• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටාට මැඩගස්කරයේදී ගැහුවේ ඩුබායිවලදී මධූෂ්ට ගහපු ගේමමයි! ඔත්තුව දුන්නේ ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරුවෙක්! අතිවිශේෂ හෙළිදරව්ව මෙන්න!

March 11, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
හරක් කටාට මැඩගස්කරයේදී ගැහුවේ ඩුබායිවලදී මධූෂ්ට ගහපු ගේමමයි! ඔත්තුව දුන්නේ ලංකාවේ අංක එකේ කුඩු ජාවාරම්කරුවෙක්! අතිවිශේෂ හෙළිදරව්ව මෙන්න!
Share on WhatsAppShare on Facebook

මාකඳුරේ මධුෂ්ගෙන් පසු මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් ලෙස ඉහළට එසවෙන්නට වූයේ හරක් කටාය. ඒ මධුෂ්ගේ කොටසත් සමඟ මත්කුඩු ජාලය සියතට ගනිමිනි. ඒ නිසාම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ලේඛනවල පවා ඉහළින්ම ලියැවෙන්නට වූ නාමය වූයේ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාය. හරක් කටාගේ මත්කුඩු ජාලයේ ඔහුගේ දකුණු අත වූයේ සළිඳු මල්ෂිත ගුණරත්න නොහොත් පානදුරේ කුඩු සළිඳුය. හරක් කටා වෙනුවෙන් පොලිසිය බැලන්ස් කළේ ඔහුය. ඒ සළිඳු ට හිතවත්කම් පාන හැම අතින්ම බලවත් පොලිස් නිලධාරීන් පිරිසක් සිටින බැවිනි. එකී නිලධාරීන්ට සළිඳු මසකට වරක් දෙවරක් දෙනු ලබන තුටු පඩුරු ප්‍රමාණය ද සුළුපටු නැත. මේ දේවල් ගැන බුද්ධි අංශ කියන්නට ඇති හැමතැනකටම මේ වන විට කියා අවසන්ය. 

2022 වසරේ අගෝස්තු 11 වෙනිදා ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මලයාසියාවට යන්නට සූදානමින් ඩුබායි ගුවන්තොටුපොළට ආ විට ඩුබායි ආරක්ෂක අංශ විසින් හරක් කටාව අත්අඩංගුවට ගත් විට ඔහුගේ නිදහස වෙනුවෙන් හැම ගේමක්ම ගැසුවේ කුඩු සළිඳුය. ඒ ශ්‍රී ලංකාවෙන් පවා නීතිඥයන් ඩුබායි වෙත ගෙන්වා ගනිමිනි. එදා හරක් කටාගේ නිදහස වෙනුවෙන් කතා කරන්නට ඩුබායි ගියේ ජනාධිපති නීතිඥවරයකු ඇතුළු කණ්ඩායමකි. ඒ හැරුණු කොට ඩුබායි හි ඇති ප්‍රසිද්ධම නීතීඥ සමාගම්වල සහාය පවා සළිඳු හරක් කටාගේ නිදහස වෙනුවෙන් ගත්තේය. ලොකු සල්ලියක් එහා මෙහා කර ගහන්න හැකි හැම ගේමක්ම මෙන්ම අල්ලන්නට ඇති හැම අත්තක්ම ඇල්ලූ සළිඳු අවසානයේදී හරක් කටාව නිදහස් කර ගත්තේ ශ්‍රී ලංකා පොලිසියට කොකා පෙන්වමිනි. ඒ එම වසරේම ඔක්තෝබර් 03 වෙනිදාය.

