“අපි උත්පත්තියෙන්ම දුප්පත් මිනිස්සු මල්ලි, නංගිලා මල්ලිලා ජීවත් කරන්න ගස් ගෙඩි කැඩුවා… දවසට එකයි හැත්තෑ පහේ කුලියට මහියංගණේ ගිහිල්ලා ගල් ඇද්දා… බැරිම තැන හමුදාවට බැඳුණා… ඒත් නීතිය අකුරටම ඉෂ්ට කිරීමේ වරදට එතනිනුත් එන්න වුණා… ඊට පස්සේ රෙදි බිස්නස් කළා… ඔය අතරවාරේ දි හම්බවෙච්ච සුගතපාල සෙනරත් යාපා මහත්තයා නිසා නළුවෙක් වුණා..”
අප කතා නායකයා 70 දශකය අගභාගයේ දී “අහස් ගව්ව” සිනමා විචාරය සඳහා “ආනන්දය” ට පැමිණි මොහොතක, ශිෂ්‍ය අප වටකරගෙන පැවසූ වදන්, අදත් මගේ දෙසවන් සහ දෙනුවන් තෙත් කරමින් ගංගාවක් සේ ගලා බසී.
රංගනයෙන් මෙන්ම නිරහංකාර කමින් ද අගතැන්පත් “කලං” අයියාගේ අවසන් රුව, සජීවී සැමරුමක් ලෙස තබා ගන්නට මට වාසනාව නොතිබුණ ද නිසැකවම, කමිසයේ උඩ බොත්තම නොදමා නිරාවරණය කර තබනු ඇතැයි විශ්වාස කරන ඔහුගේ දේහය මනසින් චිත්‍රණය කර ගනිමි.
එයයි, තරුණ අප වශී කළ හෘදයාංගම “කලං” ලකුණ.
ආදරණීය කලං අයියේ,
අපිට වගේ ඔයාට නම් පාළුවක් දැනෙන එකක් නැහැ….සමීපතම මිත්‍රයා විජය කුමාරණතුංග, කොස්තා ඇතුළු සෙට් එකම, අහස් ගව්වවෙන් එපිට දී ඔබ හමුවෙනවා ඒකාන්තයි…!!










