• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

SHADES කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි! ජංගම දුරකතනයට වෙච්ච දේ මෙන්න! තුන්වැනි කොණ්ඩමය සොයා පොලිසිය පැලවත්තේ නිවස යළි පීරයි!

February 7, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
SHADES කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි! ජංගම දුරකතනයට වෙච්ච දේ මෙන්න! තුන්වැනි කොණ්ඩමය සොයා පොලිසිය පැලවත්තේ නිවස යළි පීරයි!
Share on WhatsAppShare on Facebook

පැලවත්තේ නිවෙසක තෙවැනි මහලේ නාන තටාකයක මරා දමා තිබියදී සොයාගත් ෂේඩ්ස් (SHADES) නිමි ඇඳුම් සාප්පු ජාලයේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික රොෂාන් වන්නිනායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින යුවළ පැය 24ක කාලයක් රඳවාගෙන විමර්ශන පැවැත්වීමට කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන තිබේ.

ව්‍යාපාරිකයාගේ ඝාතකයා බවට හඳුනාගෙන සිටින අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් සහ ඔහුගේ බිරිය වන හුස්වා ෆස්ලිම් යන දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (06) ඉදිරිපත් කරමින් මෙම අවසරය ලබාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

කඳාන පොලිසියේ නිලධාරියකුට හුස්වා ෆස්ලිම්ගේ පුංචි අම්මා විසින් දුරකතන ඇමතුමක් ලබාදී ඔහුගෙන් ලද උපදෙස්වලට අනුව සැකකාර අසීම්ඩීන් ඉන්සාෆ්ඩීන් නමැත්තාව කඩවතට රැගෙන ගොස් පොලිසියට භාර දී ඇති බවත් පසුව කඳාන පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයට පෙරේදා (05) භාරදී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය. සැකකරුගේ බිරියව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ ඉන්සාෆ්ඩීන්ව සිය භාරයට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන යමින් සිටියදීය.

මෙම යුවළ ඊට පෙර දින රැය ගතකර ඇත්තේ ත්‍රිකුණාමලයේ බවද විමර්ශන වලින් හෙළිවී තිබේ. ත්‍රිකුණාමලයේ සිට පෙරේදා (05) මෙම යුවළ බස් රථයකින් පැමිණ කඩවතින් බැස ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසල රැඳී සිට ඇති බවත් පොලීසිය පැමිණ ප්‍රධාන සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ එහිදී බවත් සඳහන්ය.

ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසුව මෙම යුවළ ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංචාරයක නිරත වීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු දින එනම් 31 වෙනිදා අලුයම 3.30 පමණ වන විට බණ්ඩාරනායන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුළු වී සිට ඇති බව ද විමර්ශනවලින් හෙළිවී තිබුණි. ගුවන් තොටුපොළ පරීශ්‍රයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් මෙම යුවළ අලුයම 3.48 හෝ ඒ ආසන්න වේලාවක් තුළදී ජල බෝතල් දෙකක්ද මිලදී ගෙන ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ.

වීසා ගැටලුවක් පැන නැඟීම හේතුවෙන් ඉන්දුනීසියා ගමන ගුවන් තොටුපොළින්ම නතර කිරීමට සිදුවීම හේතුවෙන් මෙම යුවළ ගුවන් තොටුපොළ පරිශ්‍රයේ සිට උදෑසන 5.30ත් 6.00ත් අතර කාලය තුළ පිටතට පැමිණ ත්‍රිරෝද රථයකින් කටුනායක බස් නැවතුම වෙත ගොස් ඇති බව සඳහන්ය. ඒ යන අතර තුර ඔවුන් අලුයම 6.05ට පමණ කටුනායක පිහිටි ව්‍යාපාරික ස්ථානයකට ගොස් ද ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම යුවළ කටුනායකින් බස් රථයක නැඟී කොළඹට පැමිණ එතැනින් කොළොන්නාවට පැමිණ පුංචි අම්මාගේ නිවසේ රැඳී සිට ඇති බවද විමර්ශනවලින් කොළඹ අපරාධ කොට්ඨාසය හෙළිකරගෙන තිබේ.

ත්‍රිකුණාමලය බලා ගොස් ඇත්තේ ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවූ බව ජන මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීමත් සමඟය.

නිසි රැකියාවක් මෙන්ම ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව සිටි ප්‍රධාන සැකකරු 30 වෙනිදා සිට වැය කර ඇත්තේ කෝටිපතියාගේ ක්‍රෙඩිට් කාඩ්පතේ මුදල්ය. මළ සිරුර හමුවීමත් සමඟ එම කාඩ්පත් අත්හිටුවීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් පියවර ගැනීම නිසා සැඟවී ජීවත්වීමට නොහැකි වූ තැන ත්‍රිකුණාමලයේ සිට පැමිණ ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. මෙම ප්‍රධාන සැකකරු කලක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක පිහිටි දුරකතන හා විද්‍යුත් භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකද සේවයේ නිරතව සිට ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