හරක් කටාට එදා එසේ නිදහස උරුම කර දීමට නිල ඇඳුමට මුවා වී සිටින ඇතැම් දූෂිතයන් කිහිප දෙනෙක් විසින් යටින් ගේම් ගැසූ බව පොලිසියේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ රහසකි. එදා ඒ යටින් ගේම් ගැසුවෝ මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අල්ලා ගත් හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට ගෙන ඒම වළක්වාලන්නට පවා ගේම් ගැසුවෝය. ඒ බව පොලිස්පතිගේ සිට කොස්තාපල් දක්වාම බොහෝ නිලධාරීන්ට නම් අද වන විට රහසක් නම් නොවේ. හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට ගේන ඒමට අකුල් හෙළන්නේ ඔවුන් මෙරටට රැගෙන ආ විට ඇරෙන කටවල් නිසා පොලිසියේ ඇතැමුන්ගේ රෙදි ගැලවෙන්නට ඇති ඉඩකඩ බොහෝ බැවිනි. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත අද වන විට හරක් කටා සහ කුඩු සළිදු මෙරටට ගෙනඒමේ මෙහෙයුම සාර්ථක වී ඇති බව පොලිසිය පැත්තෙන් ඇසෙන කතාවකි. එහෙත් දැන් අලුතින්ම පැන නැඟී ඇති ලොකුම ගැටලුව බවට පත්ව ඇත්තේ ඔවුන් මෙරටට රැගෙන ඒමට වැයවනු ඇතැයි ගණන් බලා ඇති රුපියල් කෝටියකට අධික මුදල සපයා ගැනීමය. ඒ වෙනුවෙන් ඇමැති ටිරාන් අලස් ද මේ වන විට සිටින්නේ යැයි කියනුයේ ලොකු ගේමක් ගසමිනි. ඒ මුළු මුදලම ලබාදී කෙසේ හෝ මෙම අපරාධකරුවන් රැගෙන එන්නටය.

එම මුදල් ලැබුණු වහාම ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද හෙටම මැඩගස්කරය බලා ගමන් කරනු ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් එම කණ්ඩායමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක් ද බොහෝ විට ඇතුළත් වනු ඇත.

මෙම කණ්ඩායම මැඩගස්කරය බලා මෙරටින් පිටත්ව යාමට සැලසුම් කරගෙන සිටියේ 2023 මාර්තු 11 වෙනි සෙනසුරාදාය. එය කොතරම් දුරට සාර්ථක වනු ඇති දැයි ගැටලුවක් සිකුරාදා වන විටත් පැවතුණි. ඒ හරක් කටා සහ කුඩු සළිදු මෙරට රැගෙන ඒමට කැමැත්ත මේ වන විට පල කර ඇති ගුවන් සමාගම සිකුරාදා වන තුරුම ගුවන් ගමන් කාලසටහන ලබා දී නොතිබුණු බැවිනි. අප්‍රිකානු කලාපයේ රටකට අයත් මෙම ගුවන් සමාගම අපරාධකරුවන් දෙදෙනෙක් වන හරක් කටා සහ කුඩු සළිඳුව මැඩගස්කරයේ සිට මගී ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ඒමට එකඟ වී ඇත්තේ ද ඒ ගැන කෙරුණු ආරක්ෂක තක්සේරුවකින් අනතුරුවය.

ඒ අනුව මෙම අපරාධකරුවන් දෙදෙනා රැගෙන ඒමට මුලින් සැලසුම් කළ නිලධාරීන් ප්‍රමාණය වැඩි කිරීමට පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු වී ඇත. හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට ගෙන ඒමේ වියදම කෝටිය පැන ඇත්තේ එබැවිනි. ඒ හරක් කටාගේත් කුඩු සළිඳුගේත් ගුවන් ගමන් ටිකට්පත්වල ගාස්තු ද සමඟිනි.

මැඩගස්කරයේ ආරක්ෂක අංශ එකඟ වී ඇත්තේ හරක් කටාවත් කුඩු සළිඳුවත් සන්නද්ධ ආරක්ෂකයන් සමඟ මාංචු පිටින් ගුවන් යානය තුළට රැගෙන විත් මෙරටින් යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බාරදීමටය. ගුවන් යානය තුළදී සිදු වන මෙම හුවමාරුවෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් දෙදෙනාව රැගෙන ඒමට නියමිතව ඇත්තේ ගුවන් යානය තුළ ඔවුන්ට මාංචු දමාගෙනය. ඒ එක් අයකුට නිලධාරීන් තිදෙනකුගේ ආරක්ෂාවක් සහිතවය.

