ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට හිමිවූ විස්තීර්ණ මූල්‍ය පහසුකම යටතේ වූ පළමු වාරිකය අද (23) ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 333කි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඒ බව දන්වා තිබේ.
එහිදී ජනාධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා කියා සිටියේ අදාළ මුදලින් මේ මස රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට පියවර ගන්නා බවකි.










