• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටත් නොකියාම එළියට බැහැපු තුන් යාළු වික්‍රමය…

May 2, 2023
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කාටත් නොකියාම එළියට බැහැපු තුන් යාළු වික්‍රමය…
Share on WhatsAppShare on Facebook

අගහිඟකම් නම් කාට කාටත් තියෙනවා. ඔබටත් තියෙනවා. මටත් තියෙනවා. අපි හැමෝටම තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මිනිස්සුන්ට නැතිබැරිකම් කොච්චර තිබුණත් මිනිස්සු කොහොම හරි අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ජීවත් වෙනවා. ලොකුවට සල්ලි තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්න මිනිස්සුන්ට මේ කාලේ මිලියන ගණන්වලින් පාඩු වෙලා. සාමාන්‍යයෙන් සල්ලි තියෙන මිනිස්සුන්ට ලක්ෂ ගණන්වලින් පාඩු වෙලා. අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට දහස් ගණන්වලින් පාඩු වෙලා. දහස් ගණන් නැතිව ළතවෙන්න සිද්ධ වෙලා. එතකොට සාමාන්‍ය මනුස්සයාගේ සිට ලොකු මනුස්සයා දක්වාම ආර්ථිකය හෙලවිච්ච, ආර්ථිකය වෙනස් වෙච්ච, සල්ලි නැතිවෙච්ච කාලයක්නේ මේ ගතවෙලා යන්නේ. ඒක නිසා කවුරුත් මං ගාව සල්ලි නෑ කියලා දුක් වෙන්න හොඳ නෑ.

අපි දන්නවා පාසල් ශිෂ්‍යයා කියන කෙනා වැඩිමහලු වුණාට පස්සෙත් ලංකාවේ ශිෂ්‍යයෙක්. අවුරුදු 14, 15 වුණාම ඔවුන් ජීව විද්‍යාත්මකව වැඩිහිටියන් බවට පත්වෙන්න සූදානම්. හැබැයි අපි සූදානම් නෑ ඔවුන් වැඩිහිටියන් බව පිළිගන්න. ඒත් ඔවුන් කැමැති නෑ තවදුරටත් ළමයි බව පිළිගන්න. ඒක සාමාන්‍ය දෙයක්. ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතා නිර්මාණය වෙනවා. ඔවුන්ට අවශ්‍යතා හැදෙනවා. ඇඳුම් පැලඳුම් පාවහන්, ජංගම දුරකතන, බයිසිකල් මේවා මිලදී ගැනීමේ අවශ්‍යතාව ඔවුන්ට එනවා. ඉස්සර තිබුණේ මේවා අම්මලා තාත්තලා විසින් අරගෙන දෙන යුගයක්නේ. අම්මලා තාත්තා විසින් අරන් දුන්නු කාලය අවසන් වෙලා තමන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගැනීමේ කාලය නිර්මාණය වෙන්නේ අවුරුදු 15, 16 වුණාට පස්සේ. වෙන රටක නම් අවුරුදු 15ක්, 16ක් වුණාට පස්සේ මේ ළමයා වැඩිහිටියා බවට පත්වූ බව නිර්ණය කරලා ඔහුව සමාජය තුළ අතහරිනවා. හැබැයි අපි එහෙම කරන්න සූදානම් නෑ. අපි තවදුරටත් දරුවාව දරුවෙක් විදියට තියාගන්න උත්සාහ කළත්, වැඩිහිටියෙක් බවට පත්වෙච්ච ඔහුට තවදුරටත් ඒ භූමිකාව නිරූපණය කරන්න බැරි බවක් තමයි පේන්නේ.