පසුගිය 30 වෙනිදා ව්‍යාපාරිකයාව ඝාතනය කර ගුවන් තොටුපොළට ගොස් ගුවන් තොටුපොළේ සිට නැවත කොළොන්නාවට පැමිණෙන තුරුම ප්‍රධාන සැකකරුගේ මුහුණ පුරා වැවී තිබුණු රැවුල, අත්අඩංගුවට ගන්නා විට තිබී නැත. උඩු රැවුල පමණක් ඉතිරි කර මුහුණ පුරා වැවී ඇති රැවුල කපා ඔහු සිය ස්වරූපය වෙනස් කරගෙන සිටි බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම සැකකරු සතුව තිබී ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියෙන් සොරාගත් ක්‍රෙඩිට් කාඩ්පත් 04න් දෙකක් සොයාගෙන ඇත. සෙසු කාඩ්පත් දෙකට සිදු වූ දෙයක් ඔහු නිසි ලෙස පවසන්නේ නැති බව පොලිසිය කියයි. මෙම සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බිය තමා සොරා නොගත් බවකි. මෙතෙක් පොලිසියට මෙම මුදල් පසුම්බිය සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත.

ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනය ද මෙම සැකකරු විසින් පැහැරගෙන ගොස් තිබුණි. ඉන්දුනීසියාවට යාමට ගුවන් ටිකට්පත් පවා ඔහු වෙන් කරගෙන තිබුණේ එම ජංගම දුරකතනයෙනි. එසේම ඔහු එම ජංගම දුරකතනයෙන් ඇමතුම් රැසක්ද ලබාගෙන තිබුණි. එම දුරකතනය ගැන ඔහුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ප්‍රශ්න කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ පසුගිය 31 වෙනිදා රාත්‍රියේ වැල්ලවත්තට ගිය තමා එය මුහුද දෙසට විසිකළ බවය. මුහුද දෙසට එම ජංගම දුරකතනය විසි කළේ යැයි කියන ස්ථානය සහ ඒ අවට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවක් කර ඇතත් ඊයේ සවස් වන තුරුම එම ජංගම දුරකතනය හමුවී නොතිබුණි. ව්‍යාපාරිකයා ඝාතනය වී සිටි නිවස ද නැවත වරක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ගේ සියුම් විමර්ශනයකට ඊයේ ලක්ව තිබුණි. ඒ භාවිත කර ඉහළ මහලේ සිට ව්‍යාපාරිකයා විසින් විසි කළේ යැයි කියන උපත් පාලන කොපුවක් සොයාය. පොලිසිය පවසනුයේ උපත් පාලන කොපු තුනක් අඩංගු පැකට්ටුවක් සැකකරු විසින් මිලදී ගෙන තිබුණත් ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවීමෙන් පසු කළ පරීක්ෂාවේදී එම නිවසේ තිබී හමුවූයේ දෙකක් බවය. එයින් එක් උපත්පාලන කොපුවක් පරිහරණය කර තිබුණු බවත් එකක් පරිහරණය කර තිබී නැති බවත් පොලිසිය කියයි.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා ඇත්තේ උපත් පාලන කොපු 03න් දෙකක් පරිහරණය කළ බවකි. ඒ අනුව පොලිසිය ඊයේ සොයන්නට වූයේ ඒ තුන්වැනි උපත් පාලන කොපුවයි. මෙම සෝදිසියේදී ව්‍යාපාරිකයාගේ හිසට පහරදී ඔහුව ඝාතනය කිරීමට යොදාගත්තේ යැයි සැකකරන පොල්ලක්ද නිවසේ තිබී සොයාගෙන තිබේ. එය රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමටද නියමිතය. ඒ ඝාතනයට යොදාගත්තේ එම පොල්ලමදැයි සියුම් විමර්ශනයක් ඔස්සේ තහවුරු කර ගැනීමටය. ඊට අමතරව දැනට හමු වී ඇති පරිහරණය කළ උපත් පාලන කොපුවද ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සඳහා යොමුකරන බවද පොලිසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සැකකරුගෙන් කරනු ලබන දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ ඇප් එකක් හරහා තමා මෙම ව්‍යාපාරිකයාව මාසයක පමණ කාලයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි බවය. ඔහු සමඟ එම ඇප් එක මඟින් අදහස් හුවමාරුකරගෙන සිටියත් මුල්වරට ඔහුව මුණ ගැසුණේ පසුගිය 30 වෙනිදා බවද සැකකරු පවසා තිබේ. ව්‍යාපාරිකයා ඝාතනය වී ඇත්තේ එම මුල්ම හමුවීමෙන් පසු බව සැකකරුගේ ප්‍රකාශ මත පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දෙදෙනා එදා මුලින්ම හමුවූවත් ඇප් එක මඟින් පැවති සම්බන්ධකම හේතුවෙන් ලොකු හිතවත්කමක් පැවති බව ද සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සිය බිරිඳ සමඟ සැකකරු මෑතක් වන තුරුම පදිංචිව සිට ඇත්තේ නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි ඔහුගේ මහ ගෙදරය. එහෙත් ව්‍යාපාරිකයා ඝාතනය වන විට ඔවුන් දෙදෙනා රැදී සිට ඇත්තේ කොළොන්නාව ගොතටුවේ කමන්වත්තේ පිහිටි බිරිඳගේ දෙමාපියන්ගේ නිවසේය. ඔහුට සිය බිරිඳ සමඟ කුලී නිවසකට යාමේ දැඩි අවශ්‍යතාවක්ද තිබී ඇති බවත් ඒ සඳහා ඔහුට මුදල් අවශ්‍යතාවක්ද තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් තිබේ. පසුගිය 30 වෙනිදා ඔහු මෙම ව්‍යාපාරිකයාව මුණ ගැසීමට තීරණය කරමින් පැලවත්තේ නිවසට පැමිණ ඇත්තේද ඔහුගෙන් මුදල් ටිකක් ලබාගැනීමේ අරමුණද ඇතිව බව පෙනී ගොස් ඇත.

