රැසක් ඔහු අනාවරණ කරන්නේය.

මේජර් මදන් කුමාර් පවසන පරිදි ශ්‍රී ලංකාවට හදිසියේ ගොඩබට ඇමෙරිකානු නියෝජිත පිරිස එරට ආරක්ෂාව සම්බන්ධව සිටින ඉහළම නිලධාරීන් කණ්ඩායමකි. ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩු හෙළි නොකළද එම පිරිස අතර William Joseph Burns නමැත්තාද සිට ඇත. ලංකාවේ අප නොතකා හැරියද William Joseph Burns යනු ලෝකයේ බොහෝ රටවලට ඇමෙරිකානු ජනාධිපති තරමටම වටිනා චරිතයකි. විකිපීඩියා වෙබ් අඩවි‍යේ ඔහුගේ තනතුර සඳහන් වන්නේ American Diplomat Serving as the Director of the Central Intelligence Agency යනුවෙනි. එය ඔබට වඩාත් හොඳින් දැනෙන පරිදි පවසන්නේ නම් William Joseph Burns යනු ඇමෙරිකාවේ සී.අයි.ඒ. සංවිධානයේ 8 වැනි ප්‍රධානියාය. 2021 මාර්තු 19 වැනිදා කමලා හැරිස් ඉදිරියේ දිවුරුම් දී වැඩ භාරගත් ඔහු, ඇමෙරිකාවේ බලවත්ම පුද්ගලයන් කිහිප දෙනාගෙන් කෙනෙකි. ලෝකයේ බොහෝ ආණ්ඩුවලට නොනිල මට්ටමින් එබිකම් කර ඒවායේ දිශානතිය හසුරුවන්නට සමත් සී.අයි.ඒ. සංවිධානය විටෙක ඇමෙරිකාවේ ආණ්ඩුවද හසුරුවන්නට සමත් බව ජාත්‍යන්තර භූ දේශපාලනයේ ආගිය තැන් දන්නා කොයි කාට හෝ රහසක් නොවේ.

සී.අයි.ඒ. ලොක්කා සමග මෙරටට ආ නියෝජිත පිරිස ලංකාවේ ප්‍රධානීන් සමග කළ සාකච්ඡා සහ ඒවායේදී ගන්නා ලද තීරණ මොනවදැයි මේ වන විටත් කිසිවකු දන්නේ නැත. එහෙත් මේජර් මදන් කුමාර් ඇමෙරිකානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකා රජය අතර පැවැති සාකච්ඡා පිළිබඳ වැදගත් යමක් කියන්නේය. ඔහු පවසනුයේ ඇමෙරිකානු නියෝජිතයන් සහ ශ්‍රී ලංකාව අතර වැදගත් එකඟතාවන් තුනක් මෙම සංචාරයේදී ඇති කරගෙන ඇති බවය. ඉන් පළමුවැන්න බුද්ධි තොරතුරු විශ්ලේෂණ මධ්‍යස්ථානයක් ඇතිකරගැනීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ ආගමනික විගමනික කාර්යයන් වෙනුවෙන් ජෛවමිතික තොරතුරු ඒකකයක් (Biometric Information) පරිත්‍යාග කිරීමය. තෙවැන්න සබ්මැරීන සහ තොරතුරු තාක්ෂණ කේබල් ජාලයක් ශ්‍රී ලංකාවේ සමුද්‍ර කලාපය හරහා ඉදිකිරීමය. මේජර් මදන් කුමාර් මේ විශ්ලේෂණයන් කරනුයේ සමකාලීන ජාත්‍යන්තර තොරතුරු සහ ආරක්ෂක තොරතුරු විශ්ලේෂණයන් ඇසුරෙන් ලබාගත් තොරතුරු සියුම්ව විග්‍රහ කරමිනි.

