• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එන එන එකා විකුණන් කන්න හදන ත්‍රිකුණාමලයෙ තියෙන ලංකාවේ වටිනාම වස්තුව, හදපු එකා මොකාද? එන්න දැනගන්න…

February 28, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
එන එන එකා විකුණන් කන්න හදන ත්‍රිකුණාමලයෙ තියෙන ලංකාවේ වටිනාම වස්තුව, හදපු එකා මොකාද? එන්න දැනගන්න…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ බලවත් රාජ්‍යයන් සියල්ල ලංකාව අල්ලා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන බව විශ්වාස කරන්නෝ තවමත් අප අතර බහුලය. ඔවුන් තවමත් සිතන්නේ ලංකාව නම් දූපතේ ලෝකේ කොහේවත් නැති වටිනාකම් තිබෙන බවය. සංගෙ නැති වාචාල දේශපාලුවන් වේදිකා මත සිට දෙසාබාන ගල් පැළෙන බොරු ඇත්තම ඇත්ත ලෙස පිළිගන්නා ඇතැමුන් සිතන්නේ ලෝකය පාලනයට ලංකාව නැතිවම බැරි බවය. ලෝකයට ලංකාව බොහෝ වැදගත් වූ යුගයක් අතීතයේ තිබුණු බව සැබෑය. ඒ කෙටි තරංග ක්‍රමයට පණිවුඩ හුවමාරු වූ, වරායන් සහ ගුවන් තොටුපොළ නොමැතිව යුද්ධ කරන්නට බැරි වූ යුගයේය. අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අද ලෝකයම පණිවුඩ හුවමාරු කරගන්නේ චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙනය. ගුවන් ප්‍රහාර සඳහා යාත්‍රා දෙතුන් සියය රැගෙන මාස ගණන් මහ මුහුදේ රැඳෙන්නට හැකි නෞකා බලවත් ජාතීන් සතුය. ප්‍රහාරක ගුවන් යානා සහ යුද නෞකා සඳහා ඉන්ධන සැපයීම අහසේ මෙන්ම මුහුදේදීත් සිදුකරන තැනට ලෝකය දියුණුවී ඇත්තේය. තවදුරටත් ලෝකයේ බලවත් ජාතීන්ට සංග්‍රාමෝපක්‍රම සඳහා භූමිය ඉලක්ක එතරම් වටින්නේ නැත. එහෙත් භූ දේශපාලනයේදී සිය බලය පතුරුවන්නට බලාපොරොත්තු වන ජාතීන්ට ලෝකයේ බොහෝ රටවල වටිනා භෞතික ඉලක්ක තවදු‍රටත් තිබිය හැකිය. ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීරණයද එවන් එක් සාධකයකි.

නැගෙනහිර ශ්‍රී ලංකාවේ අගනගරය වන ත්‍රිකුණාමලයේ වරායට නුදුරුව මඳක් වනගත ප්‍රදේශයක පිහිටා ඇති මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර ඇත්තේ බි්‍රතාන්‍ය ඉංජිනේරුවන් විසිනි. ඒ 1924 – 1930 කාල‍යේදීය. අක්කර 850ක් පුරා විසිරී ඇති තෙල් ටැංකි සංකීර්ණයට ටැංකි 100ක් ඇතුළත් වුවද ඒවා 101 දක්වා අංකනය කර ඇත. ඊට හේතුව අසුබ අංකයක් සේ සලකා 99 ඉවත් කර ටැංකි අංකනය කිරීමය. එහෙත් මේ වන විට එහි දැකගැනීමට ඇත්තේ තෙල් ටැංකි 99කි. ඊට හේතුව ටැංකි සංකීර්ණයේ 91 වැනි ටැංකිය විනාශව යෑමය. එම තෙල් ටැංකිය විනශව යෑම පසුපස ඇත්තේ යුද්ධ කාලේ කතාවකි.

