• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීර හොයාගෙන වනමං දිගේ ඇවිදපු අපේ තිස්ස ගෙ අලුත් පොත අරගලයක සැඟවුණු කතා…

April 8, 2023
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
විජේවීර හොයාගෙන වනමං දිගේ ඇවිදපු අපේ තිස්ස ගෙ අලුත් පොත අරගලයක සැඟවුණු කතා…
Share on WhatsAppShare on Facebook

මම මේ කතා කරන්න සූදානම් වෙන්නේ ‘අරගලයක සැඟවුණු කතා’ නමින් මුද්‍රණය වුණු පොත ගැන. ඒ පොත ලියලා තියෙන්නේ තිස්ස කොරතොට. තිස්ස කොරතොට කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රකට මාධ්‍යවේදියෙක්. ඒ නිසා ‘අරගලයක සැඟවුණු කතා’ කියන මාතෘකාවේ අනු මාතෘකාවක් විදියට තිස්ස කොරතොට ගැනත් කතා කරන්න සිද්ධ වෙනවා. ඇත්තටම තිස්ස කොරතොට කියලා කියන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අපූරු මනුස්සයෙක්. ඔබට ඔහු එක වරක් හෝ මුණගැහිලා තියෙනවා නම් ඔබට දැනේවි ඔහු කොයි තරම් සැහැල්ලුවෙන් ජීවත් වෙන මනුස්සයෙක්ද කියලා. ජීවිතේ කොච්චර ලොකු දේවල් ඔහුගේ කර මත තිබුණත් ඔහු කොච්චර ලොකු මනුස්සයෙක් විදියට තනතුරු තාන්න මාන්න දැරුවත් ඉතා සරල විදියට ජීවත් වෙමින්, ඉතාම සරල විදියට ඇඳලා සාමාන්‍ය මනුස්සයෙක් විදියට සාමාන්‍ය මිනිස්සු අතර හැසිරෙන්න තිස්ස කොරතොට කියන මේ ප්‍රකට මාධ්‍යවේදියාට තියෙන්නේ පුදුම හැකියාවක්. කොච්චර බරපතළ දෙයක් වුණත් ඔහු හිනාවකින් උත්තර දීලා, ‘පිස්සු හැදෙනවා මල්ලි’ කියලා අමතක කරලා දාන්න සමත්. එහෙම මිනිස්සු හරිම අඩුයි.

මේ ඉර හඳ යට හැබෑ මිනිස්සු හොයාගෙන යනකොට අපට මේ අපූරු මනුස්සයව කිහිප වතාවක්ම මතක් වෙනවා. ඇත්තටම පත්තරකාරයෙක් විදියට ජීවිතේ බොහෝ මංකඩවල බොහෝ දෙනෙක් අස්සේ ලියුම්කරු ජීවිතේ හොයලා තියෙනවා. මේ ඉර හඳ යට දහස් ගණන් මිනිස්සු ඇසුරු කරන්න ලියුම්කරුට වාසනාව ලැබිලා තියෙනවා. ඈත මූදුකරේ, යාපනේ, පාළු දූපත් අස්සේ, මාළු බෝට්ටුවල, එල්.ටී.ටී.ඊ. යුද පිටියේ සටන් කරපු එල්.ටී.ටී.ඊ. නායකයෝ අස්සේ, එල්.ටී.ටී.ඊ. වෙද මහත්තුරු අස්සේ, කොළඹ කර්කශ මහපොළොවේ ගෙන්දගම් පොළොව අස්සේ ජීවිතේ එක්ක ගේම් ගහන මිනිස්සු එක්ක, පිටකොටුවේ සපත්තු කඩ අස්සේ, පිටකොටුවේ වීදි අස්සේ, පිටකොටුවේ ගණිකා නිවාස අස්සේ ලියුම්කරු ජීවිතේ හොයලා තියෙනවා. බොහෝ මිනිස්සු ඇසුරු කරන්න ලැබිච්ච එක වාසනාවක් වගේම ඒ මිනිස්සු අස්සෙන් හොඳ මිනිස්සු, නරක මිනිස්සු තෝරගන්න අඩිකෝදුවක් හදාගන්න පුළුවන් වෙච්ච එකත් අපූරු දෙයක්.

