• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටට සහ ආර්ථිකයට මොකද වෙන්නේ? තෙල් මිල අඩු වැඩි කරනවාට වඩා අරමුදලක් පටන්ගන්න! සජබ ආර්ථික විශේෂඥයන් පැහැදිලි කරයි! VIDEO

March 29, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
මේවට රැවටෙන්න එපා සහෝදරවරුනි…! එහෙම හිතලා දුන්නොත් අපි ඉවරයි! පත්තරයක් වේදිකාවට අරන් ඇවිත් ආචාර්ය හර්ෂ මහා ජනකායක් ඉස්සරහ කියපු දේ! VIDEO
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක කාර්යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාය.

හර්ෂ ද සිල්වා මහතා…

අද පෙට්ට්‍රල් ඩීසල් මිල අඩු කළා කියලා ප්‍රවෘත්තියක් පළ වෙලා. මංගල සමරවීර මැතිතුමා පෙට්රල් මිල සූත්‍රය ඉදිරිපත් කරනකොට බලාපොරොත්තු වුණේ වෙළෙඳ පොළේ මිල උච්චාවචනය වෙනකොට පාරිභෝගිකයාට ඒ සහනය ලැබිය යුතු අවස්ථාවේදී සහනය ලබා දෙන්නත් ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යනකොට යම්කිසි ප්‍රමාණයක් පාරිභෝගිකයින් ලබා ගැනීමටත් විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක්.

මෙහිදී අපි දකින්නේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ වැටෙන නිසා සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වන නිසා පාරිභෝගිකයාට මේ අවස්ථාවේදී යම් කිසි සහනයක් රජයට දෙන්න හැකියාවක් තියෙනවා.ඒ නිසා ඒ අවස්ථාව රජය විසින් පාරිභෝගිකයාට ලබා දීලා තියෙනවා මෙතන උච්චාවචනය අපි දකිනවා මෙවර රු 135 කින් අඩු වෙලා තියෙනවා ඔක්ටේන් 95 .රු 100 කින් සමහර ඒවා රුපියල් 80 කින් අඩු වෙලා තියෙනවා. මෙතැනදි අපි අදහස් කරන්නේ ස්ථායිකරණ අරමුදලක් පටන් ගත්ත නම් යම්කිසි විදියකට උච්චාවචනය අවම කරගන්න හැකියාවක් තියෙනවා. මේ මාසයේ වැඩිපුරම අඩු කරල තියෙන්නේ ඔක්ටේන් 95 රු135කින් එන මාසයේ මේක රු 135කින් වැඩි කරල වැඩක් නැහැ .යම්කිසි සීමාවක් තුළ රජය පාරිභෝගිකයන්ට සහනය ලබා දෙන ගමන් අරමුදලට යම්කිසි කොටසක් තියාගන්න පුළුවන් මොකද එන මාසයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියොත් ආපහු මේක විශාල ලෙස වැඩි කරනවා වෙනුවට ස්ථායිකරණ අරමුදලෙන් යම්කිසි ප්‍රමාණයක් රජය විසින් දායක වෙන්න පුළුවන් පාරිභෝගිකයාට සහනයක් වෙන්න. එහිදී අපි දකිනවා මේක ධනාත්මක දෙයක් විදියට නමුත් මෙය තව දුරටත් පාරිභෝගිකයාට දෙපැත්තටම ඉහළට යන කොටත් සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් අපි ආණ්ඩුවට කියනවා ස්ථායිකරණ අරමුදල වහාම පටන් ගන්න කියලා.

