• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔක්කොම මාධ්‍ය රැල්ලට යද්දී සුමතිපාලලා කරපු නොම්මර එකේ වැඩක්…

February 20, 2023
in Exclusive, Heart
Reading Time: 5 mins read
A A
ඔක්කොම මාධ්‍ය රැල්ලට යද්දී සුමතිපාලලා කරපු නොම්මර එකේ වැඩක්…
Share on WhatsAppShare on Facebook

තවත් එක් සුමති සම්මාන උළෙලක් පසුගිය 09 වැනිදාවේ නිමාවට පත්විය. කූපන් ලියා තැපැල් කරන ක්‍රමය වෙනුවට එස්.එම්.එස්. ක්‍රමයට වසරේ ජනප්‍රියම නළුවයි නිළියයි තෝරාගන්නා ක්‍රමය වෙනදාක මෙන්ම අනුගමනය කළ මෙම අසිරිමත් සම්මාන උළෙලෙහි බොහෝ විට වෙනදාක නොදැකිය හැකි උත්කර්ෂවත් බවක් එදා දක්නට තිබිණි.

ඒ දැක්ම අභිමානවත් විය. සිත්ගන්නා සුලු විය. එපමණක් නොව වදනින් කියන්නට බැරි ගාම්භීර වූ ගෞරවනීය බවක්ද එහි ගැබ්ව තිබිණි. එයට හේතු වූයේ පාට පාට සළුපිළි ඇඳගත් ලස්සන කාන්තාවන් එහි ගැවසුණු නිසාද? එහෙමත් නැත්නම් ඔවුන් සමග උරෙන් උර ගැටී උන් කඩවසම් පිරිමි නිසාද? තවත් හේතු පාඨයක් ලෙස ගන්නවා නම් වේදිකාව මත සොඳුරු නර්තනයන් අනුව සිරුර නැටවූ නළු නිළියන්ගේ ආලිංගනයන් නිසා ඒ අමුතු සුන්දරත්වය කෙනකුට ඇහැට හිතට දැනුණාද? නැත. ඒ කිසිවක් ඉහත කී දැකුම්කලු බවට හේතු වූයේ නැත.

සම්මාන උළෙලක් නම් කොහොමත් එතැන නර්තන සහ ආලිංගන වරදින්නේ නැත. එකිනෙකා පරදන තාලයට නිළියන් හැමදාමත් ඇඟලන දේදුනු පැහැ ගත් සළුපිළිවල වූයේද හැම සම්මාන උළෙලකම දැකපු ආකර්ෂණයමය. කඩවසම් පිරිමින් වුවද නිළි රූ හමුවේ පෑ මනමාලකම්වලද මෙදා විශේෂයක් නම් තිබුණේ නැත.

එහෙම නම් කුමක්ද අර කී සුවිශේෂ අභිමානයට වූ හේතු පාඨය?

එයට හේතු පාඨය වූයේ ප්‍රවීණයන් සිවුදෙනකු සම්මාන දෝත කරන්නට වේදිකාව මතට පය තැබීමය. බොහෝ විට එහෙමත් නැත්නම් සමස්තයක්ව ගත් කල කලා ලොවට සංගීත කලාවට අමතකව ගිය සෙයියාවක් තිබූ ගීත කෝකිලාවන් දෙදෙනකු ඒ සිවුදෙනා අතර සිටීම භාග්‍යයක්ම විය. ඒ, ඉන්ද්‍රානි පෙරේරා සහ ලතා වල්පොලය.