ඒ අනුව අද හෙටම ඩුබායි හරහා මැඩගස්කරයට යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් හරක් කටාවත් කුඩු සළිදුවත් බාරගෙන මෙරටට රැගෙන එනු ඇත. ඒ දෙදෙනාවම එකම ගුවන් යානයේම රැගෙන ඒමට අදාළ ගුවන් සමාගම විසින් එකඟ වුවහොත් පමණි. එසේ නොවන්නට සිදු වන්නේ අවස්ථා දෙකකදී ඔවුන්ව රැගෙන එන්නටය.

මේ හැම දෙයකටම ගුවන් සමාගමේ ප්‍රතිචාරය ලැබෙන්නේ ආරක්ෂක තක්සේරුවකින් අනතුරුවය. ඒ හැමදෙයක්ම සිදු වන්නේ ඉතා රහසිගතවය. ඒ ගුවන් මගීන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දෙමිනි.

මැඩගස්කර ආරක්ෂක අංශ අත්අඩංගුවේ මේ වන විට සිටින්නේ හරක් කටා සහ කුඩු සළිඳු පමණක් නොවේ. ඒ අයගේ තවත් ගෝලබාලයන් සිවුදෙනෙක් ද සිටිති. ඒ හරක් කටාගේ බිරිය සහ බිරියගේ පියා හැරුණු කොටය. බිරිය යැයි කීවාට ඇය අනියම් බිරියකි. ඇය විදේශීය ජාතික කාන්තාවකි. මැඩගස්කරයේ ප්‍රමුඛතම පුවත්පතක් වන L’EXPRESS වාර්තාකර ඇති ආකාරයට ඇය මැලයාසි ජාතික කාන්තාවකි. හරක් කටා ඇතුළු ගෝලබාලයන් මැඩගස්කර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බව එළියට දමන්නේද L’EXPRESS පුවත්පතේ වෙබ් අඩවිය ඔස්සේය. ඒ ඉකුත් 06 වෙනිදාය. එම මාධ්‍ය වාර්තාවන්ට අනුව හරක් කටාත් කුඩු සළිඳුත් ඇතුළු මේ කණ්ඩායම මැඩගස්කර ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වන්නේ පසුගිය 01 වෙනිදාය. ඒ මැඩගස්කරයේ ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය.

හරක් කටාත් කුඩු සළිදුත් ඔවුන්ගේ ගෝලබාලයනුත් එදා ඉවාටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට ආරක්ෂක අංශ වෙත කොටුවන්නේ ඔවුන් එරටින් පිටව යන්නට සූදානම් වූ අවස්ථාවේදීය. L’EXPRESS වෙබ් අඩවිය එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් සහ ඔවුන් විසින් අනාවරණය කරගත් මූලාශ්‍ර ඔස්සේ වාර්තා කර තිබුණේ හරක් කටා ඇතුළු මේ අය අතර සිටින පස්දෙනෙක් මලයාසියාවට ඇතුළු වී ඇත්තේ පෙබරවාරි 12 වෙනිදා බවය. ඒ “ නෙසි බි“ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබස්ස වන ලද පෞද්ගලික ගුවන් යානයකින් බවය.

මේ ගැන සොයා බැලීමේදී මෙරට ආරක්ෂක බුද්ධි අංශවලට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම ජෙට් යානයෙන් හරක් කටා සමඟ කුඩු සළිඳු ද පැමිණ ඇත. ඒ එන්නේ ඩුබායි සිටය. පසුගිය වසරේ ඩුුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව නිදහස ලැබීමෙන් අනතුරුව හරක් කටා ඩුබායි රාජ්‍යයෙන් එළියට යන පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙම ගමනය. එය පුද්ගලික ජෙට් යානයකින් යන්නට සැලසුම් කර ඇත්තේ සාමාන්‍ය ගුවන් මගියෙක් ලෙස ඩුබායි රාජ්‍යයෙන් පිටව යන්නට ගොස් නැවත කොටු වනු ඇතැයි ඇතිවුණු බිය නිසා වන්නට පුළුවනි. ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදනයක් නිකුත් කර තිබියදීත් කුඩු සළිඳු කිසිදු බාධාවක් නොමැතිව එදා ඩුබායි සිට මැඩගස්කරය වෙත ජෙට් යානයකින් යන්නේ ධනකුවේරයන් ලෙසිනි. ඒ මැඩගස්කරයේ ව්‍යාපාරික අවස්ථා ගැන සොයා බලන්නට යන ආයෝජකයන් ලෙසිනි.

