• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පීඩනයට පත් ජනතාව පාරට බහිද්දී ආණ්ඩුව කඳුළු ගෑස් ගහනවා! මේවා කඳුළු ගෑස් නෙමෙයි ජීව උණ්ඩ! LTTE එකවත් පාවිච්චි කළේ නැති ඒවා! හිට්ලර්ගේ නාසි ආණ්ඩුව තමයි මේවා ගැහුවේ! හෙලිකොප්ටරේ වසන්ත යාපා මහනුවරින් පාරට බහී! VIDEO

March 12, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පීඩනයට පත් ජනතාව පාරට බහිද්දී ආණ්ඩුව කඳුළු ගෑස් ගහනවා! මේවා කඳුළු ගෑස් නෙමෙයි ජීව උණ්ඩ! LTTE එකවත් පාවිච්චි කළේ නැති ඒවා! හිට්ලර්ගේ නාසි ආණ්ඩුව තමයි මේවා ගැහුවේ! හෙලිකොප්ටරේ වසන්ත යාපා මහනුවරින් පාරට බහී! VIDEO
Share on WhatsAppShare on Facebook

‘ආණ්ඩුව මහජනතාව පීඩණයට පත්වෙලා පාරට එනකොට කදුලු ගෑස් ගහනවා. මේවා කදුලු ගෑස් නෙවෙයි මේවා ජීව උණ්ඩ. මේවා එල්.ටී.ටී යවත් පාවිච්චි නොකරපු ජීව උණ්ඩ. අර ජර්මනිය හිට්ලර්ගේ ඒ නාසි හමුදාව පාවිච්චි කරපු ඒ ජීව ආයුධ තමා මේ පාවිච්චි කරන්නේ’  යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා පවසයි.

‘ජනමතයට ඉඩදෙනු’ මැයෙන් පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට බලකරමින් ජනතා නිදහස් සන්ධානය විසින් මහනුවරදී පැවැත්වුණු උද්ඝෝෂණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

මැතිවරණය නොපැවැත්වීම හේතු කොට ගෙන මේ ජනතාව පෙලෙන පීඩනයට කිසිම ආකාරයකට මේ ආණ්ඩුවට උත්තරයක් ඇත්තේ නැහැ. මේ ආන්ඩුව හැමදාම කරන දේ තමයි පහුගිය මේ අවස්ථා ගණනාවකදී අපි දැක්කා මේ පවතින මැතිවරණයෙන් හැංගීම සදහා ආණ්ඩුවට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මේ වෙනකොට පළාත් පාලන මැතිවරණය භුමදානය කරලා තිබෙනවා. පසුගිය 9 වෙනිදා පවත්වන්නට තිබ්බ මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්නෙ නැතිව දින නියමයක් නැතුව කල් දාලා තියෙන්නේ. ඒ අතරවාරයේදී ආන්ඩුව වහසි බස් දොඩනවා විධායක බලය සහ ව්‍යවස්ථාදායක බලය අයුතු විදියට භාවිතා කරලා අධිකරණයට අත තබලා තියෙනවා මේ වෙනකොට. ඒ නිසා අපට අවසානයට යන්න තියෙන බලඇණිය තමයි මේ රටේ උත්තරීතර අධිකරණය. මේ ස්වාධීන අධිකරණයට අත තබන මේ ජුන්ටා ආණ්ඩුව ජනවරමක් නැති ආණ්ඩුවට අපි කියනවා කරුණාකරලා ප්‍රවේශම් වෙන්න.

නිලධාරීන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ පවතින මැතිවරණය කල්දැමීම හරහා මේ රටේ ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ මේ මැතිවරණයෙන් හැංගිලා, ජනවරමින් හැංගිලා තමන් මංකොල්ලකාරී විදියට ජනතාවගෙන් දැවැන්ත බදුබරක් අයකරගන්න. ජනතාවගේ බෙල්ල මිරිකලා මේ අය කරන බදු බර නිසා ජනතාව අතිශය පීඩාවට පත්වෙලා තියෙනවා. ජනතාවට මේ වෙලාවේ වහසි බස් දොඩනවා සීනි මිල රුපියල් 25කින් අඩු කළා, පරිප්පු මිල අහවල් ප්‍රමාණයකින් අඩුකළා කියලා. සීනි මිල රුපියල් 25කින් අඩුකිරීම සදහා ආණ්ඩුව මේ වෙනකොට ඩොලර් බිලියන 10කට වැඩි මුදලක් ජාතික නිෂ්පාදනය පැත්තෙන් කඩා දමලා තිබෙනවා.

