ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා කැදවා තිබුණු සාකච්ඡාවක් වර්ජනය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළුව වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ සංගම් රැසක් පියවර ගෙන තිබේ.
දේශීයව ලියාපදිංචි නොකළ ඉන්දියානු සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිල දී ගැනීමට අමාත්‍යවරයා දරමින් සිටින උත්සාහය සම්බන්ධයෙන් අදාල වෛද්‍ය සංගම් සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කර තිබුණි.
අමාත්‍යවරයා කැදවා තිබුණු සාකච්ඡාව වර්ජනය කිරීමට එම සංගම් තීරණය කර තිබෙන්නේ ඒ හේතුව මත බව පැවසේ.
අමාත්‍යවරයා සාකච්ඡාව කැදවා ඇත්තේ ඖෂධ මිල ඉහළ යාම පාලනය කිරීම පිළිබදව සාකච්ඡා කිරීමටයි.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු අනෙකුත් වෛද්‍ය සංගම් ප්‍රකාශ කර තිබෙන්නේ ඖෂධ මිල ඉහළ යාමේ ගැටලුවටත් වඩා ඖෂධ හිගය මේ වන විට දැඩි අර්බුදයක් බවට පත්ව ඇති බවයි.
එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ – ඖෂධ ගෙන්වීමට දරන උත්සාහයද වෛද්‍ය සංගම් දැඩිව විවේචනය කර තිබේ.