සාමාන්‍යයෙන් සින්දු කියන එකෙන් ඈත්වූ කල හෝ තරුණ කාලේ තරම් ලතාවට ලකේට සින්දු කියන්න අපහසු වූ විටෙක ගායක ගායිකාවන්ව රසිකයන්ට අමතකව යෑම පොදු දෙයකි. එතැනදී මාධ්‍ය විසින්ද එකී ගායක ගායිකාවන්ගේ ගීත ප්‍රචාරය කිරීම කෙමෙන් කෙමෙන් අමතක කර දමයි. සමහර විට සින්දු කියන්න තවදුරටත් පුළුවන්කම තිබුණද පැරැණි ගායක ගායිකාවන් අමතක කර දමා, අලුත් ගායක ගායිකාවන්ගේ හරසුන් ගීත රැල්ල එෆ්.එම්. මාධ්‍ය කලාව විසින් දොහොත් මුදුන් දී පිළිගනිති. එතැනදී යම් අනන්‍යතාවක් මත නම හදාගත් ගායක ගායිකාවන්ව ඔවුන්ට අමතකව යන්නේය. කාට කාටත් ඔවුන් එදා කළ සින්දු පෙරළිය අමතකව යන්නේය. අඩුම තරමේ කාගෙවත් පන්දමක් නැතිව සහජයෙන් ඔවුන් ගෙන ආ හැකියාවට තුටු පඬුරක් උපහාරයක්වත් ලැබෙන්නේ නැති තරම්ය.

ප්‍රවීණ බයිලා ගායක නිහාල් නෙල්සන්ට වගේම හින්දි ගී කලාව සිංහල සින්දු කලාව තුළ ප්‍රසිද්ධියට පත්කළ නුවන් ගුණවර්ධනට සිදුවූයේද ඒකය.

ගී පද රචනය හරිම අලංකාරෙට කරපු හේම ශ්‍රී අල්විස්ටද සිදුවූයේ ඒකය. ගවන්විදුලිය පුරාමත් රූපවාහිනිය ලංකාවට පැමිණි පසුව රූපවාහිනී තිරය පුරාමත් ප්‍රේක්ෂකයන්ව සිනා සාගරයක ගිල්වමින් විනෝද සමය රසගැන්වූ කවට සහ විකට නළුවන් වූ බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු සහ ඇනස්ලි ඩයස්ද හැමෝටම වාගේ අමතකව ගියේය. ඔවුන් තුන්දෙනා ප්‍රේක්ෂකයන්ට තම තමන්ව කිතිකවාගෙන සිනාසෙන්නට කවදාවත් ඉඩ තිබ්බේ නැත. ඔවුන් ප්‍රේක්ෂකයන්ව හිනාගැස්සුවේ ඇත්තටමය. බඩ අල්ලාගෙන ඔවුන්ගේ කවටකම් බලන අයට ඉල ඇදෙන්න ඇත්තටම සිනාව දුන් ඒ නියම විහිළුකාරයන්වද බොහෝ දෙනකුට අමතකව ගියේය. ඒ වගේ කතා ශ්‍රී ලාංකේය කලා ලෝකය තුළ තව ඕනෑ තරම් ගෙනහැර පාන්නට බැරිකමක් නැත

ඒ සියලු ඛේදනීය කතන්දර මැද්දේ 2023 සුමති සම්මාන රාත්‍රිය කරපු වැඩේ නම් ටොපේ ටොප්ය. සින්දු කලාව හොල්ලා තැබූ ගීත කෝකිලාවන් දෙදෙනකු වූ ලතා වල්පොල සහ ඉන්ද්‍රානි පෙරේරා වෙනුවෙන් වාගේම රංගන කලාව තුළ අති චමත්කාරජනක වූත් හැඟීම්බර වූත් රංගන පෙළහරක් පෑ සම්මානනීය නළු නිළියන් දෙපළක් වූ සනත් ගුණතිලක සහ අයිරාංගනී සේරසිංහ වෙනුවෙන්ද ඔවුන් කළ වැඩේ ටොපේ ටොප්ය.