මේ කතන්දරය නිවෙස්වලින් පලාගිය අවුරුදු 14, 15 වයස්වල දරුවෝ තුන්දෙනෙක් ගැන. ඔවුන් වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක ඉගෙන ගනිමින් සිටි අය බව තමයි කියැවෙන්නේ. මේ සඳහනේ නෑ ඔවුන් ඉගෙන ගත්ත පාසල මොකක්ද කියන එක. ඔවුන්ගේ මවුපියන් කම්කරුවන් ලෙස සේවය කළ අය බව තමයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා අපට හිතාගන්න පුළුවන් ඔවුන්ට විශාල ආර්ථික ශක්තියක් නොතිබුණු අය බව. හැබැයි කම්කරුවන් ලෙස සේවය කළ පමණින් ඔවුන් දුප්පතුන් යැයි ඉරිගසා වෙන් කිරීම සිදුකළ යුතු නැහැ. මට ඇත්තටම මේ කොටස කියවද්දී සිහිපත් වෙනවා නෝමන් හෙන්රි නීතිඥවරයා ලියපු ‘පාප ක්‍රිස්ට්’ කියන පොත. මේ පොතෙත් ඔහුගේ ආර්ථික ශක්තියක් නොමැතිකම සහ ඔහු ගම ඇතුළේ වින්ද වේදනාව, දුක තමයි කියැවෙන්නේ. අද ඔහු ඉන්නේ සැපවත් ජීවිතයක් ගතකරමින්. ඔහු එදා ඒ දුක විඳගෙන තමන්ගේ ජීවිතය අල්ලාගෙන හිටි හැටි ඔහු ඒ පොතේ ලියා තියෙනවා. දුක හිතෙන විදියට නෙවෙයි, හිනායන විදියට. පුළුවන් නම් හොයාගෙන කියවන්න ‘පාප ක්‍රිස්ටි’ කියන පොත. මම ඒක මේ වෙලාවේ කියන්න හේතුව තමයි ඔහුත් වෙන්නප්පුව, හලාවත ප්‍රදේශයේ ජීවත් වූ කෙනකු වීම. වෙන්නප්පුව හලාවත ප්‍රදේශයේ තියෙන පොදු ආර්ථික දුෂ්කරතාව මේ අයටත් බලපාන්න ඇති. හැබැයි ඒ ප්‍රදේශයේ කෝටිපතියොත් ඇති. නැතුවාම නොවෙයි. මොකද ඉතාලියේ පවුල් සබඳතා තියෙන විශාල පිරිසක් ඒ ප්‍රදේශයේ ඉන්නවා. නමුත් මේ කතාවට සම්බන්ධ දරුවන් යම් ආර්ථික අපහසුතාවකින් පෙළෙන්නට ඇති. ඒ නිසා ඔවුන් රැකියාවක් සොයමින් සිටි බව බොහෝ දෙනෙක් එහෙන් මෙහෙන් කනින් කොනින් කියනවා. කොහොම නමුත් තමන්ගේ සහෝදර ශිෂ්‍යයන් දෙදෙනකුත් සමග මේ සිසුන් තිදෙනා එකතු වෙලා නිවෙසින් පිටවෙලා යනවා. ඔවුන් පිටවෙලා යන්නේ කොහෙද කියලා දන්නේ නෑ. නමුත් දැනගන්න තියෙන්නේ ඔවුන් සංගීත සංදර්ශනයක් නැරඹීම සඳහා නිවෙසින් පිටව ගිය බව. එහෙම ගිහිල්ලා රැකියාවක් සොයමින් යන බව ඔවුන් ඔවුන්ගේ මිතුරන් දෙදෙනාටත් කියලා මිතුරන් දෙදෙනාත් සමග පිටවෙලා ගිය මේ තිදෙනා මේ ලිපිය ලියන මොහොත වන විට ආගිය අතක් නෑ. ඔවුන් පිළිබඳ ආරංචි සොයමින් පොලිසිය විසින් වෙහෙසෙන බව තමයි දැනගන්න තියෙන්නේ. කොහොම නමුත් සමහර විට වාසනාවකට මේ ලිපිය ඔබ කියවන මොහොත වන විට ඔවුන් ගැන ආරංචියක් ලැබිලා තියේවි. නමුත් මේ වගේ අනාරක්ෂිත ගමන් යෑමෙන් ඔබට සිද්ධ වෙන්නේ ඔබේ ජීවිතය අඩියක් පස්සට යෑමක් මිසක් අඩි ගණනක් ඉස්සරහට යෑම නොවෙයි.

