• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඹයි රජා King Khan…

February 10, 2023
in Exclusive, Heart
Reading Time: 9 mins read
A A
උඹයි රජා King Khan…
Share on WhatsAppShare on Facebook

‘වෙලාව’ යන වචනය හරි පුදුමාකාර එකකි. අකුරු තුනක සරල තේරුමක් තිබුණද වෙලාව යන වචනයෙහි අරුත මිනිසුන්ට කරන බලපෑම හිතාගන්නටත් බැරි තරම්ය. ඒ වගේම වෙලාව යන වචනයට අරුත් දෙකක් වේ. පැතිද දෙකක් වේ. එක වෙලාවක් ඔරලෝසුවේ වෙලාවය. එය මිනිසුන්ට අවැසි කාලය මැනගැනීමට සහ ගෙවීයන දවස කළමනාකරණය කිරීමට අණ දෙන යාන්ත්‍රික පාලකයෙකි.

අනෙක් ‘වෙලාව’ මිනිසුන් මෙලොව ඉපදෙන විට අරගෙන එන, අත් දෙකේ මිටමොළවාගෙන එන වෙලාවය. එය යන්ත්‍රයක් නොවුණාට මිනිසකුගේ දෛවය විවිධාකාරයට පාලනය කරන අදිසි හස්තයක් බඳු අණ දෙන නියාමකයෙකි.

ලොව ඕනෑම කෙරුම්කාරයකු ඒ නියමයට යටත්ය. පැහැදිලිවම කියනවා නම් ‘වෙලාව’ යන නියමයට විරුද්ධව නැගී සිටීමේ අභියෝගය ජයගත් මිනිසුන් ලොව නැති තරම්ය. පදික වේදිකාවේ දිවි ගෙවන යමයාටද, අතු පැලක දවස ගෙවන නැතිබැරි මිනිසුන්ටද, සුපිරි පන්තියේ වෙසෙන කුමාර ජීවිත ගෙවන රජවරුන් වැනි මිනිසුන්ටද ඒක එහෙමයය. වෙලාව හොඳ වූ විට හිඟන්නාද රජවන්නේය. එලෙසම වෙලාව නරක් වූ විට රජවරුන්ද නන්නත්තාර වන්නේය.

උතුරු ඉන්දියානු සිනමාව පුරා සිය අණසක පතුරුවාලූ ‘කිං ඛාන්’ට සිදුවූයේද එවැන්නකි. අවුරුදු ගණනක් සිය නරක වෙලාව නිසා කිං ඛාන් හෙවත් ෂාරුක් ඛාන්ද නන්නත්තාර වී සිටියේය. ඒ වෙලාවේ තියෙන නරකකම කොතෙක්දැයි කියනවා නම් කොටහලු වූ ගැහැනු දරුවකු සේ සමාජයෙන් වහංවී හුදෙකලාව බොහෝ කාලයක් දිවි ගෙවන්නට මේ රජාට සිදුවිය.

‘කිං ඛාන්’ ලෙස ඔහු පැලඳගෙන සිටි ආඩම්බර කිරුළ තමාට අහිමි වේය යන බියෙන් සහ චකිතයෙන් කල්ගෙවන්නට තරම් ෂාරුක් ඛාන්ගේ දසාව පසුගිය කාලයේ නරක් වුණේය. ජාති සහ ආගම් භේදයකින් තොරව ඉන්දියානු සිනමා ලෝලීන් ආදරය කළ මේ රජතුමාට හින්දු අන්තවාදීන් පහර පිට පහර ගසන්නට ගත්තේ කිසිවකු නොසිතූ ලෙසය. මුස්ලිම් ‘ඛාන්’ කෙනකු උතුරු ඉන්දීය සිනමාව තුළ ජනප්‍රිය කරනවාට වඩා හින්දු ආගමික නළුවකු එහි ජනප්‍රිය කරපල්ලාය යන මතය තුළ විශාල රැල්ලක් දියත් කළ හින්දු අන්තවාදීන් කිං ඛාන්ගේ චිත්‍රපට රිජෙක්ට් කොට අක්ෂය කුමාර්ලාගේ සහ අජේ දේව්ගන්ලාගේ චිත්‍රපට බලපල්ලා යැයි සිනමා ලෝලීන්ව උසිගැන්වූයේය.