1942 අප්‍රේල් මස 09 වැනිදා ජපාන හමුදාව විසින් ත්‍රිකුණාමලය සහ මඩකළපුව ඉලක්ක කර ප්‍රහාර දෙකක් එල්ල කරන ලදී. දෙවැනි ලෝක සංග්‍රාමයේදී බි්‍රතාන්‍ය වෙනුවෙන් අසීමිත මෙහෙයක් ඉටුකළ නාවික බළඇණි කිහිපයක් ඒ වන විටත් ත්‍රිකුණාමලය වරායේ නැංගුරම්ලා තිබීම ජපන් හමුදාව ශ්‍රී ලංකාවට පහරදීමට හේතුව විය. එහෙත් ලංකාවට පහර දීමට පැමිණි ජපන් ගුවන් යානයක් ත්‍රිකුණාමල වරායේ ස්ථානගත කර තිබූ ගුවන් යානා නාශක තුවක්කුවකට පහසුවෙන් ඉලක්ක විය. ප්‍රතිඵලය වූයේ එම ගුවන් යානය තෙල් ටැංකි සංකීර්ණයේ 91 වැනි ටැංකිය මතට කඩාවැටී පුපුරා යෑමය. ඒ වන විටත් ඉන්ධන ටොන් දහ දොළොස්දාහක් පුරවා තිබූ එම ටැංකිය ගුවන් යානය ගැටුණු සැණින් ගිනිගන්නට විය. ගල්ෆ් යුද්ධයේදී ගිනිගත් තෙල් ළිඳක් මෙන් සතියක කාලයක් ගිනිගත් තෙල් ටැංකිය නිවීගිය පසු එහි ගිය නිලධාරීනට යානයේ සුන්බුන් සහ එකම හිස් කබලක් සොයාගත හැකි විය. තෙල් ටැංකිය සාදා තිබූ අඟල් දෙකක් විෂ්කම්භයකින් යුත් තහඩු උණුවී ගොස් තිබූ අතර, විනාශයට පත් ජපන් යානයේ පැමිණි බව කියන අනෙක් සෙබළුන් දෙදෙනාගේ ශරීර කොටස්ද අළු වී යන්නට ඇති බව විශ්වාසය විය. එහෙත් පසු කාලයක මේ සිදුවීම පිළිබඳ අපූරු අනාවරණයක් කිරීමට විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන වින්ග් කමාන්ඩර් රංජිත් රත්නපාල සමත් වන්නේය. ත්‍රිකුණාමලය සහ මොරවැව කඳවුරුවල සේවය කර තිබූ ඔහු සිය වෘත්තීය අත්දැකීම් අලළා ලියූ කෘතියකින් ජපන් ප්‍රහාරක යානයේ පැමිණි සෙබළුන් දෙදෙනකු පිළිබඳ අපූරු කතාවක් හෙළිකරයි.

ලංකාවට පහර දීමට පැමිණි ජපන් යානයේ එන්ජිම මුලින් අක්‍රීය වූ බවත්, එම අවස්ථවේ එහි සිටි සෙබළුන් තිදෙනාගෙන් දෙදෙනෙක් යානය විනාශ වන්නට පෙර ඉන් බිමට පැන කිලෝමීටර් 50ක් පමණ දුරින් වූ පන්සලක් වෙත පලාගිය බවත් එම කෘතිය පවසයි. එම පන්සල සේරුවාවිල විහාරය බවත්, කලක් එහි රැඳී සිටි එම සෙබළුන් දෙදෙනා සිවුරු පොරවා භික්ෂූන් ලෙස බුරුමයට පලාගිය බවත්, එක් අයකු පසුව ජපානයට ගිය අතර අනෙකා බුරුමයේම ජීවත්වී මියගිය බවත්, රංජිත් රත්නපාල සිය කෘතියේ පවසයි. මේ සම්බන්ධ රසවත් අනාවරණයක් මාධ්‍යවේදිනී චාන්දනී කිරින්දේ, හිටපු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධරියකු වන සෝමසිරි දේවේන්ද්‍ර සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියන ලද “Bombers who became monks” ලිපියේ සඳහන් වෙයි. එම ලිපිය Thuppahi’s Blog අඩවියෙන් ඔබටද කියවිය හැක.