මේ කෙරුම්කාරයන් හතරදෙනා සම්මාන දෝත දරන විට ඕඩියන්ස් එකේ හිටපු කලාකරුවන් දුන්න කන් බිහිරිකරවන තරම් වූ අත්පොළසන් නාදය සුමධුර විය. ඇතැම්හු සිය අසුන්වලින් නැඟී සිටියෝය. සුමති සම්මාන උළෙල මෙහෙයවූ සුප්‍රකට ඡායාරූප ශිල්පීන් උත්සව අවස්ථාවෙන් පසුව වැඩිපුරම එහා මෙහා දැඟලුවේ ජනප්‍රිය හෝ හොඳම නළු නිළියන්ව ෆොටෝ ගන්නට නොවේ. අඟපසඟ පෙනෙන්නට සළුපිළි ඇඳගෙන උන් ලස්සන නිළි කෙල්ලන්ව ෆොටෝ ගන්නට නොවේ. ඔවුන් හැමෝම තරගයට වාගේ සිය කැමරා කාචයන්ට හසුකර ගත්තේ උපහාර සම්මාන අතැතිව හිටපු මේ ප්‍රවීණයන් හතරදෙනා එකට හිටපු ෆොටෝය.

සම්මාන උළෙලෙහි ඡායාරූප බලන්නට උනන්දු වන රසික රසිකාවියන්ද දහසකුත් එකක් ඡායාරූප අතර මේ ප්‍රවීණ කලා ශිල්පීන් හතරදෙනා ලස්සනට හිනාවෙලා ඉන්න ඡායාරූපය දිහාවේ ටිකක් විශේෂයෙන් මොහොතක් බලා සිටියාට සැක නැත.

‘යංතං ඔන්න සම්මාන උළෙලකින් වෙන්නම ඕනෙ හොඳ වැඩක් වෙලා…’

කවුරු කවුරුත් ඒ ෆොටෝ එක බලලා එහෙම කීවෝය. මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය පුරාමද ඒ ප්‍රවීණයන් සිවුදෙනා එකට ඉන්න ෆොටෝ එකට හොඳ තැනක් සහ ප්‍රසිද්ධියක් ලැබිණි. ඒ තරමට ඒ ෆොටෝ එක පංකාදුය. ගරු ගාම්භීරය. ෆොටෝ එකට එච්චර ලුක් එකක් ආවේ ඒක සම්මාන උළෙලකින් කරපු නියම ඇට්ටි හැලෙන වැඩක් නිසාය. සමහර තැන්වල කමකට නැති අයට සම්මාන දුන්නද ඒ සියල්ල කැපී යන්නට ඒ අඩුපාඩු පෙනෙන් නැතිව යන්නට ‘සුමති’ලා කරපු මේ වැඩේ නම් හරිම පාරට්ටුය. හොඳ නරක හැම දේම සමබරව සටහන් කරන ‘මව්රට’ පත්තරේටත් මෙහෙම ලියන්නට හිතුණේ ඒකය.

ප්‍රවීණ සම්මානනීය නිළි අයිරාංගනී සේරසිංහට මෙහෙම උපහාරයක් නොකළා නම් ඇත්තටම එය ‘සුමති සම්මාන’ වෙතින් සිදුවන අවැඩක් වෙන්නට තිබුණේය. එහෙම කියන්නේ ‘රේඛාව’ සිනමා පටයේ සිට ‘බක්මහ දීගේ’ හරහා එමින් ඈ කළ රංගනය අතිවිශිෂ්ට නිසාය.

ප්‍රවීණ, සම්මානනීය නළු, චිත්‍රපට අධ්‍යක්ෂ සහ නිෂ්පාදක සනත් ගුණතිලක ගැනද කිව යුත්තේ ඒ ටිකමය. සිටු කුමරියන් එක්ක පැමිණි සනත් ගුණතිලක, ‘ගඟ අද්දර’ හරහා අතිශය ජනප්‍රියව ඇවිදින් ‘කැඩපතක ඡායා’ සහ ‘සිසිල ගිනිගනී’ ඇතුළු තවත් සිනමා පට තුළින් පෙන්වූ ප්‍රභාව ශෝභමානය. ‘එකමත් එක රටක’ කතන්දරය ගැන කතා කරන විට ඔහු කළ රංගනය කාට වුවද අමතක කරන්නට බැරිය. සනත්ට එහෙම සම්මානයක් වෙන් කළ එක වෙනුවෙන් සුමතිලාට ස්තුති කළ යුතුය.

