• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිලිකුණු නැති වදිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්…!
මිරිඟු දියෙන් නානය කර පැලඳ දිවුල් මල් වඩමක්…!
තුරඟ අඟින් රථය තනා අදිනට ඉබි ලොමින් යොතක්…!
කුහුඹු අගින් කෙවිට තනා දැක්විය සුරපුරට උදක්…!
නූතන ගජබින්නාලංකාරය…

May 2, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
කිලිකුණු නැති වදිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්…!    මිරිඟු දියෙන් නානය කර පැලඳ දිවුල් මල් වඩමක්…!     තුරඟ අඟින් රථය තනා අදිනට ඉබි ලොමින් යොතක්…!    කුහුඹු අගින් කෙවිට තනා දැක්විය සුරපුරට උදක්…!  නූතන ගජබින්නාලංකාරය…
Share on WhatsAppShare on Facebook

ඔබ ඇතැම් විට ගජබින්නාලංකාරය ගැන අසා ඇතිවා වන්නට පිළිවන. ගජබින්න යනු අලියෙක් තරම් විශාල බොරුය.

එහි එන එක් කවියක් මෙසේය.

කිලිකුණු නැති වදිගේ පුතෙක් ඇඳගෙන නිල්වලා කඩක්
මිරිඟු දියෙන් නානය කර පැලඳ දිවුල් මල් වඩමක්
තුරඟ අඟින් රථය තනා අදිනට ඉබි ලොමින යොතක්
කුහුඹු අගින් කෙවිට තනා දැක්විය සුරපුරට උදක්

කිලිකුණු නැති වඳ ගැහැනියකගේ පුතෙක් මිරිඟු දියෙන් ස්නානය කොට නිල් වලාකඩක් ඇඳගෙන අට්ටික්කා මල් මාලයක් දමාගෙන, අශ්ව අඟින් තැනූ රථයක් අදින්නට ඉබ්බන්ගේ ලොම්වලින් කඹයක් හදාගෙන කුහුඹුවන්ගේ අංවලින් කෙවිටක් හදාගෙන ඒ රථය කෙළින්ම දිව්‍ය ලෝකයට දක්කාගෙන ගියේය. ඒ, මේ කවියේ තේරුමයි.
මෙහි බොරු කීයක්ද?

ගැහැනියකට කිලිකුණු නැතිවිය නොහැකිය. වඳ ගැහැනියකට දරුවන් ඇති විය හැකිද? නිල් වලා කොයින්ද? වලාකඩක් ඇඳගත හැකිද? ස්නානය කරන්නට මිරිඟුවේ ජලයක් නැත. මාල හදන්නට අට්ටික්කාවල මල් නැත. රථ හැදීමට අශ්වයන්ට අං තිබේද? යොත් හදන්නට කෝ ඉබ්බන්ට ලොම්? කෙවිටි තනන්නට කුහුඹුවන්ට අං තිබේද? අනෙක් අතට කෙළින්ම සුරපුරට යා හැකිද? ඉතින් මේ සියල්ල ගජබින්න නොවේද?

මේ දිනවල ඇතැම් මාධ්‍යවල පළවන අතේ රෝල් බොහොමයක් හරියටම ගජබින්නාලංකාරය වගේය. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ සමගි ජන බලවේගය ඊට එරෙහි බවට ‘ලංකාදීප’ය දාර පචයක් අතහැරියේය.

පසුගිය ජනවාරි 25 වැනි දින රාත්‍රියේ විශේෂ පුවතක් පළකරමින් ‘ලංකාදීප’ පුවත්පත සඳහන් කර තිබුණේ චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බවකි. එහෙත් ඊට පසුදාම ඒ ‘ලංකාදීප’යම වාර්තා කළේ ඒ පුවත බොරුවක් බවය. ‘ලංකාදීප’ය මුල සිටම සිටියේ මැතිවරණයට එරෙහි මතයකය.

වරක් සතිඅන්ත ‘ඉරිදා ලංකාදීප’ පුවත්පතේ මුල් පුවතක් මගින් වාර්තා කොට තිබුණේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබාදීමට නොහැකි බව මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව ඇති බවය. එහෙත් ඒ පුවතත් පසුදාම බොරුවක් බව හෙළිවිය.

ඉන් අනතුරුව ‘ලංකාදීප’ය අත තිබ්බේ සමගි ජන බලවේගයටය. සමගි ජන බලවේගය මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට ‘ලංකාදීප’ පුවත්පත ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළේ වරක් දෙවරක් නොවේ. ඒ වැඩේටම හරියන්න තවත් මාධ්‍ය කිහිපයක්ම එකතු වී සිටියහ.