මේ ආකාරයේ කතා සාගරයකට හිමිකම් කියන ත්‍රිකුණාමලය තෙල් ටැංකි අද වන විට ආසියානු භූ දේශපාලනයේ තීරණාත්මක වටිනාකමකට හිමිකම් කියයි. ලංකාවට ඩොමීනියන් නිදහස ලබදී සුද්දා බි්‍රතාන්‍යයට යන අවස්ථාවේ අතහැරීමට වඩාත් අකැමැති වූයේද මේ තෙල් ටැංකි සංකිර්ණය බව ප්‍රකට කරුණකි. යම් හෙයකින් දෙවැනි ලෝක යුද්ධය නිමකරමින් ජපානය යටත් නොවුණේ නම් ඉන්දීය සාගරයේ මිත්‍රපාක්ෂික රටවල් මුහුණ දීමට තිබූ බරපතළම අර්බුදය වනුයේ ඉන්ධන සැපයුම් අඩාළ වීමය. ඊජිප්තුව පවා සතුරාගේ ග්‍රහණයට නතුව තිබූ ඒ සමයේ ඉන්ධන සැපයීම අඩාළ වීම වූ කලී යුද්ධයේ නියත පරාජයකි. එවකට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය දැරූ වින්සන්ට් චර්චිල් පවා ත්‍රිකුණාමලයට එල්ලවූ ජපන් ප්‍රහාරය යුද්ධයේ ‘බිහිසුණුම මොහොත’ හැඳින් වූයේ එහෙයිනි. ඉන්ධන සැපැයුම අඩාළ නොවී පවත්වාගෙන යාමට ලෝකයේ කොහේවත් සොයාගත නොහැකි විසඳුමක් ලෙස ත්‍රිකුණාමලයේ විය. ඒ, මේ තෙල් ටැංකි සංකීර්ණයය. මෙටි්‍රක් ටොන් 12,000ක ධාරිතාවයෙන් ‍යුත් ටැංකි 99කින් සමන්විත මෙම තෙල් ටැංකි සංකීර්ණය පූර්ණ ධාරිතාව දළ වශ‍යෙන් මෙටි්‍රක් ටොන් 1,188,000කි. ඒ වූ කලී සැපයුම් මාර්ග යළි විවෘත කරගන්නා තෙක් ලෝක යුද්ධයක් පවා ඇදගෙන යාහැකි තරමේ තෙල් සංචිතයකි.

පසු කාලීනව තිකුණාමලයේ තෙල් ටැංකි ගැන වඩ වඩාත් උනන්දු වූ පාර්ශ්වය වනුයේ යාබද ඉන්දියාවයි. දෙරටේ නායකයන් අසල්වැසි රටක අවමඟුලකදී මුණගැසුණද තෙල් ටැංකි ගැන මොනවා හෝ දෙයක් කතා කිරීම සම්ප්‍රදායක් විය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වෙනත් රටක් සමග එක්ව සංවර්ධනය කරනවාට ඉන්දියාවේ වූයේ බලවත් නොකැමැත්තකි. ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි අතර වර්ෂ 1987 දී අස්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුම කෙටුම්පත් කිරීමේදීද ඉන්දියාව ඒ පිළිබඳ දැඩි අවධානයක් යොමුකර ඇත.

