• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දහස් ගානෙන් උඩ යන සත ගානෙ පහළ එන බිල් ක්ලින්ටන්ලා – බිල් ලාඩන්ලත් – බිල් ගේට්ස්ලත් හොල්මන් කරන ලංකාවෙ බිල්…

February 27, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
දහස් ගානෙන් උඩ යන සත ගානෙ පහළ එන බිල් ක්ලින්ටන්ලා – බිල් ලාඩන්ලත් – බිල් ගේට්ස්ලත් හොල්මන් කරන ලංකාවෙ බිල්…
Share on WhatsAppShare on Facebook

රටකට හැම වෙලාවෙ අලුත් ආණ්ඩුවක් පත්වෙනවා කියලා කියන්නේ ඒ රටේ අලුත් දේවල් සිද්ධ වෙනවා කියන එක. රටක පාලකයෙක් අයින් කරලා තව පාලකයෙක්ව මිනිස්සු පත්කර ගන්නේ පරණ පුරුදු තාලෙටම රට ගෙනියන්න නෙවෙයි. රටක ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්නයි මිනිස්සු අලුත් ආණ්ඩුවක්, අලුත් පාලකයෙක් අරගෙන එන්නේ. ලංකාවේ මිනිස්සු අවුරදු 75ක් තිස්සේ මේ සේලලමම කළා. මම හිතන්නේ ඉතිහාසේ වගේම අනාගතේත් ඒක එහෙම වෙයි. අපි අලුත් පාලකයෝ නිර්මාණය කරයි. අපි අලුත් අලුත් තාලෙ කට්ටිය, අලුත් අලුත් විදියේ පන්නයේ, අලුත් අලුත් ඇඳුම් ඇඳගෙන, අලුත් අලුත් නම්වලින් අලුත් පාලකයෝ පත්කර ගන්නවා. ඒගොල්ලෝ රට පාලනය කරන්නේ මොන විදියටද කියන එක ගැන පාලනයට එන්න කලින් විවිධ විදියේ වහසිබස් දොඩවනවා. විශාල ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරනවා. සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන දැක්කම හිතෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් එකක් මුද්‍රණය කරන්න යන වියදමෙන් පවුලකට මාසයක් කන්න පුළුවන් කියලා. ඒ තරම් විශාල මුදලක් ඔවුන් වැය කරනවා. කවි සින්දු ලියාගෙන, විෂුවල් හදාගෙන, දේශපාලන රැස්වීම් තියලා මේ විදියට උනන්දුවෙන් පාලනයට එන අලුත් පාලකයෝ පරණ තාලෙටම පරණ පන්නෙටම අලුත් ඇඳුම් ඇඳගෙන අලුත් මූණු තියාගෙන වැඩකරනවා දැක්කම අපට හැමදාම හිතෙනවා ඊළඟ පාර නම් මේ ගොං වැඩේ කරන්නේ නෑ කියලා. ඒත් ඉතිහාසෙ පුරාම අපි ඒ ගොං වැඩේ වෙනස් වෙනස් විදියට, වෙනස් වෙනස් තාලෙට, වෙනස් වෙනස් ආකාරවලින් කරලයි තියෙන්නේ. ඒක නිසා මේ මොහොතෙත් අපි ඔබට මතක් කරනවා පරණ ගොං වැඩ අලුත් විදියට නොකර, අලුත් ගොං වැඩ පරණ විදියට නොකර, ගොං වැඩක් කියලා කියන්න බැරි විදියේ හොඳ වැඩක් කරන්න ඔබේ හිත හදාගන්න මේ ලිපිය කියවද්දීවත් ඔබ හිතන්න පටන් අරගන්න කියලා.

ඒකට හේතුව තමයි ඔබේ ජීවිතේ මේ වෙනකොට අත්‍යාවශ්‍යම දේවල් කිහිපයක් ගැන මේ ලිපියෙ ලියන්න සිදුවීම. මොනවද මේ අත්‍යාවශ්‍යම දේවල්? එකක් විදුලිය. අනෙක ගෑස්. ඊළඟට තෙල්. ඊළඟට වතුර. මේ දේවල් හතර ගැන අපි කතා කරන්නේ අදක ඊයෙක ඉඳන් නෙවෙයි. මේ හතර ගැන කතාකරනකොට මට හිතෙනවා මේ වෙලාවේ මේ කතාව පටන් අරගන්න ඕනෙ විදුලි බිලෙන් කියලා. මොකද ඒකට හේතුව මේ ලිපිය ලියන මොහොත වෙනකොට අපේ ගෙවල්වලට අලුත් ලයිට් බිල ඇවිල්ලා නැති වුණාට, මේ ලිපිය කියවනකොට ඔබේ ගෙදරට අලුත් ලයිට් බිල ඇවිල්ලා තියෙයි. අලුත් ලයිට් බිල එනකොට ඒ අලුත් ලයිට් බිලෙන් අලුත් ආතල් එකක් ඔබට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි මේ කියන්නේ.

