ලබන සදුදා (20) දිනයේදී ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩපිළිවෙළට එරෙහිව කොළඹ නගරයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.
තැපැල් ඡන්ද පත්‍රිකා ලබා නොදීම හේතුවෙන් තැපැල් ඡන්දය කල් දැමීමට අද පෙරවරුවේ මැතිවරණ කොමිසමට සිදුවීමත් සමග රැස්වූ සජබ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගනු ලැබිණ.
ඒ අනුව ලබන සදුදා දින දැවැන්ත ජනතාවක් සමග කොළඹ නගරයට පැමිණ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමටත්, ඉන් අනතුරුව එය දීප ව්‍යාප්තව සිදුකිරීමටත් සමගි ජන බලවේගය තීන්දු කොට ඇති බව දැනගන්නට ඇත.










