හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනයක් තමන් මිලදී ගත් බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් සම්බන්ධයෙන් නිළි පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වා තිබෙනවා.
හංසමාලි තමන් මිලදී ගත් රේන්ජ් රෝවර් රථයේ වීඩියෝ පටයක් සහ ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබුණේ එය සිය දෙවැනි වාහනය බව පවසමින්.
එමෙන්ම මෙම වාහනය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළ වාහනයක්ද යන්න බොහෝ දෙනා තමන්ගෙන් විමසා ඇති බවටත් ඇය සටහනක් තබා තිබෙනවා.
ඇය කියා සිටියේ එය හිටපු ජනාධිපතිවරයා භාවිත කළ වාහනයක් බවයි.
කෙසේ වෙතත්, එම වාහනය ඔහු භාවිත කළ එකක්ද යන්න හිටපු ජනාධිපති කාර්යාලයෙන් මෙතෙක් තහවුරු කොට නෑ.