කාලයක් තිස්සේ මේ ගැන එක එක තාලේ කතා තිබුණා. කන්දක් විළිලා මීපැටියෙක් වැදුවා සේ ලයිට් බිල හිතපු විදියටම හිතපු ගාණෙන්ම වැඩිවුණා. අපි හිතුවා ඒක එහෙම නොවේවි කියලා. ඒත් අවාසනාවකට ඒක එහෙම වුණා. දැන් ඔබට එන්නේ අලුත් බිලක්. අලුත් කිව්වම අපි හරි කැමතියි. අලුත් අවුරුද්ද, අලුත් බලාපොරොත්තු, අලුත ගෙනා මනමාලියො. මේ හැම දේම අස්සෙ එන අලුත් විදුලි බිල නම් ඒ තරම් සුන්දර එකක් වෙන්නේ නෑ කියලා අපට විශ්වාසයි.

2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිල විශාල ලෙස ඉහළ ගොස් තියෙනවා. 2017 ජනවාරි මාසයේදී පෙට්‍රල් මිල රු. 127ක් වූ අතර, 2021 ජනවාරි මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රු. 175ක් වෙලා තිබුණා. ඒ, ලීටරයක් 38%ක වැඩිවීමක් නියෝජනය කිරීමක්. මේ වෙනකොට මේ මිල රුපියල් 400ක් වෙලා. එය 2017ට සාපේක්ෂව 334% ඉහළ යාමක්.

එසේම එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඩීසල් මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබුණා. 2017 ජනවාරි මාසයේදී ඩීසල් ලීටරයක මිල රු. 90ක් වූ අතර, 2021 ජනවාරි මාසයේදී ඩීසල් මිල 43%ක වැඩිවීමක් නියෝජනය කරමින් ලීටරයක් රුපියල් 129ක් බවට පත්වුණා. අද වෙනකොට ඩීසල් ලීටරයක මිල සඳහන් වෙන්නෙ රුපියල් 405ක් ලෙසයි.

ඉන්ධන මිල ඉහළ යාම සහ වැඩිවන ඉල්ලුම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලි බිල පසුගිය වසර කිහිපය තුළ ක්‍රමානුකූලව ඉහළ යමින් පවතිනවා. රජය ද විදුලි ගාස්තු සඳහා බදු සහ අයකිරීම් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර එමගින් විදුලි පිරිවැය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බවයි ඔවුන් කියන්නෙ. සාමාන්‍යයෙන් ලංකාවේ විදුලි බිල පසුගිය වසර කිහිපිය තුළ ඉහළ ගියාට වඩා ඉතාම වැඩි අගයකින් මේ වෙනකොට ඉහළ ගිහිල්ලා. දැන් මේ මිල වැඩිවීම 60%කටත් වැඩියි.

ඊළඟට ගෑස්. මේ වන විට කි.ග්‍රෑ. 12.5 ප්‍රමාණයේ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක සාමාන්‍ය මිල වශයෙන් සඳහන් වෙන්නෙ රුපියල් 4,772ක්. අවසාන වශයෙන් එහි මිල සඳහන් වෙලා තිබුණේ රු. 4,409ක් විදියට. ලාෆ් ගෑස් මීට වඩා තරමක් වැඩියි.