අපේ රටේ ආනයන වියදම පහුගිය 2022 ජනවාරි මාසයේ ඩොලර් මිලියන 1900 මේ 2023 ජනවාරි මාසයේ ඩොලර් මිලියන 1400 යි. ඒ අනුව ආනයන වියදම ඩොලර් මිලියන 500කින් අඩුවෙලා තිබෙනවා. ඒ වගේම තමයි පහුගිය අවුරුද්දේ ජනවාරි මාසයේත් මේ අවුරුද්දේ ජනවාරි මාසයේත් අපනයන ආදායම ඩොලර් මිලිය 150කින් අඩුවෙලා තිබෙනවා. මේ අඩුවීම් වලින් පෙන්වන්නේ රටේ කර්මාන්ත දැවැන්ත ලෙස පහළ යෑම කඩාවැටීම. අපේ රටේ දැවැන්ත මහපරිමාණ කර්මාන්ත කඩාවැටිලා, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩාවැටිලා. මේ දැවැන්ත බදු බරට ජනතාවට මුහුණ දෙන්න බෑ.

ඒ වගේම තමා පොලී අනුපාතය 33% කට ගෙනියලා මේ රටේ මහජනතාව වගේම මධ්‍යම පාන්තිකයෝ, පහළ ආදායම් ලබන අය සියලුම දෙනා මේ බදුබරින් මිරිකින තැනට පත්වෙලා තියෙනවා. අද අපි ගියොත් සිරින්ජරයක් ගන්න විදියක් නෑ රෝහලක, ඒ වගේම ප්ලාස්ටරයක් ගන්න බෑ රෝහලක, පිළිකා වාට්ටුවේ බෙහෙත් පෙත්තක් ගන්න පුළුවන් කමක් ඇති වෙලා නෑ. ඒ නිසා මේ වාට්ටු වල රෝගීන් අද මරණයත් එක්ක සටනක යෙදිලා තිබෙනවා. ඒ අතරවාරයේ මේ රටේ වෛද්‍යවරු ඒ වගේම නිලධාරීන් දැවැන්ත ප්‍රමාණයක් රට අතෑරලා දාලා යන තත්වයකට පත්වෙලා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය අංශය කඩාවැටිලා, මේ කර්මාන්ත පද්ධතිය කඩාවැටිලා රට අරාජික තත්වයට පත්වෙලා තිබෙනවා. මේ අරාජික තත්වයට පත්වෙලා තියෙන වෙලාවේ ආණ්ඩුව වහසි බස් දොඩනවා අපි ආර්ථිකය ශක්තිමත් කරා, රුපියල ශක්තිමත් කරා කියලා. මේ තනිකර ව්‍යාජයක් ආර්ථිකය පිළිබද මේ විෂය දන්න මිනිස්සු හිනා වෙනවා.

