මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වන බවත්, එය සත්‍යයක් නම් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඒ මහතාට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් ඇති බවත් නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ යම් හෙයකින් ඉන් වැරදිකරු වුවහොත් ජනාධිපතිවරයාට හෝ සමාවක් ලබා දී හෙතෙම නිදහස් කිරීමට නොහැකි බවකි.