දැන් ඛනිජ තෙල් සංස්ථාවට අයිති පෙට්රල් ෂෙඩ් විශාල ප්‍රමාණයක් අලුතෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ආයතන වලට ලබා දෙන්න යනවා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා.ඒ හරහා ළඳපොළේ තරගකාරිත්වය ඉහළ දාන්න හැකියාවක් පවතිනවා .එහිදී බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාගේ කාර්යක්ෂමතාව ඉහළ ගිහිල්ලා පාරිභෝගිකයාට යම් සහනයක් ලබා දෙන්න. ඇත්තටම shell කොම්පැණිය, xsone කොම්පැණිය, eso කොම්පැනිය මේ රටේ ඉස්සර කාලයේ තිබුණා. ඒ කට්ටිය මෙතනින් අල්ලලා එලියට දැම්මා. ඒ එලියට දාපු කට්ටිය තමයි පස්සේ සිංගප්පූරුවේ ගිහින් සිංගප්පූරු ආසියාවේ තෙල් පිළිබඳව කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කළේ. ඒක බොර තෙල් බින්දුවක් වත් නැති සිංගප්පූරුව singapore ප්ලැට්ස් කියන ප්‍රධානම තෙල් වෙළදාමේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා තෙල් පිරිපහදු ගොඩනඟලා තෙල් ආශ්‍රිතව සහ සිංගප්පූරු වරාය ආශ්‍රිතව තෙල් කේන්ද්‍රස්ථාන ගත වූ විශාල සංවර්ධනයක් සිංගප්පූරුවේ ඇති වුණා. උදාහරණයක් හැටියට xzone මොබිල් කියන පිරිපහදු කොම්පැණියෙ ටෙක්ස්ස් වල තියෙන පිරිපහදු වලට වඩා ලොකු පිරිපහදු සිංගප්පූරුවේ තියෙනවා. එහිදී අපි යම්කිසි දෙයක් වෙච්ච සිද්ධියෙන් ඉගෙන ගත්ත නම් අපිට මේ කරන්න යන දේ හරහා පුළුවන් වෙන්න ඕන නැවතත් ලංකාවට ආයෝජකයන්ගේ පැමිණීම තවදුරටත් ශක්තිමත් කරන්න අපි කවුරුත් දන්නවා ණය අරගෙන ණය අරගෙන රටක් දියුණු කරන්න බැහැ එහෙම නම් ආයෝජන අවශ්‍ය වෙනවා ආයෝජන ලබාගන්න වෙළඳපොලේ අවස්ථාවක් ලබා දෙන එක පිළිබඳව අපිට ධනාත්මකව බලන්න සිද්ධ වෙනවා.අපිට මූලිකවම කාරණා දෙකක් තියෙනවා. පාරිභෝගික පැත්තෙන් මේ තරගකාරීත්වය නිසා සෙතක් වෙනවාද නැද්ද කියන එක වගේම අනිත් පැත්තෙන් රජයේ ආයතනයක් හැටියට ඛණිජ තෙල් සංස්ථාව පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච ලාභ පාඩු පිළිබඳ විශ්ලේෂණය කරන කොට හැම අවුරුද්දෙම වගේ විශාල පාඩු සහිතව ක්‍රියාත්මක වෙච්ච ආයතනයක් නිසා බොහෝදෙනාගේ මතයක් තිබුණා ප්‍රතිව්යුහගත කිරීම සිදුවිය යුතුයි කියලා. නමුත් මෙතැනදි කාරණා කිහිපයක් අපි මතක තියාගන්න ඕන එකක් තෙල් මිල ඉතාමත්ම සීග්‍රයෙන් ඉහල ගියා. එසේ ඉහළ ගියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීමට වඩා තෙල් මිලෙහි තිබිච්ච සහනාධාරය ඉවත් කිරීම නිසා තමයි තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගියේ.නමුත් රජය එක පැත්තකින් සහනාධාර ඉවත් කරාට අනෙක් පැත්තෙන් ඒ සහනාධාරයෙන් ලැබිය යුතු පුද්ගලයන්ට අවශ්‍ය මුදල් අතට ලබාදීම සිද්ධ කළේ නැහැ ඒ නිසා තමයි බොහෝ දෙනාට තෙල් මිල ඉහළ යාමත් සමග තමන්ගේ ආර්ථිකයට සෘණාත්මකව බලපෑමකට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒක IMFඑක කරාද නැත්නම් කළ යුතු දේවල් රජය විසින් කරාද කියන එකට වඩා මම හිතන්නේ අපි අවධානය යොමු කරන්න ඕන දෙවැනි දේට. අපි රජයක් හැටියට කාර්යක්ශම ආර්ථික වැඩපිළිවෙලක් කොහොමද ඉස්සරහට ක්‍රියාත්මක කරගෙන යන්නේ කියලා.

දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම්කිසි එකගතාවයකට ඇවිත් තියෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ හෝ ගත කිරීම් කරන්න හැබැයි අමතක කරන්න එපා මේකෙ තියෙන එක වැදගත් කාරණාවක් තමයි ආයතනික පාලනය සහ ය වංචාව නැවැත්වීම සම්බන්ධව තියෙන කොන්දේසි.ඔවුන් දිගින් දිගටම කිව්වා අවධාණමක් තියෙනවා දූෂණය ගැන එහිදී මේ දූෂණයට ඉස්සරහට තියෙන අවදානම අඩුකර ගන්නේ කෙසේද, මේ දවස් වල සමීක්ෂණයක් කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ඇවිත් තියෙනවා .ඔවුන් සමඟ දීර්ඝ සාකච්ඡා කළා. එහිදී අපේ මතය ඔවුන් විමසා සිටියදී අපි සෘජුව ඔවුන්ට ප්‍රකාශ කළේ එක පැත්තකින් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න එකඟ වෙනවා නම් රජය සූදානම් විය යුතුයි දූෂණය වංචාව නාස්තියට තියෙන අවකාශය අවම කරන්න. ඒකට කළ යුත්තේ මොනවද, උදාහරණයක් හැටියට මේ රටේ බොහෝ දෙනාගේ තියෙන මතය අපි පිළිගන්න එක කොච්චර අලුත් නීති දැම්මත් ඇති වැඩක් නැහැ ඒ නීති ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එහිදී මේ දූෂණ වංචා වෙච්ච අවස්ථා පිළිබඳව පිටරටවල් වල පුද්ගලයන්ට නඩු දාලා වැරදිකාරයන් වෙලා තියෙනවා අපේ රටේ ඒ පුද්ගලයන්ට කිසිම විදිහක නීතිය ක්‍රියාත්මක වී නැහැ. ඒ නිසා IMF එකට ඉතාමත්ම ලොකු වගකීමක් තියෙනවා මේ වැඩපිළිවෙළ ඉස්සරහට අරගෙන යනවා නම් රජය බාර ගන්න ඕන පලවෙනි ණය වාරිකය දුන්නට පස්සෙ ඊළඟ වාරිකය දෙන්න කලින් රජය විසින් නොයෙකුත් දේවල් ඉටු කරන්න ඕන. ඒවා ආර්ථික කළමනාකරණය පැත්තෙන් විතරක් නෙමෙයි දූෂණය වංචාව වැළැක්වීම සඳහා රජය ගන්නා පියවර ඒකට ඇතුළු වෙන්න ඕන එහෙම නැතුව වංචාව දූෂණය අපි පසුව බලාගන්නම් ඊට ඉස්සරවෙලා ආර්ථිකය ප්‍රතිසංස්කරණය කරන්න ඕන කියන තැන ඉන්න බැහැ කියන එක තමයි අපි දැඩිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවධාරණයක් කලේ.