මේ එකඟතා සියල්ල සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉක්මවා ගිය ඒවාය. විශේෂයෙන් ඇමෙරිකානු ජෛවමිතික ආගමන විගමන තොරතුරු පද්ධතියක් මෙරට ස්ථාපනය කිරීම යනු ශ්‍රී ලංකාව ඍජුවම ඇමෙරිකානු ඔත්තු සේවාවකට නතු වීමක් බව ඔහු පවසයි. එමගින් මෙරටට පැමිණෙන සහ මෙරටින් පිටව යන පුද්ගලයන්ගේ දත්ත සී.අයි.ඒ. සංවිධානයට ලබාගත හැකි වන බව ඔහු පෙන්වා දෙයි. ලෝක බල අරගලය හමුවේ කලකට පෙර ඇමෙරිකාව සහ රුසියාව අතර පැවැති තරගයට වඩා හැම අතින්ම දරුණු සීතල යුද්ධයක් මේ වන විට ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවෙමින් තිබේ. එවැනි බල අරගලයක් හමුවේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය චීනයට හිමිවීම සහ කොළඹ වරාය නගරයේ දිගුකාලීනව චීන ආධිපත්‍යය තහවුරු වීම ඇමෙරිකාව පමණක් නොව ඉන්දියාව පවා සලකනුයේ තම රටවලට එල්ලවූ බරපතළ තර්ජනයක් ලෙසය. විශේෂයෙන්ම ලෝකයට දොරටුවක් බඳු ශ්‍රී ලංකාවේ දැවැන්ත සාගර මුහුණත දකුණෙන් සහ බටහිරෙන් චීනයට නතුවීම එම දෙරටම ඉවසන්නේ නැත. ඊට අමතරව මැතකදී අනාවරණ කරගත් පරිදි ඇමෙරිකාවේ සියලු වරායන්හි භාවිත කරන චීන දොඹකර මගින්ද එරට ඇමෙරිකාවේ දත්ත එක්රැස් කරනු ලබයි. එබැවින් ඇමෙරිකාව සියලු චීන දොඹකර ඉවත් කර වෙනත් යුරෝපා නිෂ්පාදන වෙත මාරුවෙමින් සිටින බව වාර්තා වේ. එවැනි තත්ත්වයක් හමුවේ ලෝකයේ ඕනෑම රටක සිදුවන චීන ක්‍රියාකාරකම් ගැන තොරතුරු ලබාගැනීම ඇමෙරිකාව වැදගත් සේ සලකන බව නොරහසකි. එබැවින් යෝජිත ජෛවමිතික ආගමන සහ විගමන ඒකකය මගින් ලංකාවේ චීන ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනයක් කිරීම ඇමෙරිකාවේ අරමුණ යැයි කෙනකු පවසන්නේ නම් අපට එය ප්‍රතික්ෂේප කළ නොහැක. එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතා ගිවිසුම් දෙකක්, දැනටමත් අස්සන් කර ඇති අතර, අත්පත් කරගැනීමේ සහ හරස් සේවා ගිවිසුම (ACSA) සහ බලසේනා පිළිබඳ සාකච්ඡා යටතට ගැනෙන ගිවිසුම (SOFA) එම ගිවිසුම් වෙයි. මෙම ගිවිසුම් දෙකම බරපතළ විවේචනයන්ට ලක්වූ ඒවා වෙයි. එවැනි පසුබිමක මේ ඉහළ ඇමෙරිකානු නියෝජිතයන් හා පැවැති සකච්ඡාව පිළිබඳ ජනතාව තුළ සැකයක් ඇතිවීම සෑම අතින්ම සාමාන්‍යයය.

ඇමෙරිකානු ආරක්ෂක දූත පිරිසේ ශ්‍රී ලංකා ගමන ගැන ඉන්දියාව ඉවසිලිසහගත ස්ථාවරයක පසුවුවද ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු සබඳතා පමණ ඉක්මවා තහවුරු වීම ඉන්දියාව රුස්සන්නේ නැත. මේජර් මදන් කුමාර් නිකුත් කරන වීඩියෝව ඔහුගේ කේවල ප්‍රකාශයක් ලෙස පමණක් භාරගැනීමට අප නොපෙළඹිය යුත්තේ ඒ බව සැලකිල්ලට ගනිමිනි. ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව ක්‍රියාත්මක කරමින් සිටින ලෝක බල අරගලයට ශ්‍රී ලංකාව මේ වන විටත් පැටලෙමින් සිටී. ලෝක භූ දේශපාලනයේ තීරණාත්මක ගැටුමකට ශ්‍රී ලංකාව පැටලීම මෙරටට ඉතා අහිතකර ලෙස බලපාන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම ලබාගැනීම මාස හත අටකින් පමා කරමින් ශ්‍රී ලංකාව අර්බුදයේ ගැඹුරුම තැන ගිල්වා දැමීමට චීනය කටයුතු කළ ආකාරය අප අමතක නොකළ යුතුය. අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ ඇමෙරිකාවට සහ ජී-20 සංවිධානය තුළ ඉන්දියාවට හිමිව ඇති තීරණාත්මක බලය හමුවේ චීනය පියවරක් පසුපසට ගෙන අයි.එම්.එෆ්. කඩුල්ල පනින්නට ශ්‍රී ලංකාවට ඉඩ දුන් නමුත්, එය ඉතා කෙටි කාලයක් තුළ වෙනස් විය හැකි තත්ත්වයකි. පවතින උද්වේගකාරී දේශපාලන තත්ත්වයන් හමුවේ චීනය සහ ඇමෙරිකාව ඉතා ප්‍රවේශමෙන් තුලනය කර ගැනීමට අපට සිදුවේ. පසුගිය පෙබරවාරි 14 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු නියෝජිතයන් පිරිස ආපසු යන ගමනේදී නේපාලයට ගොඩබැසීමටත්, එහි පැය 12ක් පමණ නතරව සිට තම ගමනාන්තය වෙත යාමටත් නියමිතව තිබිණි. එහෙත් නේපාල රජය ඇමෙරිකානු නියෝජිතයන් හට දොර වැසුවේය. ඒ වන විටත් නේපාලයේ චීන රාජ්‍ය තාන්ත්‍රිකයකු සංචාරය කිරීම සහ නේපාලයට චීනය සමග ඍජු දේශසීමා පැවැතීම ඊට හේතුව වන්නට ඇත.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