තිස්ස කොරතොට කියන අපූරු මනුස්සයව මේ සියලු දෙනා අතරට දාලා මැනලා කිරලා ගත්තොත් දැනෙන්නේ ඔහු මේ හැම මිනිහෙක්ටම වඩා වෙනස් කෙනෙක් කියන එක. තිස්ස කොරතොට කියලා කියන්නේ පත්තර ජීවිතේ ඇතුළේදී ලියුම්කරුව නිර්මාණය කරන්න විශාල දායකත්වයක් සැපයූ කෙනෙක්. ඒ නිසා ඒ ගෞරවය හැම වෙලාවෙම ලියුම්කරු සතුව තියෙනවා. ‘මව්බිම’ පත්තර කන්තෝරුවේ විශේෂාංග කර්තෘවරයා විදියට රාජකාරි කරන අතර, පොඩි උන්ට ගහලා බැණලා තළලා පොඩි කරලා නොදා, ඒ පොඩි උන්ව නිර්මාණය කරන්න තිස්ස කොරතොටට තිබුණේ පුදුම හැකියාවක්. ඔහු බින්දු මාත්‍රයකින්වත් අනිත් එකාට ඉරිසියා නොකර, ඌ හැදෙන දිහා බලාගෙන සතුටු වෙන්න පුළුවන් විදියේ මනුස්සයෙක්. ඒ නිසා තිස්ස කොරතොට කියන කතුවරයා ගැන කතා කරන්න කලින් තිස්ස කොරතොට කියන මනුස්සයා ගැන ටිකක් කතා කරන්න හිතුණා.

මේ ලිපිය ලියන්න තීරණය කරන්නේ බොහෝ කරුණු කාරණා එක්ක. ඒ අතර අපේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කරන, ඒ වගේම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා වන තුෂාර ගුණරත්න මහත්තයා මේ ලිපිය ලියන්න කලින් ඔහු ගැන මට අපූරු කතාවක් කිව්වා. මෙය ලියන්න කියලා යෝජනා කරන්නෙත් ඔහුමයි. තුෂාර මහත්තයා කියන විදියට තිස්ස කොරතොට ‘මව්බිම’ පත්තරේට රැකියාවට එන්න ඉන්ටර්විව් එකට එන දවස ඔහුට තාමත් මතකයි. එදා තුෂාර ගුණරත්න, උපුල් ජෝෂප් ප්‍රනාන්දු ඇතුළු පිරිස ‘මව්බිම’ පත්තරේ ටයිප් සෙටින් අංශයේ ජී.එම්. සේනාරත්න මහත්තයත් එක්ක මේස පුටුවල වාඩිවෙලා අලුතින් පත්තරේට එකතු වෙන මාධ්‍යවේදීන්ව ඉන්ටර්විව් කරනවා. එතකොට තමයි අපූරු මනුස්සයෙක් මේ අය අතරට එන්නේ. තුෂාර මහත්තයා කිව්වේ, ‘අපි ඉඳගෙන ඉන්නකොට කවුද මනුස්සයෙක් අපි ඉන්න තැනට ආවා. ඔහුගේ නම කිව්වත් මට ඒක ඒ තරම් හුරුවක් තිබුණේ නෑ. හැබැයි පේපර් කටින්ස් ටිකක් එහෙමත් අරගෙනයි එයා ආවේ. ඔහු කිව්වා මම තිස්ස කොරතොට, මේ තියෙන්නේ මම ලියපුවා කියලා. ඒ වෙලාවේ උපුල් මට කිව්වා මේ මාර ස්ටයිල් එකක් තියෙන මිනිහෙක්. මිනිහව අපි ගමු කියලා.’ උපුල් ජෝෂප් ප්‍රනාන්දු කිව්වා වගේම තුෂාර ගුණරත්න මහත්තයා තිස්ස කොරතොටව පත්තර රස්සාවට ගත්තා.

මේ කතාවේ ඉතිරි කොටස ඔහු කියපු විදියටම මම කියන්නම්. ‘අපි තිස්සව රස්සාවට අරගෙන තනතුරු දෙන එක ගැන තීරණය කළා. තනතුරු දෙන අතරදී අපි තීරණය කළා තිස්ස කොරතොටව විශේෂාංග කර්තෘවරයා විදියට බඳවා ගන්න. අපි තිස්සට කිව්වා තිස්ස ඔයාව තමයි විශේෂාංග කතුවරයා විදියට අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට තිස්ස දුන්නු උත්තරේ තමයි මම ඒකට සුදුසු නෑ කියන එක…’ ඒ කියන්නේ තිස්ස කොරතොට තනතුරුවලින් ඉදිමෙන මිනිහෙක් නෙවෙයි. තනතුරක් වෙනුවෙන් ජීවිතේ බොහෝ දේ පරිත්‍යාග කරන මිනිහෙකුත් නෙවෙයි. තනතුරක් ලැබුණට පස්සේ ඒක තමන්ට ලැබුණු ආභරණයක් විදියට පැනලා අරගෙන බෙල්ලේ දාගත්ත මිනිහෙකුත් නෙවෙයි. සාමාන්‍ය විදියට තනතුරක් අවශ්‍ය නෑ, මම මගේ රස්සාව කරගෙන ඉන්නම් කියලා කියපු මේ අපූරු මාධ්‍යවේදියා තමයි මේ පොත ලියලා තියෙන්නේ. ඒ වගේම තිස්ස ඒ තනතුරට හැමදාමත් සාධාරණය ඉෂ්ට කළා.

