• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාෆ්ටර් මරණය උඩුයටිකුරු වෙයි… ආගන්තුක DNA කාගෙද? රෝහල් වාර්තා කෝ? ඇඳ ඉහපත අංකය නෑ

February 19, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ෂාෆ්ටර් මරණය උඩුයටිකුරු වෙයි… ආගන්තුක DNA කාගෙද? රෝහල් වාර්තා කෝ? ඇඳ ඉහපත අංකය නෑ
Share on WhatsAppShare on Facebook

දිනේෂ් ෂාෆ්ටර්ට මොකක් ද වුණේ?
අපි මොනවද දන්නෙ?
එක එක කාලෙට එක කයිකතන්දර එනවා. තවම මේ කතාව අපි දන්නෙ නෑ.
DNA
පරීක්ෂණයේදී ආගන්තුක ජෛව සාම්පලයක් මතුවෙයි. ඒ ‌කාගේද?
ඩී.එන්.ඒ. පරීක්ෂණ වාර්තා අනුව ඔහුගේ ජෛව සාම්පලයට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 14 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය හමුවේ සඳහන් කළේය. ඒක කාගෙද? මේ වෙනකොට ඔහුගෙ මරණයට අදාළව ඒ ස්ථානයෙ හිටපු කීපදෙනෙක්ගෙ නම් කියවුණා. ඒ කියන්නෙ ඔවුන් මේ මරණයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධයි කියන උපකල්පනය නෙමෙයි. ඔවුන් මරණකරුව අතපත ගාන්න හෝ ඒ ආශ්‍රිත උපකරණ භාවිත කරන්න ඇති කියන අනුමානය. නමුත් ඔවුන්ට අමතරව සැකසහිත DNA සාක්ෂියක් මේ අස්සෙ තියෙනවද?
එහෙම නම් ඒක කාගෙද? ඒ ගැන මොකක්ද පොලීසිය දරන මතය?
ඇඳ ඉහපතේ අංකය මරණ පරීක්ෂණ වාර්තාවේ නැත්තේ ඇයි?

ඕනෑම පුද්ගලයෙක් රෝහල්ගත කළාට පස්සෙ ඔහුගෙ හෝ ඇයගෙ ඉදිරි කටයුතු වෙන්නෙ ඇඳ ඉහපත අංකයට අනුව. කොටින්ම කියනවා නම්, රෝහල තුළ ඔහුව හඳුගන්නෙ එහෙම. සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතෙ මනුෂ්‍යයෙක් රෝහලේදී මියගියත් ඉන් පස්සෙ ඒ මෘත ශරීරයේ මේ අංකය සහිත ටැග් එකක් රඳවනවා. ඉන් පස්සෙ දිගින් දිගටම අවශ්‍ය කටයුතු වෙන්නෙ මේ ඇඳ ඉහපත අංකය එක්ක. ඒත් මේ ෂාෆ්ටර්ගෙ මරණය සම්බන්ධව කරපු පරීක්ෂණයේදී ඒ ක්‍රමවේදය මඟහැරුණෙ කොහොමද කියන එක විශාල ගැටලුවක් වෙලා තියෙන්නෙ.

මේ විදියට මෘත ශරීරය මුදාහැරියට පස්සෙ කවුරු හෝ කෙනෙක් වෙනත් පරීක්ෂණ වාර්තාවක් ඇතුළත් කරන්නට යාමේදී යම් අතපසු වීමක් වුණාය කියන කාරණාව දක්වාම මේ සැකය දුවන්න පුළුවන්. මොකද මේ මරණය සම්බන්ධ කාරණාවලදී කීප අවස්ථාවක කතා කීපයක් මරණ පරීක්ෂණ වාර්තාව ආශ්‍රයෙන් කියවෙන්න ගත්තා.

එක වතාවක මෙය ගෙල සිරකිරීමෙන් සිදුවූ මරණයක් බව වාර්තා වුණා. ඒ වෙලාවෙ අපිට දැනුණෙ මේ මනුෂ්‍ය ඝාතනයක ස්වභාවය.

තවත් වතාවක කියවෙන්නෙ ගත්තා මෙය ගෙල සිරකර ගැනීමක් බව. ඒ අවස්ථාවෙ බොහෝ කාරණා ඔප්පු වෙමින් තිබ්බා ඔහුම ඔහුගෙ ගෙල සිරකරගත්ත බවට. ඒ ගෙල සිරවූ ආකාරයේ වයර් පටි ඔහුගෙ කාමරයෙන් හමුවුණා. වයර් පටිය මවගෙ නිවෙසේ ඇන්ටනාවෙ වයරය බව කිව්වා.

මේ වෙනකොට කියවෙන්නෙ සයනයිඩ් හා සම්බන්ධ කතන්දරයක්. මේ වෙලාවෙ සයනයිඩ් මේ කතාවට ඇතුළත් වුණා නම් එතකොට අර වයර් එක? කාමරෙන් හමුවුණු පටි? ඒවා පරීක්ෂණ අතරතුරේ ඉක්මනින්ම අමතකව යාම තමයි අපිට පේන්නෙ.