හේතුව, එම කාරණය වූයේද වෙනත් යමක් වූයේද කියා කිසිවකු දන්නේ නැති වුණාට ෂාරුක්ගේ ‘රෝ’ චිත්‍රපටය බින්දුවටම ඇදවැටුණේ නොසිතූ ලෙසය. සමහර විට හින්දු අන්තවාදීන් හිතුවේ තම අභිමතයට අනුව ප්‍රේක්ෂකයන් කිං ඛාන්ගේ චිත්‍රපට උන්මාදය ‘බොයිකෝට්’ කළා කියලාය. කෙසේ වුවද නැවත කාලයක් යනතුරු රඟපාන්නේ නැතැයි යන හීනමානය හිතට දැනෙන තරමට ෂාරුක් භීතියට පත්ව සිටියේය. සමාජයෙන් කෙටි කලකට හෝ වහං වී සිටින්නට මඟක් සෙවුවේය. ඒ හින්දු අන්තවාදීන් කිසිදුම අනුකම්පාවක් නැතිව ඔහුට පහර පිට පහර ගැසුවේය. ගුවන් තොටුපළේදී ඔහුගේ ගමන් මලු පරීක්ෂා කෙරෙන සිදුවීමකට ඔහු මුහුණ දෙන තරමටම ඔහුව ත්‍රස්තවාදියකු ලෙස හංවඩු ගැසීමට තරම් ෂාරුක්ගේ වෙලාව නරක් වී තිබිණි.

ඊළඟට තමා ජාතක කළ එකම පුතු ආර්යන් ඛාන් මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගැනීම ෂාරුක්ට දරාගත නොහැකි තවත් ෂොක් එකක් විය. තම නම්බුව සහ පවුලේ තත්ත්වය තුළ හොඳ නමක් සහිතව පාරට්ටුවට හිටපු ෂාරුක්ගේ ‘ග්‍රේඩ්’ එක ඊගහක වේගයෙන් පල්ලම් බැස්සේය.

‘ආර්යන්ගේ නිදොස් බව ගැන යමක් කියන්න. ඔබේ පුතා කුඩුකාරයෙක්ද නැද්ද…?’

මාධ්‍යවේදීන් ෂාරුක්ගෙන් එහෙම අහනකොට ෂාරුක් නිහඬව කරබාගෙන සිටියේය. නිවාස අඩස්සියේ උන් ඔහු ආර්යන්ව බලන්නට හිර ගෙදරටවත් ආවේ නැත්තේද මාධ්‍ය පැපරාසීන්ට මුහුණ දෙන්නට බැරි චකිතය නිසාය. ෂාරුක්ට පහර ගහන්නේ කවදා කොතැනකදීදැයි බලා සිටි හින්දු අන්තවාදීන්ට ආර්යන්ගේ කුඩු පලහිලව්ව කදිම විටමින් එකක් විය.

‘කිං ඛාන් හතරගාතේ දා ඇදවැටෙයි… මේ ඔහුගේ අවසානයද…?’

සමාජ ජාල වෙබ් අඩවි පුරා ෂාරුක් ගැන ඔහුගේ මොරාල් එක බින්දුවට ඇදදමන ආකාරයේ වැකි දිගට හරහට පළවිය.

මේ සියල්ල හමුවේ ෂාරුක් ඛාන් කළේ මුනිවත රැකීමය. මාධ්‍ය හමුවීම්, ප්‍රිය සම්භාෂණ, ප්‍රසිද්ධ ගැවසීම් සියල්ල අතහැර දැමූ ෂාරුක්, තමාට මඩ ගසන මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් කළේ නැත. තම පුතුගේ මත්ද්‍රව්‍ය නඩුවත් සිනමාව තුළ සිදුවූ ඇදවැටීමත් මැද ෂාරුක් ගෙවූ හුදෙකලා කාලය තුළ ඔහු කළේ කාලයට ඉඩ දී නිහඬව බලාසිටීමය.

