බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් 2005 වර්ෂයේ සිට කරන ලද වෝහාරික විගණන වාර්තාව නිකුත් වීමෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා හදිසියේම ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බව දැනගන්නට තිබේ.
මෙම වාර්තාව නිකුත් වීමෙන් පසු එජාපය ප්‍රමුඛ විපක්ෂය චෝදනා කර සිටියේ එජාප ආණ්ඩු කාලයට වඩා වැඩි බැදුම්කර වංචාවක් රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදුව ඇති බවත්, ඊට එවකට මහබැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතාද වග කිව යුතු බවත්ය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් කබ්රාල් මහතා සදහන් කර සිටියේ එජාපය විසින් සකස් කරන ලද වාර්තාවක් කිසිසේත්ම පිළිගත නොහැකි බවත්, එය හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා හා සමාන ක්‍රියාවක් බවත්ය.
මේ අතර පසුගිය සිකුරාදා ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපාරික සමුළුවක් පැවැත්වී ඇති අතර ඊට අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ආරාධනා නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ විශාල කතාබහක් මතුව ඇති බවක්ද දැනගන්නට ඇත.
දැනට කබ්රාල් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මූල්‍ය කටයුතු සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කිරීම මේ සදහා හේතු වී තිෙබේ.
කෙසේවෙතත් ඉන් අනතුරුව කබ්රාල් මහතා ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇති බවද දැනගන්නට තිබේ.