‘විශේෂයෙන්ම ඉතිහාසයේ මෑත කාලයේ අපි අත්දැකපු ලෝක ගෑස් මිල වැඩිවීම මේ මාසේ දැක්කා. ගිය ඔක්තෝබර් මාසේ ඉඳලා ඩොලර් 560කට වගේ තිබුණු ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල අද වෙනකොට ඩොලර් 791ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඩොලර් 250කට වඩා වැඩි ගානකින් වැඩිවෙලා තියෙනවා. ගිය මාසෙත් එක්ක සාපේක්ෂව ඩොලර් 200කින් ඉහළ ගොස් තිබෙනවා. ගිය පාර මේ වගේම මිල වැඩිවීමක් වුණා. ලිට්‍රෝ ගෑස් ආයතනයට සිදුවුණා 2022 අප්‍රේල් මාසේ වගේ කාලයකදී රුපියල් දෙදාස් ගානකින් මිල වැඩි කරන්න. 2020 හෝ 2021 දී මේ වගේම රුපියල් 1,300කින් වගේ මිල වැඩිකරන්න මේ තියෙන මූල්‍ය තත්ත්වයන් එක්ක විශාල මුදලකින් වැඩි කළා නම් මම හිතනවා ජනතාවට එක දරාගන්න බැරි තත්ත්වයට යයි. අද මිල සූත්‍රයට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ මිල අනුව අද අපි වැඩිකළ යුතු නියම මිල රුපියල් 950ක් පමණ වෙනවා. නමුත් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අපිට හැකි වුණා මේ අවදානම ලොකු පරාසයකින් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල වැඩිවෙනවා කියන එක දැනගෙන දෙසැම්බර් මාසේ උපකල්පන මත පිහිටලා ජනවාරි මාසේ අපි වැඩිපුර ටොන් 7,000කට අධික ප්‍රමාණයක් ඇණවුම් කළා. එම මිලියන 500කට වඩා වැඩි ලාභය මුළුමනින්ම පාරිභෝගික ජනතාව වෙත ලබාදෙන්නට තීරණය කළා. ඒ නිසා තමයි අපිට මේක කළමනාකරණය කරන්න පුළුවන් වුණේ. ඒ කෙසේ වෙතත් අපිට තියෙන ඩොලර් සංචිත එක්ක අපිට ඇණවුම් කරන්න ලැබුණේ ගෘහස්ථ ගෑස් කියන කොටස විතරයි. මොකද අනිත් වාණිජ ගෑස් සඳහා අපිට ඒක කරන්න බැරි වුණා. ඒ වගේම අපි 2023 දී අප්‍රේල් අවුරුදු පහුවෙනකම් අපිට ගෑස් තොග තිබෙනවා….’

ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් එහි එක්තරා ප්‍රධානියෙක් මෙසේ අදහස් දක්වලා තිබුණා. ඒ ගැන ප්‍රකට වෙබ් අඩවියක් විසින් වාර්තා කරන්නෙ මේ විදියට.

2022 දි ජල බිල වැඩි වුණා. ආයෙත් එහි වැඩිවීමක් ගැන කියවෙනවා. ඒ අනුව ජල බිලත් යම් විදියකින් ඉහළ යාමට නියමිතයිලු.

නව ජල ගාස්තු සංශෝධනයට අනුව ගෘහස්ථව භාවිත කරනු ලබන පළමු ජල ඒකක 5 සඳහා රුපියල් 12 පැවැති ජල ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා තිබේ.

පළමු ඒකකයේ සිට ඒකක 25 දක්වා පිළිවෙළින් රුපියල්’ 50, 65, 70, 80, 100 වශයෙන් පැවැති සේවා ගාස්තුව රුපියල් 300 දක්වා ඉහළ දමා ඇත.

ඒකක 41 සිට 50 දක්වා’ පැවැති රුපියල් 650ක ගාස්තුව රුපියල් 1,000 දක්වාද ඒකක 51 සිට 75 දක්වා පැවැති ගාස්තුව 2,410 දක්වා ඉහළ නංවා තිබේ.

ඒ වැඩිවීම මේ විදියටයි සඳහන් කරලා තිබුණෙ. 2022 ඔක්තෝබර් මාසෙ ඉඳලා නව ජල සබඳතා ගාස්තු 70%කින් ඉහළ ගියා.

හෙට මොකක් වෙයි ද දන්නෙ නැති වුණත් මේ සියල්ල අසීමිතව වැඩි වීමට නියමිත බව විතරක් අපට දැනෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

77 සිට එනවා එනවා ජපන්නු එනවා කිව්වා… 23 දී යනවා යනවා ජපන්නු යනවා කියනවා… බොරු පත්තර බොරු වෙබ් අඩවිවල බොරුවට අහුවෙන්න එපා මෙන්න ඇත්ත…

Next Post

වසන්තත් එක්ක ඇතුළට ගත් 62ක් එළියට දමයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.