මෙම ගමනට ජෙට් යානාව ඇණවුම් කරමින් පහසුකම් සපයා දුන්නේ යැයි කියැවෙන්නේ මේ වන විට ඩුබායි හි රැඳී සිටින මහා පරිමාණයේ උණ්ඩියල් ජාවාරම්කරුවෙකි. මහනුවර කුණ්ඩසාලේ කලක් රැඳී සිට ඇති ඔහු දැන් සිය දෙවැනි බිරිය සමඟ පදිංචිව සිටින්නේ යැයි කියැවෙන්නේ කඩුවෙල වැලිවිට පැත්තේය. උණ්ඩියල් ජාවාරම්කරුවෙක් ලෙස කරළියට එන්නට පෙර මේ කියන ජාවාරම්කරු බොහෝ ගේම් ගැසුවේ සිංගප්පූරුව ආශ්‍රිතවය. දශක දෙකකට පෙර සිංගප්පූරුවේ පැවති හැම අවුරුදු උත්සවයක්ම පාහේ සංවිධානය වූයේ ඔහු හරහාය. එම උත්සවවලට ශ්‍රී ලංකාවෙන් කලාකරුවන් මෙන්ම ජනමාධ්‍ය ආයතනවල නියෝජිතයන් පවා ගෙන්වූයේ ද ඔහු හරහාය. මේ කියන චරිතයට වැඩ වරදින්නේ සිංගප්පූරුවේ ව්‍යාපාරික කටයුත්තකට පැමිණි හෙට්ටිවීදියේ ජුවලරියක හිමිකරුවකුව පැහැර ගෙන ලොකු කප්පමක් ලබා ගැනීමක් හේතුවෙනි. සිංගප්පූරුවේදි පැහැර ගත් ව්‍යාපාරිකයා මුදා හැරීමට කප්පම් ගත්තේ ශ්‍රී ලංකාවේ සිටි ඔහුගේ ඥාතියකුගෙනි. ඒ ගැන ව්‍යාපාරිකයා ශ්‍රී ලංකාවට පැමිණි වහාම පොලිසියට පැමිණිලි කළේය. ඒ නිසාම මේ කියන පුද්ගලයාට පොලිසියෙන් ගැලවිල්ලක් නොවීය. මෙම කප්පමට ගෑවී සිටි පාතාලයේ නම ගිය කිහිප දෙනකුම සමඟ ඔහුව කොටුකර ගත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමකි.

මේ කියන චරිතය පාතාලයට වැටී උණ්ඩියල් ජාවාරම්කරුවෙක් ලෙස හිස ඔසවන්නේ ඒත් එක්කමය. හරක් කටා ඇතුළු කණ්ඩායමට ඩුබායි සිට මැඩගස්කරයට යන්නට පුද්ගලික ජෙට් යානයක් සූදානම් කර දුන්නේ යැයි කියැවෙන්නේ මේ කියන උණ්ඩියල් ජාවාරම්කරුය.

මෙහි ඇත්ත නැත්ත දැන ගැනීමට වැඩි කාලයක් අපට බලා සිටීමට ඉඩ නොලැබෙනු ඇත. ඒ හරක් කටාත් කුඩු සළිඳුවත් වැඩිකල් නොයවා මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බැවිනි. ඒ රැගෙන ආ විට මේ හැමදෙයක්ම ඔවුන්ගේ මුවින්ම දැන ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබෙනු ඇත. ඒ ඔවුන්ව ආරක්ෂා කරන දූෂිත නිලධාරීන්ගේ මැදිහත්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නිදහසේ විමර්ශන පැවැත්වීමට අවකාශක් උදා වුවහොත් පමණි.