සමගි ජන බලවේගය අගමැතිකම් හෝ මැති ඇමැති තනතුරු වෙනුවෙන් ආණ්ඩුව සමග එක් නොවන බවට සජිත් ප්‍රේමදාස තීරණාත්මක නිවේදනයක් පළ කළේය. හැබැයි ඒ නිවේදනයට විද්‍යුත් මාධ්‍ය හැරුණු කොට මුද්‍රිත මාධ්‍ය බොහොමයක් ඉඩ ලබාදී තිබුණේ නැත.

විපක්ෂ නායකවරයෙක්ගේ විශේෂ නිවේදනයකට ඉඩක් නොදෙන්නට තරම් ඒ බොහෝ මාධ්‍ය කුලීකාර මෙහෙවරෙහි යෙදෙමින් සිටි අතර එක් අතකට අදාළ නිවේදනය එතෙක් බොරු පළකළ මාධ්‍යවලට පළකිරීමට නොහැකි තරම් සැර එකක් වී තිබිණි.

‘සමගි ජන බලවේගයෙන් කණ්ඩායමක් ආණ්ඩුවට එක්වන බවට මුලින් දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්ති පළ කළ ඒ කල්ලි සිය නවතම උපාය මාර්ගය ලෙස භාවිත කරන්නේ අගමැති, මැති ඇමැති තනතුරු වෙනුවෙන් සමගි ජන බලවේගය ආණ්ඩුව හා එක්වන බවය. එය අමූලික බොරුවකි. පදනම් විරහිත මුග්ධ ප්‍රවෘත්තියකි. එම කල්ලිවලත් සමගි ජන බලවේගයේත් තීරණාත්මක බෙදුම් රේඛාව වන්නේ ඔවුන් විස්වාස කරන්නේ ඩීල් සහ විකෘතිය වන විට අප විශ්වාස කරන්නේ ජනතා බලය සහ ප්‍රකෘතිය වීමයි.

මැතිවරණයකින් මෙපිට මේ අභාග්‍යසම්පන්න ඉරණමෙන් අපේ රට මුදාගත නොහැකි බව අප තරයේ විශ්වාස කරමු.

දිගින් දිගටම අසාර්ථක ප්‍රයත්නයන්ම දරමින් මාධ්‍ය අවභාවිත කිරීමෙහි තරම මොනවට පසක් කළ ඇතැම් කුලීකාර මාධ්‍ය කිහිපයට අවධාරණය කළ යුත්තේ මෙරට ක්‍රියාත්මක ශිෂ්ටසම්පන්න මාධ්‍යයන්ගෙන් පාඩම් ඉගෙන ගන්නා ලෙසයි. තමන්ට ගෙවනු ලබන මිල වෙනුවෙන් ඕනෑම මිථ්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්තව සහ ආචාරවිද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන්නේ නම් මැනවැයි අපි යෝජනා කරමු. නමුත්, සිය ස්වාමියාගේ මතය ජනගත කිරීම වෙනුවෙන් ඔවුන් ගනු ලබන උත්සාහයට අප අනුකම්පා කරමු.’

මේ නිවේදනයට ඉඩක් ලබා නොදුන් මාධ්‍ය අතර ‘මව්බිම’ පුවත්පත ද විය.

අදාළ නිවේදනයට මුද්දරයක වත් ඉඩක් නොදුන් ‘මව්බිම’ පුවත්පත ‘අළුවිහාරෙලා යළි එජාපයට’ යැයි අමූලික බොරුවක් පළකොට තිබිණි.

‘ලංකාදීප පත්තරෙත් අද බොරු ප්‍රවෘත්තියක් දමල තියෙනවා, ඉන්දියාව එල්.ටී.ටී.ඊ. එකේ ගුවන් බලය නැති කරන්න යනවා කියලා. මම අහනවා ලංකාදීප කර්තෘට චීනයට යන්න රාජපක්ෂලා දුන්න ටිකට් එක නිසාද මෙහෙම බොරු ලියන්නේ කියලා…’

2007/04/12 රනිල් වික්‍රමසිංහ ලංකාදීපයට පහර එල්ල කළේ එහෙමය.

ඒ විතරක් නොව, යහපාලන ආණ්ඩුව සමයේ ඔහු කෙළින්ම ‘දෙරණ’ නාලිකාවටත් එහි නිවේදක චතුර අල්විස්ටත් පාර්ලිමේන්තුවේදී දෝෂාරෝපණය කළේය.

