පයාගල මගලෙගොඩ විහාරස්ථානයක ආවාස ගෙට ඇතුළුවු පුද්ගලයකු අල්මාරියක බහා තිබූ රුපියල් 23,000 කට ආසන්න මුදලක් සොරා ගන්නා අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.
විහාරාධිපතිහිමියන් විහාරස්ථානයේ වැඩ සිටින ආර්ථික අපහසුතාවයෙන් පෙළෙන සාමණේර හිමිවරුන් සිව්දෙනෙකුගේ දෙමව්පියන් සඳහා නිවාස සෑදීමේ වැඩ සටහනට වෙනුවෙන් දායකයන්ගෙන් එකතු කර තිබූ එම මුදල් මෙලෙස සොරාගෙන ඇති බව වාර්තා වේ.
මුදල් සොරා ගැනීමට පෙර සහ පසුව සැකකරු මාර්ගයේ ගමන් කරන අයුරු ද CCTV කැමරාවේ සටහන්ව තිබේ.
පයාගල පොලීසිය පරීක්ෂණ පවත්වයි.










