• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කටුනායකට විශාල ආරක්ෂාවක් දාලා ‌බස්සපු අමෙරිකන් යානා දෙකේ හිටපු කණ්ඩායම කව්ද? හයිවේ එකත් වහලා කොළඹ අරන් ආවේ ඇයි? හම්බවුණේ කවුද? කතා කළේ මොනවද? VIDEO

February 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
කටුනායකට විශාල ආරක්ෂාවක් දාලා ‌බස්සපු අමෙරිකන් යානා දෙකේ හිටපු කණ්ඩායම කව්ද? හයිවේ එකත් වහලා කොළඹ අරන් ආවේ ඇයි? හම්බවුණේ කවුද? කතා කළේ මොනවද? VIDEO
Share on WhatsAppShare on Facebook

පසුගිය සති අන්තයේ හදිසියේම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ගුවන් තොටුපළ බලධාරීහු පියවර ගත්හ. ඒ අනුව ගුවන් තොටුපළ පරිශ්‍රයේ පමණක් නොව ගුවන් තොටුපළ පරිශ්‍රයෙන් පිටත මහාමාර්ගවල පවා ආරක්ෂක අංශ සාමාජිකයන් යෙදවීම තුළ මොකක් හෝ යමක් ගුවන් තොටුපළ තුළ සිදුවන බවක් එහි සේවකයන්ට වැටහී ගොස් තිබිණි. බොහෝ දෙනා සිතුවේ දේශපාලන අධිකාරියේ ඉහළ නිලධාරියකු හෝ විශේෂ විදේශ අමුත්තකු හෝ ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව ඇති නිසා මෙසේ විශේෂ ආරක්ෂාවක් යොදවන්නට ඇතැයි කියාය. නමුත් ආරක්ෂාව යොදා දිනක් තුනක් ගතවුවද විශේෂ යමක් ගුවන් තොටුපළ තුළ සිදු නොවූයෙන් බොහෝ දෙනාට එය සාමාන්‍ය දසුනක් බවට පත්වන්නට වැඩි වේලාවක් ගියේ නැත.

ඒ කොයි හැටි වෙතත් පසුගිය අඟහරුවාදා රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපළට Boeing C 17 Globemaster වර්ගයේ දැවැන්ත යුද ගවන් යානා දෙක්ක පැමිණෙන ආකාරයක් දැකගත හැකි විය. අසල්වැසි රාජ්‍යයක සිට පැමිණි මෙම ගුවන් යානා දෙක ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් අතිවිශේෂ රාජකාරි සඳහා යොදාගන්නා ගුවන් යානා දෙකක් විය. එමෙන්ම ඇමෙරිකාව පසුගිය කාලයේදී ඉරාකය, ඇෆ්ගනිස්තානය, හයිටි ආදී රටවල යුද මෙහෙයුම් සඳහා භාවිත කළේද ඉන්දියාවේ හදිසි ගංවතුර තත්ත්වයක් මතුවූ අවස්ථාවේදී ජීවිත ගලවා ගැනීම සඳහා යොදාගනු ලැබුවේද මේ වර්ගයේ ගුවන් යානාවන්ය. එකවර හමුදා සාමාජිකයන් සිය ගණනක් ඇතුළුව යුද රථ හා යුද උපකරණ පවා මෙම යානාවෙන් ප්‍රවාහනය කළ හැකි බව පැවැසේ.

සාමාන්‍යයෙන් වෙනදා නම් මේ ආකාරයට ඇමෙරිකානු රජයට අයත් විශේෂ ගුන් යානාවක් ලංකාවට පැමිණෙන්නේ නම් ඊට විශාල පූර්ව ප්‍රචාරයක් ලබාදීම සිදුකෙරෙන්නක් වුවත් මෙවර කිසිදු පාර්ශ්වයකින් ඒ සම්බන්ධ වචනයක් හෝ නිල වශයෙන් ප්‍රකාශයට පත් නොවීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම එන්නේ කවුරුන්ද කියා හෝ වචනයක්වත් කිසිදු පැත්තකින් ප්‍රකාශ නොවීමද එහිදී දැකගන්නට ලැබුණු තවත් විශේෂ සිදුවීමක් විය. ඒ තරමටම එය රහස් ගමනක් වූ අතර ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ තවත් අතේ ඇඟිලි ගණනටත් අඩු පිරිසක් පමණක් එය දැන සිටි බවකි.