මේ වෙනකොට බැංකු 3කට පුද්ගලික් ණයක් ඇවිල්ලා තිබෙනවා ඩොලර් මිලියන 400ක. ඒ ඩොලර් මිලියන 400ක තාවකාලික ණය මාස 3කට ලැබෙන සොෆ්ට් එකක්. ඒ වගේම තමයි අපනයන අදායම 25% ක් රදවා තබාගැනීමේ ප්‍රමාණය 15% දක්වා මහබැංකුව පහත හෙලුවා ඒ නියමය. ඒ නිසා යම් ප්‍රමාණයක් ඩොලර් ආර්ථිකයට මුදාහැරලා තිබෙනවා. මේ මුදාහැරීමත් එක්ක තාවකාලික ඩොලර් සැපයුම ඉහළ යෑමත් එක්ක රුපියලේ අගය ශක්තිමත් වෙලා කියලා ආණ්ඩුව වහසිබස් දොඩනවා. මේ අනුව මොවුන් කියන්න හදනවා අපි රට හදාගෙන යනවා ඉවසලා ඉන්න අපි මැතිවරණයක් දෙන්නං කියලා. මැතිවරණය කියන්නේ මේ රටේ මහජනතාවගේ මූලික අයිතිවාසිකමක්. මේ මූලික අයිතිවාසිකමට අත තියන ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඇවිල්ලා අධිකරණය තර්ජනය කරනවා, අධිකරණයට ගල් ගසනවා. අපි කියනවා ආණ්ඩුවට අධිකරණය ගල්ගැසීමේ අතීත පූර්වාදර්ශ වලින් මට්ටු නොවුන මේ ආණ්ඩුව හෙට අනිද්දා ජනතාව විසින් පාරට ඇද දමනවා. ඒ නිසා ජනතා අධිකරණය හමුවේ මේ අය නිරුවත් වෙන දවසක් එනවා. ඒ නිසා නිදහස් ජනතා පෙරමුණ විදියට රටපුරා දැවැන්ත මහජන විරෝධයක් ගොඩනැගීමයි අපට කරන්න තිබෙන්නේ. අපට කතා කරන්න ඉඩදෙන්නෙ නෑ. පෙළපාලි යන්න ඉඩදෙන්නෙ නෑ. මේ මැතිවරණ නීතිය පාවිච්චි කරලා මහජනතාවට පෙළපාලී යෑම තහනම් කරලා තිබෙනවා.

අනික් පැත්තෙන් මේ වෙනකොට ආණ්ඩුව මහජනතාව පීඩණයට පත්වෙලා පාරට එනකොට කදුලු ගෑස් ගහනවා. මේවා කදුලු ගෑස් නෙවෙයි මේවා ජීව උණ්ඩ. මේවා එල්.ටී.ටී යවත් පාවිච්චි නොකරපු ජීව උණ්ඩ. අර ජර්මනිය හිට්ලර්ගේ ඒ නාසි හමුදාව පාවිච්චි කරපු ඒ ජීව ආයුධ තමා මේ පාවිච්චි කරන්නේ. අද වෙනකොට මේ වගේ මහජන උද්ඝෝෂණ පමණයි අපට කරන්න වෙලා තිබෙන්නේ. ඒ මහජන උද්ඝෝෂණ වලට ප්‍රතිචාර දක්වන මේ ජුන්ටා මුරණ්ඩු ජනවරමක් නැති ආණ්ඩුව ජනයා මරා දමනවා. ඒ නිසා මරණයට එරෙහිව මහජන පෙළගැස්වීමක් වෙනුවෙන් නිදහස් ජනතා පෙරමුණ විදියට අපට පාරට බැහීම පමණයි දැන් කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ සබුද්ධික ජනතාවට අපි කියනවා නිදහස් ජනතා පෙරමුණ විදියට මේ අයුක්තියට මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට එක්වෙන්න කියන ආරාධනාවයි අපි කරන්නේ.

දැන් මේ ජනවරමක් නැති ආණ්ඩුව කියනවා තමන්ට වියදම් හොයාගන්න බෑ. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක් වෙන් කරන්න බෑ කියලා කියනවා මේ මැතිවරණය වෙනුවෙන්. මේක අමූලික බොරුවක්, සහ ගහන අපරාධයක් මේක තනිකරම පට්ටපල් බොරුවක්. මේ රුපියල් බිලියන 10ක් හොයාගන්න බැරි ආණ්ඩුව මේ වීදියේ පහුගිය දවස් වල ජනරජ පෙරහැරක් පවත්වන්න කෝටි ගාණක් වියදම් කරා. ඒ වගේම නිදහස් උත්සවය පවත්වන්න මිලියන 100 කට වැඩි මුදලක් වියදම් කරා. ඒ වගේම කැබිනට් අමාත්‍යවරු තව තව පැටව් ගහනවා. හෙට අනිද්දා තවත් පැටව් ගහයි. ඒ අයට පහසුකම් දෙන්නට මේ අයට මුදල් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනෙක් පත්කරන්න මේ අයට මුදල් වෙන්කරන්න පුළුවන් උනා. ඒ නිසා මේ ජුන්ටා ආණ්ඩුවට වෙනත් බහුවිධ වියදම් රාශියකට මේ අය මුදල් වෙන්කරනවා. නමුත් මේ මැතිවරණය වෙනුවෙන් අද කියනවා සල්ලි නෑ කියලා.