2018-2019 වන විට මාධ්‍යයට රනිල් පෙන්නන්න බැරි විය. එහි ප්‍රතිඵලය වුණේ සියලු මාධ්‍ය ප්‍රතිවාදී ගෝඨාභය රාජපක්ෂට උදව් කිරීමය. සමගි ජන බලවේගය බිහිවන්නේ ඒ අතරතුරය. ඩීල්වලින් තොර, සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයෙන් මිදී අලුත් ගමනක් සමගි ජන බලවේගයේ යමින් සිටින බව ජනතාව තේරුම් ගත්තේ පළමු මැතිවරණයේදීමය. ඒ අනුව සජිත් මුල්වී බිහිකළ සමගි ජන බලවේගයට අතිබහුතරයක් එක්සත් ජාතික පාක්ෂිකයන්ද එක් විය.

2020 පැවැති මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය රටේ ප්‍රධාන විපක්ෂය බවට පත්වූයේ පොදුජන පෙරමුණට පසුව වැඩිම ආසන ප්‍රමාණය දිනාගනිමින්ය. ඩී.එස්. සේනානායක බිහිකළ රටේ බලවත්ම දේශපාලන පක්ෂය බවට පත්ව තිබූ එක්සත් ජාතික පක්ෂයට සිදුවුණේ පිනට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකින් සෑහීමකට පත් වෙන්නටය.

සජිත්ගේ සමගි ජන බලවේගය වේගයෙන් ඉදිරියට ඒම බොහෝ දෙනකුට රුස්සන්නේ නැති විය. අතේ රෝල්, බොරු සහ ප්ලාන්ට් මෙන්ම ගජබින්න ද සමගි ජන බලවේගයට එරෙහිව දියත් කරන්නට පටන් ගත්තේ ඒ අනුවය.

ගෝඨාභය ජනාධිපති ධුරයට පත්වූයේ 69 ලක්ෂයක් ඡන්ද ලබාගෙනය. පොහොට්ටුව ආණ්ඩුව පිහිටුවූයේ 68 ලක්ෂයක් ඡන්ද ලබාගෙනය. එහෙව් බලවත් ආණ්ඩුවක් මින් පෙර ඉතිහාසයේ බිහි වී නැත. ගෝඨාභය තරම් බලවත් ජනාධිපතිවරයෙක් ද නිදහසින් පසු ඉතිහාසයේ බිහි වී නැත.

හැමෝම කල්පනා කළේ පොහොට්ටුව සහ ගෝඨාභය ආයෙ හොල්ලනවා බොරු කියලාය. හැබැයි වසර තුනක් යන්නත් මත්තෙන් ගෝඨාභයට ගෙදර යන්නත් ආණ්ඩුවට කඩාවැටෙන්නට සිදුවිය. ඒක වුණේ කොහොමද කියලා සමහරු කල්පනා කරන්නේ නැත.

එක ආසනයක් වැඩියෙන් ලබාගෙන ආණ්ඩු බලය ගත් චන්ද්‍රිකා අවුරුදු දහයක් රට පාලනය කළේ රනිල් විපක්ෂ නායකවරයාව සිටියදීය. එක ආසනයක් පමණක් වැඩියෙන් තිබූ චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්නට රනිල්ට වසර දහයකට බැරිවිය. අමාරුවෙන් පෙරළාගෙන හදාගත් ආණ්ඩුව අරගෙන යන්නත් ඔහුට දෙදහස් එකේදී බැරි විය.

මහින්ද ජනාධිපති වෙනකොටත් රනිල් විපක්ෂ නායකය. මහින්ද දෙවරක්ම ජනාධිපති ලෙස අවුරුදු 12ක් කටයුතු කරද්දිත් රනිල්ට මහින්දගේ ආණ්ඩුව හොල්ලන්න බැරි විය. දෙදහස් පහළොවේදී ඒක කළේ ආණ්ඩුවේ සිටි මෛත්‍රී විපක්ෂයට ඇවිල්ලාය. හැබැයි සජිත් ප්‍රමුඛ විපක්ෂය රනිල්ට බැරිවූ වැඩේ අවුරුදු දෙකහමාරෙන් සිද්ධ කොට පෙන්නුවේය.

එහෙම වෙලත් බොහෝ මාධ්‍ය සජිත්ට බැරි බවත්, සජිත් දුර්වල බවත් කියන්නට පටන් ගත්හ. ඒ ප්‍රකාශ බොහෝ විට ආවේ පස්වැනි පටුමගෙන්ය.

