මේ ආණ්ඩුව මැතිවරණ නොපවත්වන බවත්, මැතිවරණ පිළිබද බලා නොසිට අරගලය නැවැත්වූ තැනින් යළි පටන් ගැනීමට සූදානම් වන ලෙසත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් ජනාධිපති ක්‍රමයම අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවකි.










