විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දීම කර ඇත්තේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් විනිසුරු පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නා ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග ලබා දී තිබියදීය.
එමෙන්ම යම් අත්අඩංගුවට ගැනීමකදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අවස්ථා දෙකකදීම පොලිස්පතිවරයාට උපදෙස් ලබා දීමටද පියවර ගෙන තිබිණ.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා, නීතිපතිවරයා විසින් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග ලබා දුන්නද එවැනි අත්අඩංගුවට ගැනීම් කිරීම සුදුසුදැයි සොයා බැලීම සදහා පංචපුද්ගල කමිටුවක්ද පත් කිරීමට පසුගියදා පියවර ගත්තේය.










