• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටායි-කුඩු සළිඳුයි මැඩගස්කරයෙන් ලංකාවට ගේන්න CIDය රහසිගත යුද මෙහෙයුමකට ලෑස්ති වෙයි! කොටුවූ අය අතර බඩෝවිට අසංක-පාණදුරේ සුදූ-තරංග-ජිලේත්…! ප්ලේන් එකේ ගේන එකත් ප්‍රශ්නයක්!

March 8, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කුඩු පාතාලයේ මහ කෙරුමන් දෙන්නා වූ හරක් කටායි කුඩු සළිඳුයි මැඩගස්කරයේදී අල්ලයි! ඇවිත් තියෙන්නේ ප්‍රයිවට් ජෙට් එකකින්! මිලියන 32ක සල්ලිත් තිබිලා! සුපිරි ධනවතුන් වගේ පෙනී ඉඳලා! අල්ලනකන් මෙහේ අය දන්නෙත් නෑ!
Share on WhatsAppShare on Facebook

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුමකින් අත්අඩංගුවට ගත් මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාත්, සළිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පාණදුරේ කුඩු සළිඳු ඇතුළු පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රහසිගත මෙහෙයුම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කේන්ද්‍රකරගෙන ආරම්භ වී තිබේ.

ඊට අනුව අද හෙටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද සැදුම්ලත් විශේෂ කණ්ඩායමක් මැඩගස්කරය බලා ගොස් මෙම අපරාධකරුවන්ව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගනු ඇත. එම කණ්ඩායම සිවු දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇති බවත් එම කණ්ඩායමට මේ වන විටත් ඊට අවශ්‍ය අවසර පවා ලැබී තිබෙන බවත් විශ්වාස කටයුතු තොරතුරු මඟින් දැනගැනීමට තිබේ.

මෙම අපරාධකරුවන් මෙරටට භාරදීමට යහපත් ප්‍රතිචාරයක් මැඩගස්කරයෙන් ලැබුණු බැවින් එම විශේෂ කණ්ඩායම විසින් ඔවුන්ව මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් වූ මූලික සැලසුම් ක්‍රියාවට නංවා ඇත. මේ සම්බන්ධව ඊයේ (07) රැස් වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ද සාකච්ඡාවට ලක්ව තිබේ.

හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ඒමේ එම මෙහෙයුමට අනුව මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට සෘජූ ගුවන් ගමනක් මඟින් මේ අපරාධකරුවන් රැඟෙන ඒමට නියමිතව ඇත.

මඟි ගුවන් යානාවක් උපයෝගී කර ගෙන යම් අපරාධ කරුවෙකු රැඟෙන එන විට එහිදී ආරකෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු අනිවාර්ය එක් වියයුතු බවට අදාළ ගුවන් සමාගම්වල පිළිගත් නීතියකි. එසේම එක මඟී ගුවන් යානයක රැඟෙන ඒමට අවසර ඇත්තේ එක් අපරාධකරුවෙකු පමණි. මේ හේතුව නිසා මේ අපරාධකරුවන් දෙදෙනාව එක වර මෙරටට ගෙන ඒම මේ වන වට දැඩි අභියෝගයක් බවට පත්වනු ඇත. එසේම මේ දෙදෙනාව එකවර ගෙන එන්නේ නම් ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කර ආරක්ෂක අංශයේ හය දෙනෙකු මේ ගමනට සම්බන්ධ විය යුතුයි.

ඔවුන් මෙරටට රැගෙන එමේදී බොහෝ විට එරට ආරක්ෂක අංශයේ සාමාජිකයන් පිරිසක්ද ආරක්ෂාව සපයමින් පැමිණ ගුවන් යානාවට නංවා මෙරට ආරක්ෂක අංශ වෙත බාර දීමට එකඟ වී තිබේ.

මේ අපරාධකරුවන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන ලබාගැනීමට තොරතුරු රැස්කර ඇති විශේෂ පොලිස් අංශවලට පවා තොරතුරු ලබා නොදී ඉතා රහසිගතවම මෙම අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය මෙහෙයුමක් දියත්කර ඇත්තේ ඊට පෙර අවස්ථාවකදී හරක් කටාව ඩුබායි හීදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටින් පවා නීතිඥවරු එහි ගොස් ඔහු වෙනුවෙන් පෙනී සිට ඔහුව බේරා ගැනීමට කටයුතු කළ බැවිනි.