තවත් එක දෙයක් අපි කිව්වා පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න ඕන කියනවා හැබැයි පාර්ලිමේන්තුව කිසිම විදියකට මේ වැඩපිළිවෙල කුමක්ද කියන එක සම්බන්ධයෙන් එය අත්සන් කරන්න කලින් සාකච්ඡා කළේ නෑ. අවම වශයෙන් මුදල් කාරක සභාවේ වත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නෑ. ඇත්තටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඒ පිළිබඳ දැඩි විරෝධය ඊයේ ඉදිරිපත් කරා. එතනදී අපි කියා සිටියේ සහ දැන් කියන්නෙත් මේක My way හෝ High way වගේ බෑ මොකද පිටු 155ක් තියෙනවා මේ වාර්තාවේ යම් දේවල් සම්බන්ධයෙන් අප එකගතාවය තියෙනවා. මොකද අපි පිළිගන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපකාරයන් මේ අවස්ථාවේදී අවශ්‍ය වෙනවා කියලා. නමුත් ඒකෙන් අපි කිසි විදියකට 100% මෙහි තියෙන සියලු දේවල් වලට එකඟ වෙනවා කියලා. අපිට කියන්න බැහැ ඒ නිසා අපි ඔවුන්ට කිව්වේ මේ ප්‍රජාතන්ත්‍රවාදී රට එම රටේ මේවා ක්‍රියාත්මක කරන්න නම් යම්කිසි සංශෝධන ඉස්සරහට සිද්ධ කරන්න වෙනවා මොකද මේකෙ තියෙන සියලුම දේට එකඟ වෙන්නත් නොවෙන්නත් අපිට හැකියාවක් නැහැ මෙහි සාධනීය කාරණා තියෙනවා නමුත් වෙනස් විය යුතු කාරණා තියෙනවා ඒ නිසා අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා කියලා සහ මෙහි තියෙන යම්කිසි එකගතා වෙනස් කරන්න වෙනවා කියන එකත් අපි ඔවුන්ට සෘජුව සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක දාපු ගිවිසුමේ පිටු එකසිය පනස් ගානක් තියෙනවා.නමුත් මේකේ යොදවල තියෙනවා රජය කරල තියෙන දේවල් සහ කල යුතු දේවල්.එහි 108 පිටුවේ තියෙනවා පාර්ලිමේන්තුවට අනුමත කරන්න කියලා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකතුවෙලා පිළියෙල කරල තියෙන පනත .ඒ සඳහා දිනයකුත් දාලා තියෙනවා එය අප්‍රේල් අවසානයට ප්‍රථමයෙන්.