ප්‍රශ්න කිරීමේදී සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පවසා ඇත්තේ ව්‍යාපාරිකයාගෙන් තමාට මුණ ගැසීමට ආරාධනාවක් ලැබෙන විට රැඳී සිටියේ දෙහිවල ප්‍රදේශයේ බවය. උපත් පාලන කොපු පැකට්ටුවක් ද රැගෙන එන ලෙස තමාට කීවේද ඔහු බවත් සියලු පණිවුඩ හුවමාරු සිදුවූයේ වට්ස් ඇප් යෙදවුම හරහා බවද සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

තමා කළුබෝවිල ෆාමසියකින් එම උපත් පාලන කොපු පැකට්ටුවද රැගෙන පැලවත්තට ගිය බවත් අතර මගදී ව්‍යාපාරිකයා සමඟ මෝටර් රථයේ නැඟී පැලවත්තේ නිවසට ගිය බවත් සැකකරු පවසා තිබේ. දෙදෙනා පැය දෙකක පමණ කාලයක් එහි රැඳී සිටි බවද සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. ඒ කාලය තුළ තමා ඔහු සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකළ බවත් එහිදී තමා රුපියල් ලක්ෂයක මුදලක් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් මුදල් නොමැති බව පැවසීම නිසා සිත් වේදනාවකින් සිටියදී ඔහු තමා සමඟ දෙවැනි වතාවටත් කිට්ටුවෙන් ඇසුරු කිරීමට උත්සහ ගත් අවස්ථාවේදී මුදල් නොලැබීම ගැන තිබුණු තරහට පොල්ලකින් පහරදුන් බව කියමින් ඔහු ලොකු කථාවක්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හමුවේ පවසා තිබේ.

අධිකරණයෙන් ලබාගත් අමතර පැය 24ක කාලය අද දිනයේ අවසන්වන වන බැවින් සැකකාර යුවළ කඩුවෙල අධිකරණයට අද ඉදිරිපත් කරන බවත් බොහෝ විට මහේස්ත්‍රාත් හමුවේ ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක් කරනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. පසුගිය 02 වෙනිදා සවස පැලවත්තේ නිවසින් හමුවූ ව්‍යාපාරිකයාගේ මළසිරුර දින කිහිපයක් ජලයේ තිබීම හේතුවෙන් හඳුනා ගැනීමට නොහැකි වන ලෙස විරූපී වී තිබීම නිසා පවුලේ ඥාතීන් කිසිවෙකුත් හඳුනා ගත්තේ නැත. එබැවින් පසුගිය 03 වෙනිදා මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොවීය.

මේ තත්ත්වය මත කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (06) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන්කර ඇත්තේ මළ සිරුර හඳුනා ගැනීම සඳහා මියගොස් සිටින පුද්ගලයාගේ මවගේ ඩී.එන්.ඒ. සමඟ මළ සිරුරේ ඩී.එන්.ඒ. සංසන්ධනයක් කිරීමට පියවර ගන්නා බවය. ඒ සඳහා මළ සිරුරේ සාම්පල් ලබා ගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝගයක්ද කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

කොළඹ පොලිස් මෘත ශාරීරාගාරයේ තිබුණු කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර ඒ අනුව ඊයේ (06) පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමුකර තිබුණි. එහිදී හෙළිවී ඇත්තේ මොට ආයුධයකින් හිසට එල්ලකළ පහරදීමකින් මරණය සිදුව ඇති බවය. ඊට අදාළ අධිකරණ වෛද්‍ය වාර්තාව අද (07) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සැකකාර යුවළ ඊයේ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර තිබුණි. ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් විශේෂ වෛද්‍ය පරික්ෂණයක් කරමින් වාර්තාවක් ගැනීමටපියවර ගන්නා බවද පොලිස් නිලධාරියෙක් සඳහන් කෙළේය.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

එජාප සභාපති වජිරගෙ කතා යනකොට වජිරට ‘අජරාමර නිවන් සුව’ කියලා ෆේස්බුක් එකේ කමෙන්ට් දාලා! වජිරට ‘නිවන් සුව’ කියලත් දාලා තියෙන්නේ! VIDEO

Next Post

සිංහල අවුරුද්ද එනවා! මිනිස්සු වැඩියෙන් බිත්තර ඉල්ලනවා! සති දෙකින් බිත්තර පිටරටින් ගේනවා -වෙළෙඳ ඇමැති! VIDEO

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.