හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ ජල බිල්පත පියවීම සම්බන්ධයෙන්, ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් උපදෙස් ඉල්ලා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසට රුපියල් හතලිස් හය දහසක ජල බිල්පතක් ලැබී ඇති අතර, ඊට, එම නිල නිවස මීට පෙර භාවිතා කරන ලද පාර්ශ්ව විසින් නොගෙවා හරින ලද බිල්පත් ගාස්තුද ඇතුළත් ය.
එබැවින්, බිල්පත ගෙවීම සම්බධයෙන් උපදෙස් අවශ්‍ය බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී තිබේ.