කවුද මේ මේජර් මදන් කුමාර්?

මේජර් මදන් කුමාර් මදුරාසි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධරයකු වන අතර, ජම්ෂෙඩ්පූර්හි පස්චාත් උපාධිධරයෙකි. වෛද්‍යවරයෙක් වීමේ අරමුණෙන් අධ්‍යාපනය ඇරඹුවද අවසානයේ රෙදිපිළි පිළිබඳ ඉංජිනේරුවකු ලෙස ඔහු උපාධි ලැබීය. ලොව ප්‍රකට සමාගම් වන Coca Cola, Pepsi, Nestle India සහ Mars Wrigley Confectionery හි විවිධ නායකත්ව භූමිකාවන් දරා ඇත. මාස් විශ්වවිද්‍යාලයෙන් නායකත්ව සහතික සම්පූර්ණ කර ඇති මදන් කුමාර්, භූ දේශපාලනය සහ උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පර්යේෂකයෙකි.

අභ්‍යන්තර ආරක්ෂාව සහ භූ දේශපාලනය කෙරෙහි අවධානය යොමුකළ ඔහුගේම යූටියුබ් නාලිකාවක් ඇත. ඔහු තමිල්නාඩුවේ පිළිගත් විශ්වවිද්‍යාල සඳහා ආරක්ෂක අධ්‍යයන සහ උපායමාර්ගික අධ්‍යයන දෙපාර්තමේන්තුවේ ආරාධිත කථිකාචාර්යවරයකු සහ උපදේශකයෙකි. ඔහු විවිධ ප්‍රාන්ත රජයන්ට ආපදා සහ අර්බුද කළමනාකරණය සඳහා උපකාර කරන ස්වේච්ඡා බළකායක් වන ‘ආමර් ඔෆ් කෙයාර්’ හි සම-නිර්මාතෘවරයාය. ඔහු ඉන්දියාවේ තරුණයන්ට ආරක්ෂක සහ සිවිල් සේවා වෘත්තියක් සඳහා මග පෙන්වන ස්වේච්ඡා සංවිධානයක් වන Dream of Defence හි නිර්මාතෘවරයා ද වේ. ඉන්දීය හමුදාවේ කාලයක් සේවය කළ ඔහු වර්තමානයේ තීරු ලිපි රචකයෙක්, ජාත්‍යන්තර දේශපාලනික සහ ආරක්ෂක කරුණු විශ්ලේෂකයෙක් ලෙස කැපී පෙනෙයි.

SendShareShare
Previous Post

කිලිකුණු නැති වදිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්…!
මිරිඟු දියෙන් නානය කර පැලඳ දිවුල් මල් වඩමක්…!
තුරඟ අඟින් රථය තනා අදිනට ඉබි ලොමින් යොතක්…!
කුහුඹු අගින් කෙවිට තනා දැක්විය සුරපුරට උදක්…!
නූතන ගජබින්නාලංකාරය…

Next Post

ජීවිතේ පරදුවට තියලා 600කගෙ ජීවිත රැකපු වීරයෙක් ගැන කතාවක්…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.