මේ වන විට පාර්ලිමේන්තුවට මහ බැංකුව පනතක් ඉදිරිපත් කරලා තියෙනවා.එය තවමත් වාද විවාද කරලා නැහැ. මහ බැංකුවක් ස්වාධීන වෙන්න ඕන වගේම වගකිවයුතු මහ බැංකුවක් විය යුතුයි. මේක ස්වාධීන නැති නිසා තමයි අද අපි මේ අර්බුදයට මුහුණ දෙන ප්‍රධාන එක හේතුවක් මොකද ආණ්ඩුවෙන් අයවැයක් ඉදිරිපත් කරනවා එහිදී කියනවා අපි මේ මේ දේවල් වලට වියදම් කරගෙන යනවා පසුව අයවැයේදී ආදායම් පැත්ත බලනවා. ආදායම නැහැ වියදම් කරන්න නමුත් ආණ්ඩුව තීරණයක් ගන්නවා ඒත් අපි වියදම් කරනවා කියලා ඉන්පසු මහ බැංකුවට කියනවා ඕගොල්ලො මුදල් අච්චු ගහලා හරි දෙන්න ඕන කියලා ඒහිදී මහ බැංකුවේ මුදල් අච්චු ගහල දෙනවා අන්තිමට බඩුමිල වැඩි වෙලා උද්ධමනය කඩාගෙන යනවා සාමාන්‍යයෙන් මුදල් අච්චු ගහන්නෙ සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදනයෙන් වැඩි වීමට සමාන්තරව නමුත් එහෙම නෙමෙයි මේගොල්ලන්ට දළ දේශීය නිෂ්පාදනය නෙමෙයි සැලකුවේ ඒගොල්ලන්ගෙ අවශ්‍යතාවය පිරිමහගන්න මුදල් අච්චු ගහන්න. එහිදී මහ බැංකුව ස්වාධීන නැහැ අවශ්‍යතාවයට අනුව මහ බැංකුවට පත්කරගන්නවා පිටින් ආපු කෙනෙක් අධිපති හැටියට.එතුමා ගෙනියන්නේ පත් කරපු අයගේ න්‍යාය පත්‍රය. ඒකෙන් තමයි සම්පූර්ණයෙන්ම අපට වැරදිලා තියෙන්නේ .අනිවාර්යෙන්ම මහ බැංකුව ස්වාධීන විය යුතු මූලධර්මය හරි නමුත් වගකිවයුතු මහ බැංකුවක් වෙන්න ඕන මේ අලුත් පනතේ ධනාත්මක කරුණු දෙකක් තියෙනවා එකක් තමයි මුදල් අච්චු ගහන්න දෙන්නේ නැහැ. මුදල් අවශ්‍ය නම් ප්‍රාථමික වෙළඳපොළෙන් ගන්න බැහැ දෙවෙනි වෙළඳපොලෙන් ගන්න පුළුවන්. ඒක ධනාත්මක දෙයක් මොකද හිතු පළියේ මුදල් ඇමතිතුමාට හරි අගමැති කෙනෙක් හරි ජනාධිපති කෙනෙක් හරි මණ්ඩලයට මුදල් අච්චු ගහන්න බැහැ .මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශ ලේකම් සිටියත් එතනින් එයා අයින් කරලා තියෙන්නේ හොඳයි මණ්ඩලයෙ ඡන්දයක් නැහැ. අපිට කියන්න පුළුවන් හරි ස්වාධීන කිරීම පැත්තෙන් එක ධනාත්මකයි ඊට පස්සේ සාමාන්‍යයෙන් රජයේ ආයතනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන budject එක ඒක මහ බැංකුව කරන්න අවශ්‍ය නැහැ. ඒ නිදහසත් මේ පනතෙන් ලබාදීලා තියෙනවා ඒක ධනාත්මක පැත්ත. නමුත් ඒ වගේම සෘනාත්මක පැති කිහිපයක මෙහි තියෙනවා එය නිරාකරණය කරගන්න ඕන මෙහිදී මුදල් මණ්ඩලයක් තියෙනවා බෝඩ් එකක් තියෙනවා හත් දෙනෙක්ගෙ මුදල් මණ්ඩලයටත් එකතු කරලා ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි මොකද Gowernin බෝඩ් එකේ වැඩ පිරිසක් පත් කරන්න පුළුවන් ඇමති වරයාට. එහිදී ඉබේටම දේශපාලනිකරණය වෙනවා පසුව ඒ අය ඒ හරහා මුදල් මණ්ඩලයටත් දාගන්නවා .ඉතින් මේක ස්වාධීනයි කියලා අපි කිව්වට පත් කිරීම් වලදී ස්වාධීන වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒ ගැන හුඟක් ප්‍රවේශම් වෙන්න ඕන. පත්වීම් ගැන සුදුසුම ස්වාධීන ක්‍රමවේදයක් තියෙන්න ඕන. මුදල් මණ්ඩලය ගත්තොත් නාමයෝජනා යොදවලා ව්‍යවස්ථාදායක සභාව හරහා තමයි පත්කර ගන්න වෙනවා හොඳම ක්‍රමයක් එහි වෙනසක් කළ යුතුමයි මොකද එක පැත්තකින් ස්වාධීනයි කියනවා අනිත් පැත්තෙන් වක්‍රව දිනපතා ක්‍රියාවලියට මහ බැංකුවේ ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්.