අපි කතා පොත්වල කියවලා තියෙනවා අවුරුදු 14න් 15න් පිටවෙලා ඇවිත් ආර්ථික ශක්තියක් හදාගෙන, රටේ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙලා අද රටම හොල්ලන්න පුළුවන් මිනිස්සු බවට පත්වුණු අය ගැන කතන්දර ඉතා ස්වල්පයයි තියෙන්නේ. ඒ ජාතියේ කතන්දර 10ක්වත් අපට නෑ. ඒ ජාතියේ කතා තියෙන්නේ එකක් නැත්නම් දෙකක්. ඒ කතන්දර එක දෙක අපි ඇහුවට අපි නොඇසූ කතන්දර සිය ගණනක්, සමහර විට දහස් ගණනක් ඇති. ඒ කියන්නේ නිවෙසින් පිටව ඇවිල්ලා ජීවිතේ අවුල් කරගත්ත, ජීවිතේ පටලගත්ත මිනිස්සුන්ගේ කතන්දර. ඒ නිසා මතක තියාගන්න එහෙම ඇවිත් ජීවිතේ යම් විදියකින් ගොඩගිය මිනිස්සු කිහිප දෙනාගේ කතා විතරයි අපි ඔබට කියන්නේ. අපි කවදාවත් එහෙම නන්නත්තාර වෙච්ච, මරලා දාපු, හොරුන්ට මැරයන්ට අහුවෙච්ච, පාතාලයට සම්බන්ධ වෙච්ච කුඩුකාරයෝ, ගංජාකාරයෝ, අයිස්කාරයොත් එක්ක ගනුදෙනු කරන්න පටන්ගෙන ජීවිතේ නන්නත්තාර වෙලා ආයෙත් අඬාගෙන ගෙදර ගිය මිනිස්සුන්ගේ කතන්දර ලියලා නෑ. එහෙම කතා ලෝකෙට ඇහෙන්න කියලත් නෑ. ඒවා රහසේම මැකිලා යනවා. ඒ නිසා මතක තියාගන්න මේ විදියට මේ වගේ කතන්දර ගොඩක් අපේ ඉතිහාසයේ රහසේම මැකිලා යන්න ඇති. ඒ නිසා ඔබ හිතනවා නම් වීරයෙක් බවට පත්වෙන්න පුළුවන් බවට කියලා අවුරුදු 14දී 15දී ගෙදරින් පැනලා ගිහිල්ලා. ඒක එහෙම කරන්න ලංකාවේ බෑ. ලංකාවේ ඔබට වීරයෙක් වෙන්න පුළුවන් ප්‍රධානම පාර, නිරවුල්ම පාර, පහසුම පාර වෙන්නේ අධ්‍යාපනයේ පාරේ හැකි තරම් දුරට ගිහින්, ඒ දුරින් ඔබ නිවැරැදි පල ප්‍රයෝජන අරගෙන හරි තැනින් බැහැලා හැරිලා ගියොත් ඔබට ඔබේ ජීවිතේ වරදින්නේ නෑ. එහෙම නැතුව ෂෝට්කට්වලින් යන්න ගියොත් බොහෝ දෙනකුට සිද්ධ වෙන්නේ ජීවිතේ පටලවාගෙන අවුල් කරගන්න කියන එක මතක තියාගන්න ඕනෙ.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රටටම ආදර්ශයක්! ජන ගඟක් එක්ක මැයි රැළිය තිබ්බ ඒ.ඊ. ගුණසිංහ පිටිය සජබෙන් රෑම සුද්ද කරයි!

Next Post

ප්‍රකට දේශපාලන විචාරක දයාන් ජයතිලක කාලෙකට පසු දේශපාලන වේදිකාවකට නැගලා අතිශය වැදගත් විග්‍රහයක් කරයි! අහන්න..! ජනාධිපතිවරු ගැන ආණ්ඩු ගැන විතරක් නෙමෙයි මේ රටේ විපක්ෂය ගැනත් හොඳටම කියනවා! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.