කෙසේ වෙතත් මෙම ඇමෙරිකානු ගුවන් යානා දෙකේ පැමිණිම සහ එහි පැමිණියේ කවුරුන්ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් නොවුණත් අඟහරුවාදා රාත්‍රියේ යම් විශේෂ දෙයක් සිදුවන බවක් බොහෝ දෙනාට වැටහී ගියේ හදිසියේම කටුනායක අධිවේගී මාර්ගය වසාදැමීමට බලධාරීන් පියවර ගැනීමත් සමගය. සාමාන්‍යයෙන් අතිවිශේෂ රාජ්‍ය අමුත්තකු පැමිණෙන්නේ නම් පමණක් මෙසේ කටුනායක අධිවේගී මාර්ගය වසාදැමීම සිදුකෙරෙන්නක් වුවත් මෑත ඉතිහාසයේ එවැන්නක් වාර්තා වූ දිනක් නොමැති තරම්ය. ඒ අනුව අධිවේගී මාර්ගය වසා දැමීමත් සමග රටට ඇතුළු වූයේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමට බොහෝ පාර්ශ්වයන් උනන්දු වූ ආකාරයක්ද දැකගත හැකි විය.

එම සොයාබැලීමේවලදී තහවුරු වූ කරුණ වූයේ කාටත් හොරා එසේ පැමිණ ඇත්තේ ඉන්දු පැසිෆික් ආරක්ෂක කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ආරක්ෂක ලේකම් Jedidiah P. Royal මහතා ප්‍රමුඛ 27ක නියෝජිත කණ්ඩායමක් බවකි. මෙම පිරිස කොළඹට පැමිණි පසු ජනාධිපතිවරයාත්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාත් මුණගැසී සාකච්ඡා පැවැත්වූ බව වාර්තා වී තිබිණි. මෙහිදී ආරක්ෂක රජ්‍ය අමාත්‍ය ප්‍රමිත මුණගැසුණු ඡායාරූප පවා මාධ්‍යයට නිකුත් කොට තිබිණි.
නමුත් ප්‍රශ්නය ඇත්තේ මෙම කණ්ඩායමේ ප්‍රධානියාගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කළේ නම් ඔවුන්ගේ ගමන විශාල රහසක් ලෙස තබාගැනීමට මුල් අවස්ථාවේදී කටයුතු කළේ මක්නිසාද යන්නය. ආරක්ෂක ප්‍රධානී Jedidiah P. Royal සමග පැමිණි අනෙකුත් සාමාජිකයන් කවුරුන්ද යන්නය. ඔවුන් අතර බුද්ධි නිලධාරීන්ද සිටියේද යන්නය. ඔවුන් සියලු දෙනා නිල වශයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා වීසා පහසුකම් ගෙන ලංකාවට ඇතුලු වුණේද යන්නය.

අනෙක් විශේෂත්වය වන්නේ මේ ආකාරයට ඇමෙරිකානු ඉහළ පෙළේ කණ්ඩායමක් ලංකාවට පැමිණෙන්නේ ඇමෙරිකාව හා චීනය අතරද ගැටුමක් වර්ධනය වෙමින් පවතින කාලවකවානුවක වීමය. දැනටමත් ඇමෙරිකාව සිය රටට ඉහළින් අභ්‍යවකාශයේ තිබූ චීන බැලුමක් විනාශ කොට ඇති අතර කැනඩාවද එවැනිම ආකාරයට සිය රටට ඉහළින් තිබූ චීන ඔත්තු බැලුනයක් බිම හෙළීමට පියවර ගෙන තිබිණි. එවැනි පසුබිමක ඇමෙරිකාවේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් පිරිසක් පැමිණීමද විශේෂ සිදුවීමකි.

SendShareShare
Previous Post

ආණ්ඩුව ඡන්දෙ තියන්න දෙන්නෙ නෑ! මැතිවරණ නිරීක්ෂකයෝ උසාවි යන්න ලෑස්ති වෙයි!

Next Post

සජිත් දැන් රත්නපුරේ! සජීවීව ‌බලන්න මෙතැනින් පිවිසෙන්න! LIVE VIDEO

MORE NEWS

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

Load More
ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

මේ වෙසක් පොහොයට පුන්පුරා හඳ වෙනදා වගේම පායගෙන ආවා. ඒ පුරා හඳේ එළිය යට මිනිස්සු බලාපොරොත්තු දල්වාගෙන එහෙට මෙහෙට ඇවිදින්න...

Read more
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.