ඒ වගේම අපි දන්නවා අධිපති පත්කිරීමේදී කාලසීමාවක් තිබුණා අවුරුදු හයයි දෙවතාවක් තමයි ඉන්න පුළුවන් වැඩිම වුනොත් අවුරුදු 12 ඒක පාලක මණ්ඩලයට බලපානවා නමුත් ඒකෙ පැහැදිලිව ප්‍රකාශ කරලා නැහැ මේ පනතේ මහ බැංකුවේ අධිපති ඊට බලපානවා කියලා මම හිතනවා අධිපති කාලසීමාවක් සීමා කරන්න ඕන ඊට අමතරව නියෝජ්‍ය අධිපති පත් කරන්න පුළුවන් කියලා තියෙනවා ඒ පත් කිරීම් වලදී මුලධර්මය අනුගමනය කරන්න සුදුසුම පුද්ගලයා එතැනට පත් කිරීමට මහ බැංකුවට වගකීම් දෙකක් තියෙනවා එකක් උද්ධමනය පාලනය කිරීම දෙවැනි වගකීම මූල ක්ෂේත්‍රය ස්ථාවරභාවය පවත්වාගෙන යෑම එහිදී මූලිකත්වය ගන්න ඕන උද්ධමනය පාලනය කිරීම ඒ පනතේ සඳහන් කරනවා මුදල් ඇමැති තමා සහ මහ බැංකුවේ අධිපති හා මහ බැංකුව එකඟ වෙන්න ඕන සෑම අවුරුද්දකම එය ගැසට් එකකින් දන්වන්න ඕන එහිදී ආර්ථික විද්‍යාවේ ක්‍රම තියෙනවා නමුත් මෙහි තියෙන ක්‍රමය ට යනවනම් එකඟත්වයක් නැත්නම් මොනවද කරන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් පනතේ නැහැ කඟත්වයක් තියෙනවා කිව්වොත් මහ බැංකුව වගකීමක් තියෙනවා අවම වශයෙන් හැම කාර්තුවේම ප්‍රකාශ කරන්න ඕන කොහොමද උද්ධමනය පවතින්නේ ද නැද්ද කියලා සමහර වෙලාවට මුලින් එකඟ වෙනකොට කියන්න පුළුවන් margin එකක් තියෙන්න පුළුවන් එයට එකඟ වෙන්න පුළුවන් කොහොමද කරන්නේ කියලා. ප්‍රශ්නය තියෙන්නේ අපි කියමු මහ බැංකුවට මේක කරන්න බැරි වුණා කියලා එහෙම නම් අනිවාර්යෙන්ම කවුරු හරි කියන්න ඕන කොහොමද එහෙම වුණේ කියලා. ඒ පිළිබඳවත් පැහැදිලි නැහැ අලුත් පනතේ. ඉතින් අපි මූලධර්මයක් විදියට පිළිගන්නවා මහ බැංකුව ස්වාධීන වෙන්න ඕන නමුත් වගකියන බැංකුවක් වෙන්නත් ඕනේ දැන් තියෙන පනත තියෙන විදියටම පිළිගන්න බැහැ මීට වැඩිය ස්වාධීන පනතක් 2019දී පිළියෙල කරා මම දන්නේ නැහැ ඇයි ඒ පනත ඉදිරිපත් කරේ නැත්තෙ කියලා ඒ ගැන බැලුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තියෙනවා ඉදිරිපත් කරන්න යන්නේ මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වෙච්ච පනතක් කියලා. මම දන්නේ නැහැ අපිට දීලා තියෙන එක එහෙම එකක්ද කියලා. නමුත් එහෙම නම් ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා දැම්මම අපි මේ ගැන කතා කරාට පාර්ලිමේන්තුවෙ මේ ගැන සාකච්ඡා වෙලා නෑ. මේ සම්බන්ධයෙන් අපි වාද විවාද කරලා වෙනස්වීම් කරන්න ඕන මොකද අපි ගොඩනගන්න ඕන අරගලයේදී ආපු සිස්ටම් චේන්ජ් එක.සමගි ජන බලවේගය ඉන්නේ පුද්ගලයන් දිහා බලන්න නෙමෙයි අපි ගොඩනගන්නේ චින්තනයක් කණ්ඩායමක් මොකද රජයක් ඉදිරියට යන්න නම් අවුරුදු හතළිහක පාඩම චින්තන ප්‍රතිපත්ති යම් මොකක්ද කණ්ඩායමක් තියෙනවද ඒක කරන්න ඒ නිසා තමයි අපේ නිතරම කියන්නේ සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායම දිහා බලලා සමගි ජනබලවේගය ප්‍රතිපත්ති දිහා බලලා තමයි තීරණ ගන්න ඕන කියලා .

SendShareShare
Previous Post

සජබ ආර්ථික කමිටුවේ හර්ෂ-කබීර්-ඉරාන් එක්ක සජිත් The BLUE PRINT අරන් ගාල්ලට එයි! තව සුලු මොහොතකින් සජීවීව බලමු!

Next Post

ඡන්දෙට සල්ලි දුන්නේ නෑ! අධිකරණයට අපහාස කළා! මහින්ද සිරිවර්ධනට පැවරූ නඩු දෙකක් හෙට විභාග කරයි!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.