ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් දෙදෙනකු මියගොස් තවත් 28 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බස් රථය නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.










