පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් හෙට දිනයේ ලැබීමට නියමිත අධිකරණ තීන්දුව පිළිබදව මේ වනවිට රටේ සියලුම දේශපාලන පක්ෂවල දැඩි අවධානයක් යොමුව තිබේ.
කෙසේවෙතත් සමගි ජන බලවේගය සැලසුම් කර ඇත්තේ අධිකරණය මගින් පළාත් පාලන මැතිවරණය පිළිබදව කුමන තීන්දුවක් ලබා දුන්නද සැලසුම් කර ඇති පරිදි රට වටා සිදුකරන ප්‍රචාරක කටයුතු දිගටම සිදු කරගෙන යාමටය.
ජාතික ජන බලවේගයද ඊයේ දින නැගෙනහිර පළාතේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කොට තිබූ අතර ඔවුන්ද සැලසුම් කර ඇත්තේ
නමුත් පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය මුල සිටම කියා සිටියේ මැතිවරණය මේ මොහොතේ පැවැත්විය නොහැකි බවත්, රටේ ආර්ථිකය ඒ සදහා සුදුසු මට්ටමක නොමැති බවත්ය.
ඊයේ සවස පැවැත්වී ඇති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද ජනාධිපතිවරයාගෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයකු මැතිවරණය පිළිබද විමසා ඇති අතර එහිදීද ජනාධිපතිවරයා සදහන් කොට ඇත්තේ මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බවකි.
ඒ අනුව අධිකරණය මගින් හෙට දින ප්‍රකාශ කරන මතය අනුව ආණ්ඩුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
එසේවුවද විපක්ෂය චෝදනා කර සිටින්නේ සල්ලි නැති නිසා නොව ඡන්ද නැති නිසා ආණ්ඩුව මැතිවරණය පැවැත්වීමට බියවී සිටින බවකි.
එමෙන්ම ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් කැදවමීන් කියා සිටියේ ලොව කිසිදු අධිකරණයක් මැතිවරණය නොපවත්වන ලෙස තීන්දු ලබා දී නොමැති බවත්, මැතිවරණ පවත්වන ලෙස නියෝග ලබා දී ඇති බවත්ය.