1985 – 1989 කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කළ ජෝතීන්ද්‍ර නාත් ඩික්සිත් මෙම තෙල් ටැංකි පිළිබඳ වටිනා තොරතුරු රැසක් සිය ‘කොළඹ භූමිකාව’ නම් සුප්‍රකට ග්‍රන්ථයට ඇතුළත් කර ඇත. ඔහු සඳහන් කරන ආකාරයට ඉන්දු – ලංකා ගිවිසුමට අදාළ දෙරට අතර සිදුවෙමින් පැවැති සාකච්ඡාවලදීද මේ කෙරෙහි යම් ප්‍රමුඛ අවධානයක් යොමුකර තිබේ. ඉන්දු – ලංකා ගිවිසුමේ වගන්ති අතරට තෙල් ටැංකි සම්බන්ධ වගන්ති එක්ව නැතත් ජේ.ආර්. සහ රජිව් ගාන්ධි අතර හුවමාරු වී ඇති ලිපි මගින් ඒ සඳහා වන දෙපාර්ශ්වයේම පැවැති ඇති උනන්දුව පැහැදිලි වන බව ඩික්සිත් සිය කෘතියේ සඳහන් කරයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රජිව් ගාන්ධි වෙත යවන ලද දෙවැනි ලිපියෙහි දෙවැනි ඡේදය මගින් ත්‍රිකුණාමල වරාය සහ තෙල් ගබඩා සංකීර්ණයට අදාළ එකඟත්වයක් ඇති කරගත් බවත්, එහිදී තෙල් ගබඩා සංකීර්ණය අලුත්වැඩියා කිරීමකදී ශ්‍රී ලංකාවටත් ඉන්දියාවටත් හවුලේ කිරීමට තීරණය කර ඇති බවත් ‘කොළඹ භූමිකාව’ තුළින් ඩික්සිත් පවසයි. පසු කාලයක වාර්තා වූයේ තෙල් ටැංකි අලුත්වැඩියාව ඉන්දියාවෙන් පිටස්තර පාර්ශ්වයකට ලබා නොදීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග එකඟ වී ඇති බවය.

රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පෙරමුණු රජය 2003 දී ශ්‍රී ලංකාවේ මිහිතෙල් වෙළෙඳපොළ ඉන්දියානු සමාගමකට විවර කරමින් ගිවිසුම් අස්සන් කළ අවස්ථාවේදී මෙම තෙල් ටැංකි පිළිබඳ වැදගත් තීරණයක් ගත් බව පසුකාලීනව වාර්තා විය. එම ගනුදෙනුවට අදාළව 2003 වසරේ පෙබරවාරි 07 වැනිදා අස්සන් කළ ගිවිසුම මගින් වසර 35ක බදු පදනම යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99ම ලංකා ඉන්දියානු තෙල් සමාගමට (Lanka IOC) හිමිකර දෙන ලද බව වාර්තාවේ. අනතුරුව 2017 දී මෙම ටැංකි 99ම වසර 99 දක්වා බදු පදනම මත ඉන්දියාවට ලබාදීමට මලික් – සුෂ්මා අවබෝධතා ගිවිසුමෙන් එවක පැවැති යහපාලන ආණ්ඩුව එකඟව ඇති බව 2021 වසරේ බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළේය. තෙල් ටැංකි සම්බන්ධව ඉන්දීය සහ ශ්‍රී ලංකා ආණ්ඩු අතර පැවැති දීර්ඝ සාකච්ඡා වකින් පසු 2021 දෙසැම්බරයේ අස්සන් තැබුණු නව ගිවිසුමකින් තෙල් ටැංකි 99න් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට ටැංකි 24කද, ඉන්දියානු ලංකා තෙල් සමාගමට (Lanka IOC) ටැංකි 14කද, ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට ටැංකි 61කද හිමිකාරීත්වය පැවරිණි. ටි්‍රන්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යනු අලුතින් පිහිටුවූ ඉන්දු – ලංකා සමාගමක් වන අතර, එහි කොටස් හිමිකාරීත්වය ලංකා ඛණිජ තෙල් සංස්ථාවට 51%ක් සහ ලංකා ඉන්දීයානු තෙල් සමාගමට 49%ක් ලෙසින් බෙදී යයි. එහි අධ්‍යක්ෂ මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් පත්කෙරුණු සිවුදෙනකුගෙන් සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් පත්කෙරුණු තිදෙනකුගෙන් සමන්විත වනු ඇත. ඊට අමතරව සමාගමේ සභාපතිවරයා පත්කිරීමේ බලයද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බව, නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යංශය පවසා ඇත.