‘කොහොමද මෙතැනින් ගොඩ එන්නේ….?’ කියන වෑයම හෝ ට්‍රයි එක නොගත් ෂාරුක් කාලය සියල්ල විසඳාවි යැයි බලා සිටියේ පුදුමාකාර නිශ්ශබ්දතාවකින්ය. ඒ තරම් ඉවසීමක් තමන්ගේ ප්‍රතිරූපය විනාශ වෙමින් තිබුණු පසුබිමක ෂාරුක්ට තිබුණේ කොහොමද? තම කිරුළ ගිලිහී යමින් තියෙන විට රජකුට බයක් සැකක් තැතිගැන්මක් නොමැතිව, ඉවසීමක් තියෙන්නේ කොහොමද?

එතැන තිබුණා හරි අපූරු රහසක්. රහසක් කිව්වට ඒක ලොකු ආත්ම විශ්වාසයක්.

ෂාරුක්, එහෙමත් නැත්නම් කිං ඛාන් ඉහත තමා මැදිවූ නරක වෙලාව තුළ හෙට දවස ගැන ලස්සන හීනයක් දැක්කේ ඒ ආත්ම විශ්වාසය හිත කොනක තියාගෙනය.

‘මං දිනනවා. මට පුළුවන්. අනිවාර්යයෙන්ම මං දිනනවා…’ තම ආගම සිහිකරනවා වාගේ ෂාරුක් ඒ වචන ටික තම යටි හිතේ තියාගෙන උදේ හවා මැතිරුවා. ඒ මැතිරිල්ලට ඔහුට අවශ්‍ය ‘මෝටිවේෂන්’ එක දුන්නේ දැවැන්ත නිර්මාණයක් ලෙස කලඑළි බහින්නට බලාසිටි ‘පතාන්’ (Pathaan) චිත්‍රපටයයි. වෙනත් සුපිරි නළුවන් වාගේ ෂාරුක් තම ඇදවැටීම තුළ මාධ්‍ය හමුවීම් ඕගනයිස් කළේ නැත. සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ‘හැම සුපිරි තරුවකටම මෙහෙම නරක වෙලාවක් සහ කාලයක් එනවා. ඇදවැටුණු හැම නළුවකුටම ආයෙම අළු ගසාදාලා නැගිටින්න කාලයක් එනවා. කිං ඛාන්ටත් එහෙම කාලයක් එනවා. මගේ එකම බලාපොරොත්තුව අතිදැවැන්ත යාෂ් රාජ් නිපැයුමක් වූ ‘පතාන්’ චිත්‍රපටයයි. ඉවසීමෙන් බලා ඉන්න. පතාන් තුළින් නැවත කිං ඛාන් සිය ඔටුන්න රැකගන්නවා නියතයි….’

එවැනි පල් හෑලි පවසමින් හෝ සටහන් කරමින් කයිවාරු ගැහුවේ නැත. තමා උපන් ජාතියටද තම ලෙයින් උපන් එකම පුතුටද මඩගසමින් අතිදැවැන්ත විරෝධයක් ඉන්දියාව පුරා මහා විශාලෙට ගොඩනැගෙද්දී ෂාරුක් කළේ වෙලාව එනතුරු බලාසිටීමය.

වෙලාව ආවේ 2023 අවුරුද්දේ ජනවාරි 25 වැනිදාය. ෂාරුක් ‘මෝටිවේෂන්’ එකක් ලෙස සිතදරා උන් ‘පතාන්’ ඔහුගේ ආත්ම විශ්වාසය ඉච්ඡාභංගත්වයට පත් කළාද?

කොහොමවත් නැත. බලාපොරොත්තු තැබුවාටත් වඩා පතාන්, ෂාරුක් ඛාන්ව එක රැයින් ඊගහක වේගයෙන් ඔහුට අවැසි ඉහළම තැනට ඔසවා තැබීය. නිකන්ම නොව, සියලු ආදායම් වාර්තා බිඳහෙලමින් පතාන් පළමු දවස් පහ ඉක්ම යළි කිසිම දවසක කිසිවකුට උදුරාගන්නට බැරි නොවන සේ ‘ඛාන් රජතුමා’ට සිය ඔටුන්නද හිමිකර දෙමින්ය.