මේ අය 2021 දී මේ වෙනුවෙන් මුදල් වෙන් කරා 2022 පවත්වන්න තිබුණ මේ මැතිවරණය වෙනුවෙන්. 2022 දී නැවත මුදල් වෙන් කරා 2023 මේ මැතිවරණය පැවැත්වීම වෙනුවෙන්. ඒ වගේම මේ අය අතුරු අයවැයක් නිකුත් කරා ඒකෙදිත් මුදල් වෙන් කරා. මේ අවස්ථා ගණනාවකදී වෙන්කරපු මුදල් ප්‍රමාණය මුදාහරින්න කියලා අධිකරණය කියද්දි ඒ අධිකරණය ගල් ගහන්න රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව මේ වෙලාවේ කටයුතු කරනවා. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුවට අනාගතයේ බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දෙන්න ඔබලා වගකියන්න ඕන මේ ලේ වැගිරීම් හරහා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමට එරෙහිව මේ සහගහන අපරාධ කරන ආන්ඩුවට විරුද්ධව ජනතාව පෙළගැස්විලා අර ජනාධිපතිවරයකුට මුහුදෙන්, මාලදිවයිනෙන් ඩුබායි වලට යන්න සිද්ධ වුනා වගේ හොයාගන්න බැරිවෙන විදියට මේ රනිල් වික්‍රමසිංහටත් අතුරුදහන් වෙන්න වෙනවා අනාගතයේදී. ඒ නිසා කරුණාකරලා ප්‍රජාතන්ත්‍රවාදය මරාදැමීමට එරෙහිව ඔය උණ්ඩය අප දෙසට එල්ල කරන උණ්ඩය තොපේ දෙසට එල්ල වන දවසක් එනවා කියලා කියනවා අවසාන වශයෙන්.

ඇත්ත වශයෙන්ම මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කරපු එවුන් අධිකරණය ගෙනෙන්න, ඒ වගේම තමා මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් කරපු එවුන් පිළිබදව සොයාබැලීම සදහා කථානායක වරයාට අප ”හෘද සාක්ෂියේ දහය” වශයෙන් ලිපියක් ඉදිරිපත් කරලා කියා හිටියා මේ ආර්ථිකය බංකොලොත් කරපු එවුන් හෙළිදරව් කරන්න විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න කියලා. ඒ පත්කරලා මේ ආර්ථික බංකොලොත් කිරීම සදහා වන ක්‍රියාවලියට කටයුතු කරපු අයව හෙළිදරව් කරන්න කියලා. නමුත් තවමත් ඒ පිළිබදව හොරගල් අහුලන ආණ්ඩුව හොරු රකිනවා. මේ රටේ ආර්ථිකය බංකොලොත් කරපු අයම එකතු කරගෙන නැවත වතාවක් මේ රට ගොඩනගනවා කියන එක සහමුලින්ම මුසාවක්. ඒ නිසා අපි කියනවා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට උත්තරයක් ඇත්තේ නෑ මේ රට දරිද්‍රතාවයෙන් මුදවාගැනීමට තබා හෙට දවසේ මේ පිළිකා රෝහල් වලට අත්‍යවශ්‍ය ඖෂධ ටික දෙන්නවත් මේ අයට කිසිම හැකියාවක් ඇත්තේ නෑ.

SendShareShare
Previous Post

ඕනෑම පුරවැසියෙකු කැඳවා ප්‍රශ්න කිරීමට-ඔහු සතු ලේඛන පරීක්ෂා කිරීම ඇතුලු විමර්ශනයට තමන්ට නෛතිකව බලයක් තියෙනවා! මානව හිමිකම් කොමිසමෙන් හදිසි නිවේදනයක්!

Next Post

STF 2ක් CID 4ක් හරක් කටා සහ කුඩු සළිඳු ගේන්න මැඩගස්කර් ගිහින්! බුද්ධි අංශ නිලධාරියා හැලිලා! එකම යානයක් දෙන්නවම ගේන්න අප්‍රිකානු ගුවන් සමාගමක් කැමැති වෙයි! CIDයෙන් පිටට ගෙන ප්‍රශ්න කරන්නත් දැනටම යෝජනාවක් ඇවිත්!

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.