ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයා වශයෙන් සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා අද (30) රාත්‍රීයේදී ලංකාවට පැමිණෙන බවට මේ වනවිට ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලාවල ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදීම බැසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණෙන බව කියමින් ඇතැම් වෙබ් අඩවි දින වකවානු සදහන් කර තිබුණද ඒ කිසිවක් සත්‍ය ඒවා නොවීය.
කෙසේවෙතත් මේ වනවිට ඉදිරිි මහමැතිවරණය මුල් කරගෙන පොදුජන පෙරමුණ තුළ මතුව ඇති ගැටලු කිහිපයක් විසදා ගැනීම සදහා බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට එන තෙක් එම පෙරමුණේ බොහෝ දෙනා අවධානය යොමු කොට ඇති බවක් දැකගන්නට තිබේ.
ඒ අනුව රාජපක්ෂ මහතා ලංකාවට එන නිශ්චිත දිනය අප ඉදිරි දින කිහිපය ඇතුළත රටට අනාවරණය කිරීමට සූදානම්ය.