ඔහු ගැන කිව්වා වැඩී කියලා හිතෙනවා නම් සමාවෙන්න. මේ පොත කියවලා බලන්න. එය රෝහණ විජේවීරගේ ජීවිත කතාව අලළා ලියලා තියෙන අතිවිශිෂ්ට ග්‍රන්ථයක් කියලා අපට හිතෙනවා. ඒකට හේතුව තමයි රෝහණ විජේවීරයන් සම්බන්ධව බොහෝ පොතපත ලියවී තිබෙන බව ඇත්ත. ඒ බොහෝ පොතපත අතර අපි දකින්නේ නැති ලක්ෂණ කිහිපයක් මේ පොතේ දකින්න ලැබෙනවා. ඉන් එකක් තමයි රෝහණ විජේවීරයන්ගේ ජීවිතේ යම් යම් කොටස් උඩින් පල්ලෙන් අතගා, සියල්ලන්ම දන්නා කතා විවිධාකාරයෙන් ලියා තිබෙන පොත්වලට අමතරව රෝහණ විජේවීරයන් සම්බන්ධයෙන් අප කිසි දින නොඇසූ කතා බොහොමයක් මේ පොතේ තිබෙනවා. ඔහුගේ වනගත ජීවිතය, ඔහු තැන් තැන්වල ගතකළ ආකාරය ගැන තිස්ස කොරතොට ලියන්නේ හරිම අපූරු ශෛලියකින්. කොච්චර ලස්සනට ඔහු ලියලා තියෙනවද කියනවා නම්, මේ පොත කියවද්දී අපට හිතෙන්නේ එය රෝහණ විජේවීරයන්ගේ චරිතය අලළා ලියැවුණු නවකතාවක් විදියට. හැබැයි මතක තියාගන්න ඕනේ. මේක කිසිසේත්ම නවකතාවක් නෙවෙයි. මේක හැබෑ ජීවිත කතාවක්. ඉතා ඛේදනීය අවසානයකින් නිමා වූ නමුත් මේ ජීවිතේ බොහෝ තැන්වල යථාර්ථය දකින්න ඔහුට පුළුවන් වුණා කියලයි අපට හිතෙන්නේ. ඉතින් තිස්ස කොරතොට කියන අපූරු මාධ්‍යවේදියත් එක්ක ඔබට පුළුවන් මේ පොත අස්සේ වසර ගණනක් රවුම් ගහන්න. ඒ අකුරු අස්සේ ඔබට හිතාගන්නවත් බැරි තරම් සුන්දරත්වයක් දකින්න ලැබෙයි.

මට මේ පොත පේන්නේ රතු පාටට නෙවෙයි. මේක දේදුන්නක් වගේ. පුදුම විචිත්‍රවත්. ඔබ මේ අස්සෙ පාට හොයන්න වෙහෙස වෙන්න එපා. මේක කිසිසේත්ම දේශපාලනික ලියවිල්ලක් නෙවෙයි. මේ පුරාවෘත්තයක සාක්ෂි සටහනක්. ඉතිහාසයේ ඉරිතැළුණු තැන් පුරුද්දා අනාගතයට ගැළපෙන පරිදි හදාගන්න පුළුවන්ද නැද්ද කියන එක දන්නෙ ඔබ.ඒත් මේ හැම ගහක, වැලක, ගුරු පාරක, ගලාබහින ඇළ පාරක, වෙල් දෙණියක, බඩවැටියක ඔබ ඔබටම නොකියූ රහසක් හැංගිලා ඇති. ඒ නිසා කියවන්න තිස්ස කොරතොටගෙ මෙන්න මේ පොත.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්ද හිටපු ගෙදර ගෝඨා ගනී! යතුරත් අතට අරන්! EXCLUSIVE

Next Post

රනිල්ට ජනාධිපතිවරණය තියන්න බෑ! කියන්නෙ මැතිවරණ කොමිසමේ හිටපු ලොක්කා!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.