තෙල් ටැංකි කතාවට නම ඈඳෙන්නේ ඉන්දියාවේ පමණක් නොවේ. එම්.සී.සී. ගිවිසුම පිළිබඳ ලාංකේය දේශපාලනයේ සාකච්ඡා වූ යුගයේ ජාතිමාමක නඩය පොළොවේ හැපෙමින් පැවැසූවේ ඇමෙරිකන්කාරයා එම්.සී.සී. ආධාර වැඩසටහනට ලංකාව පටලවා ගන්නේ ත්‍රිකුණාමලයේ දිරායමින් තිබෙන තෙල් ටැංකි ටික අල්ලා ගන්නට බවයි. කෙසේ වෙතත් දේශප්‍රේමී නඩයේ දඬු අඬුවට සිරවුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම්.සී.සී. ගිවිසුමෙන් ඒකාපාර්ශ්වීයව ඉවත් විය. එදා ඒ ගිවිසුම අස්සන් කර එකී ඩොලර් ප්‍රවාහයට රට තුළට පැමිණීමට ඉඩහැරියේ නම් ශ්‍රී ලංකාවේ වත්මන් ඉරණම මෙතරම් අවාසනාවන්ත නෝවන බව ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයෝ පවසති.

ශ්‍රී ලංකාවේ කිසිම ආණ්ඩුවක් සුද්දා රටට ඉතිරි කර ගිය මේ වටිනා සම්පතෙන් කිසිදු වැඩක් ගැනීමට සමත්ව නැත. තෙල් ටැංකි ඉදිකළ තහඩු ගනකම නිසා සිය වසරක් ඒවා පැවැතියා මිස ලංකාවේ කිසිම ආණ්ඩුවක් මේ මාහැඟි සම්පත නඩත්තු කර පවත්වාගෙන යාමටත්, එමගින් රටට ආර්ථික වාසි ලබාගැනීමටත් කටයුතු කර නැත. අවස්ථා කිහිපයකදී වෙනත් රටවල් සමග තෙල් ටැංකි සම්බන්ධ හවුල් ව්‍යාපාර සඳහා විවිධ ආණ්ඩු උත්සාහ කළද දේශප්‍රේමී ජාතිමාමක පුතුන්ගේ විරෝධය සහ සිංහල බෞද්ධ ඡන්ද පදනම හමුවේ එකී ආණ්ඩු නිහඬ විය. ලෝකයේ බොහෝ රටවල් තම තමන්ගේ රටවල පවතින වටිනා සම්පත් වාණිජ ඉපැයීම් බවට පත් කරගැනීමට වෙනත් රටවල උපකාර ලබාගැනීම සාමාන්‍ය සිරිතක් වුවත්, ශ්‍රී ලංකාවේ එසේ කිරීම අසීරුය. ළිං මැඩි සංකල්පයේ ගිලී සිටින ලංකාවේ දේශපාලනඥයන් සහ ඔවුනගේ පදයට කස්තිරම් අල්ලන ජතිමාමක නැට්ටුවෝ තෙල් ටැංකි සංවර්ධනය වෙනත් රටකට පැවරීමට ඉඩ දෙන්නේද නැත. ගෝලීය තෙල් මිලේ උච්චාවචනයන් සැලකිල්ලට ගැනීමේදී රටේ තෙල් මිල පාලනයට මේ ටැංකි අපූරුවට යොදාගත හැකිය. එහෙත් ලංකාවේ පවතින දේශපාලන පසුබිම අනුව එවැනි ක්‍රියා කිසිදු කලෙක සිදුවන්නේම නැත.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඔන්න හරි මෙන්න හරි කිය කියා මාධ්‍ය නිව්ස් දැම්මා නේද? අපි කිව්වා නේද චීනෙ එකඟ වුණොත් විතරයි IMF වැඩේ හරියන්නේ කියලා! අද මුදල් අමාත්‍යංශය කියන දේ හොඳට කියවන්න!

Next Post

ජන ගඟක් සමග සජිත් වත්තලට එයි! සජීවීව බලන්න මෙතැනින් පිවිසෙන්න! LIVE VIDEO

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.