සමගි ජන බලවේගය රටේ සංවර්ධන ක්‍රියාදාමය අාරම්භ කිරීමට ජනාධිපතිවරණ, මහමැතිවරණවල බලය අවශ්‍ය නොවන බවත් මාර්තු 9 පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු එම සංවර්ධන ක්‍රියාදාමය අාරම්බ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාතලේදී පැවසීය.
2019 වසරේ මේ රටේ බහුතරයක් ජනතාව ගත් තීන්දුවක් නිසා මේ වන විට රට බංකොලෙත් වී ලක්ෂ 220ක් වූ ජනතාව දුක් විඳින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ දිනවල රටේ ජනතාව විවිධ පක්ෂවල නායකයන්ගේ කතා අහන බැවින් ජනතාව තීරණය කළ යුත්තේ මේ සියලු ප්‍රශ්නවලට උත්තරය සහිත නායකයා කවුරුන්ද බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එ් සදහා මේ වන විට අැති ප්‍රායෝගිකම උත්තරය අැත්තේ සමගි ජන බලවේගයට බව යි.
















