නුවර – කොළඹ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වූ කැලණිය විශ්වවිද්‍යායේ සිසුන් පිරිසක් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ලකිරීමට පොලීසිය කටයුතු කර තිබේ.
එහිදී භික්ෂූන් වහන්සේ සිව් දෙනෙකු ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
විරෝධතාවයක පැවැත්වූයේ අත්අඩංගුවට ගත් කැඳවුම්කරු කැලුම් මුදන්නායක හා ශිෂ්‍ය ක්‍රියාකාරී දිල්ෂාන් හර්ෂණ යන දෙදෙනා වහා නිදහස් කරන්නැයි ඉල්ලමින් ය.