‘සමගි ජන බලවේගයෙන් 10ක් යනවා’
‘සජබ දෙදරයි. පළුවක් ගැලවෙයි’
‘සජබ පිරිසක් රනිල්ට’
‘පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරණ ඡන්දය දී සජබෙ පිරිසක් රනිල්ට දීලා’

මේ විදියේ news plant කෙළවරක් නැතුව සිදුවිය. රනිල් විතරක් නෙමේ අනුර දිසානායකලාත් සජිත්ට ගහන්න පටන් ගත්හ. පොහොට්ටුවේ අයත් සජිත්ට ගහන්න පටන් ගත්හ. විමල්ලාත්, වාසුලාත් සජිත්ටම ගහන්න පටන් ගත්හ.

මේ විදියට හැමෝගෙම අභියෝගය බවට සමගි ජන බලවේගයත් සජිත්වත් පත්වුණේ කොහොමද?

අඩු තරමේ අවුරුදු දහයක්වත් පවතින්නට තිබූ ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් අවුරුදු දෙකහමාරකින් ගෙදර යැවූ විපක්ෂනායකවරයා සජිත්ය. කවුරු පිළිගන්නට අදිමදි කළත් ඇත්ත ඒකය. ඒ මදිවට ඔහු විපක්ෂයේ ඉඳගෙන එතෙක් මෙතෙක් කිසිම විපක්ෂ නායකවරයෙක් සිදු නොකළ මට්ටමේ සමාජ සත්කාරද සිදු කළේය.

‘හුස්ම’ වැඩසටහන හරහා රටේ රෝහල් පද්ධතිය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් සිදු කළ ඔහු, ‘සක්වල’ වැඩසටහන හරහා මෙරට පාසල් විශාල ප්‍රමාණයකට පරිගණක ඇතුළත් සුහුරු පන්ති කාමර ඉදිකර දුන්නේය. මේ කෙටි කාලය තුළ පාසල් 70කට බස් රථ ලබාදුන්නේ අප්‍රමාණ කෙනෙහිලිකම් සහ අපහාස උපහාස මැදය. ඉතින් සමගි ජන බලවේගය සහ සජිත් අනෙක් අයට අභියෝගයක් වන එක පුදුමයක් නොවේ.

පසුගියදාක නිවුස් එකක් ප්ලාන්ට කොට තිබිණි.

‘සජබ 46ක් ආණ්ඩුවට’ ඒ පුවතය.

ඇත්තෙන්ම මේ වන විට සමගි ජන බලවේගයේ සිටින්නේ මන්ත්‍රීවරු 43කි. හැබැයි ජාතික යැයි කියාගත් මාධ්‍යයක හතළිස් හයක් සමගි ජන බලවේගයෙන් වෙන්වී රනිල් ළඟට යන බව කියා තිබිණි. ඒ අයගේ අතේ පැලවෙන news plant වල හැටි ඒකය.

තමන් කිසිවෙක් සමගි ජන බලවේගය හැරදමා ආණ්ඩුවට එක් නොවන බව සජබ මන්ත්‍රීවරුන් පුන පුනා කීවත් සමහර මාධ්‍ය ඒවා පළකරන්නේ නැත.

හැබැයි පදනමක් නැති, කිසිදු දත්තයක් හෝ නිශ්චිත තොරතුරක් නැති ‘ප්ලාන්ට්’වලට නම් සමහර පත්තර මුල් පිටු පිටින් වෙන්කොට තිබේ.

ඒ, එයාලගේ මාධ්‍ය කලාවේ හැටිය. සමගි ජන බලවේගය මන්ත්‍රීවරු ආණ්ඩුවට යන බව පුන පුනා කීවත් දැන් නම් වෙලා තියෙන්නේ ආණ්ඩුවේ සිටි 30කට වැඩි පිරිසක් විපක්ෂයට එන එකය.

එහෙම වෙලා තියෙද්දිත් ගජබින්නාලංකාර plant කරන එකේ කෙළවරක් නැත.

පුබුදු උදයංග

SendShareShare
Previous Post

ටෙන්ඩරය දාපු තෙල් සමාගමෙන් නැතිව කොහේවත් යන සමාගමකින් ලංකාවට තෙල් නැවක් ඇවිත්! බාන්න බෑ කියලා දැනදැනත් තෙල් සංස්ථාව නැවෙන් තෙල් ගොඩබාගෙන! ටෙන්ඩර් කමිටුවත් විරෝධය පළ කරලා! නීතිපතිත් විරෝධය පළ කරලා! වැඩේ ගොඩින් ‌බේරගන්න ආයෙත් කැබිනට් පත්‍රිකාවක් දාන්න ලෑස්ති වෙයි!

Next Post

පුද්ගලිකයි… රහසිගතයි… CIA ලොක්කා ලංකාවට ආපු රහස් ගමන සියල්ල හෙළිවුණේ මෙහෙමයි…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.