L’EXPRESS වාර්තාවන්ට අනුව පෙබරවාරි 12 වෙනිදා “නොසි බි“ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මැඩගස්කරයට ඇතුළු වූ හරක් කටා ඇතුළු පිරිස එදිනම අභ්‍යන්තර ගුවන් ගමනක් මඟින් ගමන් කර ඇත්තේ “ ඇන්ටනානාරියෝ” ගුවන්තොටුපොල වෙතය. ඒ පැමිණි ඔවුන් ඉවාටෝ සහ අම්බෝහිමංගකේලි හී පිිහිටි සුඛෝපභෝගී හෝටල්වල නතර වෙමින් ගමන් බිමන් යාමට පරිහරණය කරනු ලබන්නේ එරට ඇති මිල අධිකම වාහන දෙකකි. ඒ කුලියට ගෙනය. හරක් කටාගේ මෙම ගමනේ සැලසුම වී තිබී ඇතැයි පැවසෙන්නේ අයෝජකයන් ලෙස මැඩගස්කරයේ ස්ථානගත වීමට අවශ්‍ය වටාපිටාව සකස් කර ගැනීමය. ඒ මැඩගස්කරය ඔවුන්ගේ මත්කුඩු ජාලයේ තිප්පොළ බවට පත්කර ගැනීමටය. සුපිරි ධනවතුන් ලෙස මැඩගස්කරයේ රැඳී සිටි මෙම කණ්ඩායම එරට ආරක්ෂක අංශ වෙත හසුවන්නේ නැවත ඩුබායි බලා පිටත්ව යන්නට සූදානම් වූ අවස්ථාවේදීය. හරක් කටා අත ඒ වන විට තිබුණේ 2022 වසරේ අගොස්තු 11 වෙනිදා ඔහු ඩුබායි ගුවන්කොටුපොළේදී අත්අඩංගුවට ගන්නා විට අත තිබුණු එම්. 6692136 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රයයි. හරක් කටාට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබුණේ හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කර තිබුණු එම විදෙස් ගමන් බලපත්‍ර අංකයටය.

එදා ඩුබායි ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 03 වෙනිදා නිදහස් කර යවන්නේ ද මෙම අංකය දරන විදෙස් ගමන් බලපත්‍රය ඔහු අත තබාය. ධන කුවේරයෙක් ලෙස පෙනී සිටිමින් කුඩු සළිඳු ඇතුළු සිය සගයන් සමඟ පෙබරවාරි 12 වෙනිදා ඩුුබායි සිට ඔහු මැඩගස්කරයට එන්නේත් එම විදෙස් ගමන් බලපත්‍රය අතැතිවය. නැවත පිටත්ව යන්නට සූදානම් වන විට මැඩගස්කර ආරක්ෂක අංශ හරක් කටා ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නේ එදා ඩුබායි ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට ගෙන මුදා හැරීමට මුල්වුණු ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයමය.

බැලූ බැල්මට මෙය අහඹු සිදු වීමක් යැයි පෙනෙන්නට තිබුණත් සැබෑ ලෙසම සිදුවී ඇත්තේ මැඩගස්කර ආරක්ෂක අංශයට හරක් කටා ඇතුළු කණ්ඩායම ගැන ලබා දුන් ඔත්තුවකට අනුව ඔවුන්ව අත්අඩංගුවට ගැනීමකි. ඒ මත්කුඩු ජාවාරම්කරුවන් අතර ඇති දැඩි තරගකාරීත්වය මුල්කරගෙනය. එය හරියටම සිදු වන්නේ මාකඳුරේ මධුෂ්ව එදා ඩුබායි පොලිසියට කිරුලපොන මොරිල් විසින් කොටු කරදුන් ආකාරයේ ගේමකි. එදා මධුෂ්ට ගැසූ ගේම මැඩගස්කරයේදී හරක් කටා ඇතුළු පිරිසට ගසන්නේ ද අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙකි. මෙරට මත්කුඩු ව්‍යාප්තියේ ආරම්භක පුරුකක් ලෙස සැලකෙන ඔහුට පකිස්තානයේ මත්කුඩු ජාවාරම්කරුවන් සමඟ ඇත්තේ සමීප සම්බන්ධකම්ය. ඒ ඔහු පකිස්තානු මත්කුඩු ජාවාම්කරුවකුගේ නැඟණියක් සමඟින්ද විවාහ වී සිටින බැවිනි. කාලයක් ඔහු මෙරටින් පලාගොස් සැඟවී සිටියේ ද පාකිස්තානයේය. 2014 වසරේදී පාකිස්තානයට යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුව අල්ලා ගෙන මෙරටට ගෙන එන්නේ පකිස්තානු ආරක්ෂක අංශයේද සහාය ඇතිවය. ඒ රැගෙන ආ ඔහු වසර හතර පහක්ම සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඒ මත්කුඩු ජාවාරමකට වරදකරුවෙමින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලබමිනි. මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරගෙදරට ගිය ඔහු අවසානයේදී අභියාචනාධිකරණයෙන් නිදහස ලබා පනින්නේ ඩුබායි රාජ්‍යයටය.