හින්දු අන්තවාදීන්ට කටඋත්තරත් නැතිවන තරමට මුස්ලිම් ඛාන්වරයා අවුරුදු ගණනක් පුරා බොහෝ නිහඬව ඉවසීමෙන් සිට සිය ඉලක්කය ආත්ම දමනය තුළින් ජයගත් අපූරුව මනස්කාන්ත විය.

පතාන් ටේ්‍රලරය නිකුත් වූ විටද කිං ඛාන්ගේ ඔටුන්න බිමට සමතලා කර දැමීමට බලා උන් මේ ඊනියා විරුද්ධවාදීන් ‘පතාන්’ චිත්‍රපටයෙහි ෂාරුක් සහ දීපිකා පදුකෝන් කොළපාටින් සහ තැඹිලි පාටින් සැරසී පෙනීසිටින දැකුම්කලු ගීතය අහෝසි කර දමන්නැයි තවත් අලුත් හර්තාල් එකක් දියත් කොට තිබිණි. එයට ඔවුන් දැක්වූ හේතුව වූයේ තැඹිලි සහ කොළ පැහැය මුස්ලිම් සහ හින්දු ජනතාවගේ ජාතියේ පැහැය නිසාය. මුස්ලිම් ඛාන්වරයා මෙම පැහැයන් එම ගීතයට පසුබිම් කොට ආලිංගනයෙහි යෙදෙන්නේ මුස්ලිම් සහ හින්දු සටන සරදමකට ගෙන යැයි ඔවුන්ගේ අදහස විය.

සියල්ල අවසානයේ සිදුවූයේ අන්තවාදීන් පරාජිතව මුව අයා බලාසිටියදී මුස්ලිම් ඛාන්වරයා ගිලිහී වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබූ සිය ඔටුන්නද සමග සිනමා අම්බරයේ ඉහළම තැනකට අසුරු සැණින් ඇදී ගිහින් නැවතත් තාරකා ප්‍රතිරූපයට සම්ප්‍රාප්ත වීය.

හින්දු අන්තවාදීන් මුස්ලිම් ඛාන්ගේ චිත්‍රපටය බොයිකෝට් කරන්නැයි සිනමා ලෝලීන් උසිගැන්වුවද එතැනින් පසු සිදුවූයේ සමස්ත හින්දි චිත්‍රපට කර්මාන්තයම කඩාවැටීමය. කේරළ සහ දෙමළ චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තියද්දී උතුරු ඉන්දියානු චිත්‍රපට පහළට කඩාවැටුණේ හින්දු අන්තවාදීන් දණගස්සන්නට හදපු මුස්ලිම් ඛාන්වරයාට විතරක් නොව, ඔවුන් ඉහළින් තබන්නට තැනූ අජේ දේව්ගන්ලාට සහ අක්ෂය කුමාර් වැනි හින්දු නළුවන්ටද සිනමා කර්මාන්තය තුළ යන එනමං නැති කරමින්ය.

ඉන්දියාවේ ගිනිසිළුව වූ කංගනා ද ‘මුස්ලිම් ඛාන් මුස්ලිම් ඛාන්’ කියා ෂාරුක්ට කැත ඇනුම්පද කියන්නට තරම් සැහැසිව සිටියාය.

සිදුවූයේ කුමක්ද? ‘මුස්ලිම් ඛාන්’ ලෙස හංවඩු ගැසූ කිං ඛාන් බොහෝ සන්සුන්ව හිඳ ඇට්ටි හැලෙන ඇංකෝර් එකක් දෙන තරමේ පට්ට ආතල් එකක් ‘පතාන්’ හරහා සිනමා ලෝලීන්ට දුන්නේය.