මුලින්ම කරපු ස්කෑන් පරීක්ෂණ ඉදිරිපත් කරන්න.

ෂාෆ්ටර් පවුලෙ නීතිඥවරයා අධිකරණයෙන් කරපු තවත් ඉල්ලීමක් බව මාධ්‍ය මේ කාරණයත් සටහන් කරලා තිබ්බා. ඇත්තටම යම් අසාධ්‍ය මට්ටමින් රෝගියෙක් රෝහලට ඇතුළත් කළාට පස්සෙ ඔහු සම්බන්ධව ප්‍රාථමික ප්‍රතිකාර ඒකකයේ සිටම සිදුකෙරෙන පරීක්ෂණ තියෙනවා. ඒ වගේම ඔහුගෙ තත්ත්වය මත ඉන් ඉදිරියට කෙරෙන පරීකෂණ සිදුවිය යුතුයි. එහෙම නොවුණා නම් ඒ ඇයි කියන එකත්, එහෙම පරීක්ෂණ සිදුවුණා නම්, ඒවයේ ප්‍රතිඵල සටහන් කෝ? මේ වෙලාවෙ කරපු පරීක්ෂණවලින් ඔහුගෙ ශරීරයේ ඒ අවස්ථාව වෙනකොට තිබුණු හානි පිළිබඳ පූර්ව නිගමනයකට එළඹිය හැකියි කියන එකයි සාමාන්‍ය අදහස. ඒ අනුව ස්කෑන් සටහන් අත්‍යාවශ්‍ය සාක්ෂියක් වේවි.

මුලින්ම ගත්තු ෆොටෝ, වීඩියෝ ඉදිරිපත් කරන්න.

මේ සම්බන්ධව කරපු පරීක්ෂණ විශාල ලෙස වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. විටින් විට ඉදිරිපත් වෙන අදහස්වල පිටින් බලන කෙනෙක්ට පේන්නෙ ගැටලුකාරී ස්වභාවයක්. එහෙම තත්ත්වයක් යටතේ අදාළ සිදුවීම අවස්ථාවේ පින්තූර හෝ වීඩියෝ ඉතා වැදගත්. ඒ අවස්ථාවෙ ඔහුගෙ ශරීරයේ තිබුණු තුවාල මොනවද? ඒ තුවාල සිදුවීමට හේතු වෙන්න ඇත්තෙ මොන හේතුවෙන්ද? ඒ වෙනකොට ඔහු හිටියෙ කොහොමද? ඒ වගේම ශරීරයේ හානිවල හැබෑ ස්වරූපය මොකක්ද කියන මේ සියල්ල මේ වෙනකොට තියෙන්නෙ සාක්ෂි මත පමණක් පදනම්ව. නමුත් ඒ නිසාම අදාළ අවස්ථාවේ පින්තූර හෝ වීඩියෝ ගැන හොයන්න අවශ්‍යයි. ඇතැම් විට අදාළ සිදුවීමක් එක්ක ඒ වෙලාවෙ වුණු කලබලය අස්සෙ කිසිවෙක් ඡායාරූප අරගෙන නැති වෙන්න පුළුවන්. නමුත් මේ සිදුවීමට අදාළව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි නැද්ද?

විමර්ශනයට ගත් සිරුරු කොටස් සුරක්ෂිතව තබා ගන්න.

ලංකාවෙ මේ විදියට විමර්ශනවලට අදාළ ශරීර කොටස් අතුරුදන්වීම් ඕනෑ තරම් වාර්තා වෙනවා. ඒ නිසා මේ පරීක්ෂණයේ තියෙන ඉතා සංකීර්ණ ස්වභාවය මත සියලු ආකාරයේ ආරක්ෂක විධිවිධාන ගන්නම වෙනවා. ඒ නිසා මේ විදියට ඔවුන් විශේෂ ඉල්ලීමක් යොමුකරන්නෙ.

ෂාෆ්ටර් පවුලේ නීතිඥයා අධිකරණයෙන් කළ මේ ඉල්ලීම් සියල්ලම මහේස්ත්‍රාත්වරිය පිළිගනු ලැබ තියෙනවා. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධව තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් ආන්දෝලානාත්මක සිදුවීම් වැලකින් පස්සෙ කොළඹ ජාතික රෝහලේදී මියගියා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාවේ ඡන්දෙ කල් දැමීමට එරෙහිව එංගලන්ත පාර්ලිමේන්තුව ඉස්සරහ ශ්‍රී ලාංකිකයො උද්ඝෝෂණ කරයි! PHOTOS

Next Post

කැලණියේදී සිසුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි! VIDEO

MORE NEWS

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Load More
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

"මේ යන විදිහනම් එච්චර හොඳ නෑ.. ට්‍රම්ප්ගේ බද්ද ආයෙත් අපිට බලපානවා" Sri Lanka Latest News

Read more
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.