ආණ්ඩුවට සහ පොහොට්ටුවට සම්බන්ධ පිරිස් විසින් මේ වනවිට නව මැතිවරණ නීරීක්ෂණ සංවිධානයක් අටවාගෙන මැතිවරණය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් යෙදී සිටින බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
CMEV සංවිධානයේ ප්‍රධානී මංජු ගජනායක මහතා පෙන්වා දුන්නේ මෙම අටවාගත් සංවිධානය මැතිවරණ කොමිසම කැදවූ සාකච්ඡාවන්ට සහභාගී වී නොමැති බවත්, ආණ්ඩුවේ ප්‍රබල තැනකින් මෙහෙයවන මාධ්‍යවේදීන් පිරිසක් ඊට සම්බන්ධ බවත්ය.
එමෙන්ම මම සංවිධානය මගින් ව්‍යාජ පුවත් නිර්මාණය කර මේ වනවිට බෙදාහරිමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