‘කඩාවැටෙන්නට ගිය හින්දි සිනමා කර්මාන්තය කිං ඛාන් සුපිරි ගේමකින් බේරාගත්තා….’

රෙදි ඇඳගෙන කියන්නට බැරි ඒ කතාව පැහැදුණු කංගනා මාධ්‍යයට කීවේ ලස්සන ඇඳුමකින් සැරසීගෙන වත්සුණුද මුහුණ පුරා තවරාගෙනය.

හැමදාමත් ෂාරුක්ගේ අද්විතීය සිනමා ගමනෙහි පුරෝගාමියකු වූ කරන් ජොහාර් මෙතැනදී කට වහගෙන ඉඳීවිද?

‘කිං ඛාන් කොහේ යන්නද? මොනවට හැංගෙන්නද? කිරුළ අතැතිව පාලනය සඳහා කාලය එනතුරු රජතුමා බොහොම ඉවසීමෙන් බලා සිටින්නා සේ ඔහුද බලා සිටියා. නියම වෙලාවට ඔහු නැවත රජදහනට පැමිණියා….’

පතාන් හා කිං ඛාන් ගැන යමක් කියන්නැයි මාධ්‍ය පැපරාසින් කරන් ජොහාර්ගෙන් ඉල්ලා සිටින විට කරන් කීවේ ඒ ටිකය.

අවුරුදු හතරකට පසුව ෂාරුක් නැවත පැමිණ ඇත. ඔහු නැවත පැමිණියේ දැවැන්ත බොක්ස් ඔෆිස් කුණාටුවක් එක්කය.

වසාදමා තිබූ බොහෝ සිනමාහල්වල දොරවල් ඇරිණි. වසර ගණනකට පසු එහි ‘හවුස් ෆුල්’ ලේබලය වැදිණි. දවස් තුන හතරකින් පතාන් ඉන්දියානු රුපියල් කෝටි 500 පසුකොට තිබිණි.

සිද්ධාර්ත් ආනන්ද්, ෂාරුක්ව වැලඳගෙන විනාඩි ගණනක් සතුටු කඳුළු වගුරා තිබිණි. ෂාරුක්ගේ ඇස්වල කඳුළු නොවූයේ මේ ජයග්‍රහණය ගැන ඔහු ස්වප්නයකින් හෝ දැක තිබූ නිසාද?

ඇත්තෙන්ම මේ තරම් දැවැන්ත බොක්ස් ඔෆිස් කුණාටුවක්. ෂාරුක් මේ අමුතු සිදුවීම හෝ පෙරළිය ගැන කියන්නේ මොනවද?

ෂාරුක් තවම නිහඬවය. හැබැයි ඔහු නියම වෙලාවට තම ආත්ම විශ්වාසය සමග ගිවිසුමක් ගැසුවා සේම වැඩ ඇල්ලුවේය. ඔහුගේ ඊළඟ පියවර කුමක් විය හැකිද?

තවම කියන්නට බැරිය.

නොලියා බැරි කරුණක් ලියා තබන්නෙමු.

කිං ඛාන් නිහඬවම හිඳ බොක්ස් ඔෆිස් කුණාටුවක් සමග නැවත සිනමා රාජධානිය තුළ ඔටුන්න හිමිකරගත්තේය.

අනේ ඉතින් රජා වැටෙනතුරු බලා සිටි ගැත්තන්ට විලිවසා ගන්නට දැන් රෙදිත් කොහේදැයි හොයාගන්නට බැරි තරම්ය.

එලෙසම, මිනිසකුගේ ජීවිත නියමය හසුරුවන ‘වෙලාව’ නම් හරිම පුදුමාකාරය. එය අදිසි හස්තයක් බඳු නොවේද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මේ 13 ගැන කතා කරන වෙලාවක්ද? ඇමැති සුසිල් මේ පාර්ලිමේන්තුව ඇතුළේදී ගැහුවේ කාටද? VIDEO

Next Post

සෞඛ්‍ය ඇමැතිට වැදුණු ලෝකෙටම රිදුණු ඉන්දියන් වෙඩි උණ්ඩය…

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.