හරක් කටා සහ පාණදුරේ කුඩු සළිඳුට අමතරව බඩෝවිට අසංක, පාණදුරේ සුදූ, තරංග වැනි අපරාධකරුවන් අත්අඩංගුවට පත්වූ අය අතර සිටින බවට තොරතුරු තිබේ. ඒ හැරුණු කොට ජිලේ නමැති අපරාධකරුද මෙම කණ්ඩායම අතර සිටින බවටද තොරතුරු පාතාල අපරාධ විමර්ශන පොලිස් කණ්ඩායම් විසින් ඔවුන්ගේ විමර්ශන සම්බන්ධකම් ඔස්සේ කළ සොයා බැලීම්වලින් අනාවරණය කරගෙන ඇත. එහෙත් සැබෑ ලෙසම මැඩගස්කරයේ අත්අඩංගුවට ගෙන සිටින්නේ කවුරුන්දැයි පැහැදිලි නාම ලේඛනයක් ඊයේ වන විට මෙරටට ලැබී ඇති බවද තතු දත් තොරතුරු අනාවරණය කළේය. එම ලේඛනයේ සිටින අපරාධකරුවන් කවුරුන්දැයි ඔවුන්ව මෙරටට රැගෙන එන තුරු හෙළිනොකර සිටීමට පොලිස් බලධාරීන් තීරණය කර තිබේ. ඒ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමිනි. මෙම අපරාධකරුවන්ගේ නම් ලැයිස්තුවට අමතරව හඳුනා ගැනීම් සඳහා සමීප ඡායාරූප ද මෙරටට යොමුකර ඇත. හරක් කටා ඇතුළු අල්ලාගත් සෑම අපරාධකරුවෙක්ම වෙනත් පුද්ගලයන්ගේ නම්වලින් සකස්කර ඇති විදෙස් ගමන් බලපත්‍රවලින් සිටින බව ද එහිදී හෙළිවී ඇත. වෙනත් නම්වලින් පෙනී සිටි මෙම පාතාල අපරාධකරුවන්ව හඳුනාගෙන ඇත්තේ ඔවුන්ගේ සමීප රූප මෙරටට ගෙන්වා ගෙන කළ හඳුනා ගැනීමකින් අනතුරුවය.

හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු මෙම පාතාල අපරාධ කල්ලිය මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ මැඩගස්කරයේ සිට ඔවුන් වෙනත් රටකට යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීය. ඒ ඉකුත් 01 වෙනිදාය. මෙම අත්අඩංගුවට ගැනීම ගැන හෙළිකරනුයේ මැඩගස්කරයේ ප්‍රධාන මාධ්‍ය ජාලයක් වන L’EXPRESS වෙබ් අඩවිය විසිනි. ඒ පෙරේදා (06)ය. එම මාධ්‍ය වාර්තා එළිදක්වන්නේ අත්අඩංගුවට ගත් හරක් කටා ඇතුළු අපරාධකරුවන් පැහැදිලිවම ශ්‍රී ලංකාවට අවශ්‍ය අපරාධකරුවන් බව හඳුනා ගැනීමෙන් අනතුරුවය. මෙම වෙබ් අඩවිය වාර්තා කර තිබුණු ආකාරයට අනුව හරක් කටා ඇතුළු 05 දෙනෙක් පසුගිය පෙබරවාරි 12 වෙනිදා එරට “නොසි බි” ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇතැයි පැවසෙන්නේ පෞද්ගලික ජෙට් යානයකිනි. පසුදින මේ අය අභ්‍යන්තර ගුවන් යානයකින් එරට ඇන්ටනානාරිවෝ ගුවන් තොටුපොළට පැමිණ ඇති බවද එහි සඳහන්ය. පසුගිය 01 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් නැවත මැඩගස්කරයෙන් පිටව යාමේදී බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගන්නා විට හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතෙක් ලෙසිනි. පාණදුරේ කුඩු සළිඳු මැඩගස්කරයේ මැණික් පතල් ආකරයකට මුදල් ආයෝජනයකර එරට ආයෝජකයෙක් ලෙස කාලයක් තිස්සේ රැඳී සිට ඇති බවද එරටින් ලැබී ඇති තොරතුරුවල සඳහන්ය. මත්කුඩු ජාවාරමෙන් උපයා ගන්නා කළු සල්ලි මැඩගස්කරයේ මැණික් පතල් ඔස්සේ සුදුකර ඇති බවද එරටින් ලැබෙන තොරතුරුවල සඳහන්ය.

මැඩගස්කරයට පැමිණි හරක් කටා ඇතුළු පිරිස ඉවාටෝ සහ අම්බෝහිමංගකේලි හී පිහිටි සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් ගෙන සිට ඇති බවද අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනවලින් හෙළිවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම හෝටල්වල ඇති ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව ඔහුගේ හැසිරීම් ගැන මෙන්ම තවත් බොහෝ දේවල් ආරක්ෂක අංශ නිරීක්ෂණය කරමින් ඔවුන් මැඩගස්කරයේදී සම්බන්ධකම් පැවැත්වූ අය ගැන පවා තොරතුරු එරට ආරක්ෂක අංශ රැස්කරගෙන ඇති බව සඳහන්ය.

හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු මෙම පාතාල අපරාධකරුවන් මැඩගස්කරයේ මැණික් පතල් හිමි ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින් එරට කේන්ද්‍රකරගෙන මත්කුඩු ජාවාරමක්ද මෙහෙයවා ඇති බව මෙරට බුද්ධි අංශ විසින් කරනු ලැබූ විශ්ලේෂණයදී ද පෙනී ගොස් ඇත. වැඩි දිනක් නොගොස් මෙම අපරාධකරුවන් මෙරටට රැගෙන ආ පසු මෙම අපරාධ ජාලය ගැන බොහෝ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාතාල අපරාධ විමර්ශන පොලිස් අංශ විශ්වාස කරයි.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

අද කොළඹ සරසවි සිසුන් මහපාරට! අදත්‌ පොලිසියෙන් කඳුළු ගෑස්! ළමයි අරන් ගිය පාසල් වෑන්වලටත් කඳුළු ගෑස් වදී! VIDEO

Next Post

අද ඉඳන් රුපියල් 10ක් අඩුවෙන් පාන් කන්න පුලුවන්!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.