අලුත් අවුරුදු සමයේ අවුරුදු උත්සව පැවැත්වීම එදා ඉදන් කරන් එන වැඩක්.
ඒ අවුරුදු උත්සවවල මැරතන් තරග, ගම හරහා දිවීම, බයිසිකල් පැදීම, කනා මුට්ටි බිදීම, කොට්ට පොර ගැසීම, අලියට ඇහැ තැබීම, ග්‍රීස් ගහේ නැගීම, අවුරුදු කුමරිය කුමරා තේරීම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, විකට ඇදුම් තරග, අන්ධයාට කිරි කැවීම, ලොකුම හිනාව, ලොකුම බොරුව වගේ තරග තිබ්බා.
කාලයත් එක්ක මේ තරගත් දැන් අලුත් වෙලා.
කොච්චර අලුත් වෙලාද කියනවා නම් අපේකමත් නැති කරගෙන යන තරමට මේ තරග කුණුහරුප වෙලා.
පහළ තියෙන කෙටි වීඩියෝ දෙකේම තියෙන්නේ ඒ වගේ කුණුහරුප තරග කිහිපයක්.
මේවාට මෙහෙම තවදුරටත් යන්න දුන්නොත් ඉස්සරහට මොනවා වේවිද කියලා මේ වීඩියෝ බලලම තීන්දු කරන්න.