මේ කියන මත්කුඩු ජාවාරම්කරුගේ ඉලක්කය වූයේ හරක් කටාව වූවත් අනපේක්ෂිත ලෙස පාණදුරේ කුඩු සළිඳු ඇතුළු හරක් කටාගේ ගෝල බාලයන් රොත්තම මැඩගස්කර ආරක්ෂක අංශයට කොටු විය. ඒ අතර පාණදුරේ මාලමුල්ලේ සුභාෂ්ද සිටියේය. පාණදුරේ සුදූ යැයි කියන්නේ ඔහුටය. ඒ හැරුණු කොට පාණදුර මෝදර පදිංචිකරුවෙක් වූ තරංග ද ඒ අතර සිටියේය. මේ දෙන්නාම කුඩු සළිඳුගේ සමීපතයන්ය. ඔවුන් ඩුබායි පනින්නේ ගේම් ගසාය. ඔවුන්ව මැඩගස්කරයට රැගෙන ගියේ කුඩු සළිඳුය. මේ අය හැරුණු කොට මේ කණ්ඩායමේ තවත් පාතාලයේ අපරාධකරුවන් කිහිප දෙනෙක්ම සිටින බව කියැවෙයි. ඒ අයව පැහැදිලිවම හඳුනා ගෙන නැතත් කියැවෙන හැටියට බඩෝවිට අසංක සහ ජිලේ මේ අතර සිටිය යුතුය.

කෙසේ වෙතත් මේ හය දෙනා අතරින් ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇතැයි පැහැදිලිවම හඳුනා ගැනීමට මැඩගස්කර ආරක්ෂක අංශ වෙත හැකියාව ලැබෙන්නේ හරක් කටා සහ කුඩු සළිඳු ගැන පමණි. ඒ මෙම කණ්ඩායම අත්අඩංගුවට ගත් මොහොත් සිටම ජාත්‍යන්තර පොලිසිය හරහා මැඩගස්කර ආරක්ෂක අංශ විසින් කළ තොරතුරු හුවමාරු කර ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. දෙපාර්ශ්වය අතර සිදු වන දීර්ඝ අදහස් හා තොරතුරු හුවමාරුවකින් අනතුරුව මැඩගස්කර ආරක්ෂක අංශ එකඟ වන්නේ හරක් කටා සහ කුඩු සළිඳු පමණක් මෙරටට බාර දෙන්නටය. ඒ උදර්පන නීතියට අනුවය. ඒ අය සමඟ අල්ලා ගත් වෙන කිසිවකුත් මෙරටට බාරදීමට මැඩගස්කරය මුලින් එකඟ නොවූවත් දැන් ඒ තත්ත්වය වෙනස් වී ඇත්තේ කුඩු සළිඳු සහ හරක් කටාගෙන් පසු ඔවුන්ව ශ්‍රී ලංකාවට බාරදීමටය. ඒ එරටින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමක් ලෙසිනි. ඒ අද හෙට නොව ඔවුන් සම්බන්ධයෙන් මෙරටින් මැඩගස්කරයට යොමු කරන අපරාධ වාර්තා සැලකිල්ලට ගෙනය. එහිදී හරක් කටා සහ කුඩු සළිදු මෙන් ඔවුන්ව ගෙන ඒමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මැඩගස්කරය බලා යාමට සිදු නොවනු ඇත. ඒ ඔවුන්ව පිටුවහල්කර මෙරටට එවීමට එකඟතාවක් මේ වන විට ගොඩනැඟී ඇති බැවිනි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

IMF ගැන රනිල්ගේ තාත්තා JRට ලියපු රහස් ලියුම! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

හෙට මොනරාගලින් මහින්ද අගමැති සටන අරඹයි! ශෂීන්ද්‍ර දිස්ත්‍රික් සමුලුවක් සූදානම් කරයි! රට වටේ යන්න තීන්දුයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.