නළු නිළියන්ට නම් කොහොම කොහොම හරි මොනවා හෝ යමක් ඒ විදියට ලැබෙන එක කොතැනක හෝ සිදුවන්නේය. ගායක ගායිකාවන්ව නම් ඒ අතර හැම දෙනකුටම පාහේ අමතකව යන්නේය. හැම සම්මාන උළෙලකම වාගේ ඒක සිදුවන්නට විය. සිදුවෙමින් තිබිණි.
සුමතිලා එය වෙනසකට බඳුන් කළේය.

ප්‍රවීණත්වයට පැමිණි අග්‍රගණ්‍ය ගායිකාවන් දෙන්නෙක්, සිනමාවේ ප්‍රවීණයන් දෙපළක් වූ සනත් ගුණතිලක සහ අයිරාංගනී සේරසිංහ එක්ක කාගේත් ඇහැ ගිය ඡායාරූපයට හිනාවෙලා මුහුණ දුන්නේ ඒකය. කවුරුත් අහිතක් හිතන්නේ නැත්නම් කිව යුත්තේ සනත් ගුණතිලකයි, අයිරාංගනී සේරසිංහයි උපහාර සම්මාන ගත්තට වැඩිය ලතා වල්පොලයි, ඉන්ද්‍රානි පෙරේරායි ඒ උපහාරයට මැදිවුණ එක මහා උද්දාමයකි. එයට හේතුව ගායක ගායිකාවන්ව ඔය විදියට අගය කරන කලාව බොහොමයක් සම්මාන උළෙල සංවිධායකයන්ට අමතකව යන නිසාය.

ලතා වල්පොල සිය මිහිරි හඬ සිනමාවටද දායාද කෙරුවේ ෆ්ලොරිඩා ජයලත් වැනි සිනමා ප්‍රවීණයන්ගේ කාලයේ ඉඳලාය. මතකය නිවැරැදි නම්, ඉන්ද්‍රානි පෙරේරා සිය අමුතු ආකාර ගී ලතාව සිනමාවට දායාද දුන්නේ ‘සිකුරුලියා’ චිත්‍රපටයෙනි. එතැන් පටන් ඔවුන් දෙපළ විවිධ මං ඔස්සේ සංගීත කලාව සමග කළ මහා පෙරළිය කාට අමතක වුණත් සුමතිලාට අමතක නොවූ එක නම් අගය කර කර කියන්නට ඕනෑ කාරණයකි. හේතුව තවත් වතාවක් කියනවා නම් නළු නිළියන්ව තරම් ගායක ගායිකාවන්ව සම්මාන උළෙලවලට මතක් වෙන්නේ නැති නිසාය.

කොහොම වුණත් මේ ආරම්භය නම් හරි ලස්සනය. කාලෝචිතය. ගෞරවනීයය. ඒ හින්දාම ‘ලත් තැනම ලොප්’ නොකර මෙතැනින්ම අවසාන නොකොට මෙවැනි ආරම්භයක් දිගුවක්ව ගෙනයනවා නම් ඒක අගය කළ යුතු ක්‍රියාවකි. මේ කියන්නේ සුමති සම්මාන පෙළහරට විතරක් නොවේය. තව තව සම්මාන පිදෙන හැම සම්මාන උළෙලකටමය.

එතකොට අර ප්‍රවීණ ගත්කරු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ද මැල් මහත්තයාගේ පොතක තිබුණා වාගේ සම්මාන උළෙලක අවසානය ගැන හැමෝටම වාගේ අපූරුවට හැඩට ‘ඉනික්බිති සියල්ලෝ සතුටින් විසිර ගියහ’ කියලා ලියන්නට පුළුවන.

අවසානයට සුමතිලාට ස්තුති කරන්නටද අමතක නොකරන්නෙමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුලුවන්!

Next Post

නුවර අධිවේගය ඉක්මනින් ඉවර කරන්න, මහනුවර නගරය ඉක්මනින් විශාල දියුණුවක් කරන්න, අද නුවරදී රැස්වුණු කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කරලා!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.