2022 දී රජයේ ආදායම සහ වියදම අතර වෙනස 256%ක් නැතිනම් රු. බිලියන 3,058 ක් තරම් ඉහළ අගයක් ව වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය පැවසූ බව ජනවාරි අග මාධ්‍ය වල වාර්තා වී තිබුණා. 2023 දී මෙරට ආදායම රු. ට්‍රිලියන 3.45 ක් වන බවට රජය අපේක්ෂා කරන අතර, එම වසර සඳහා රු. ට්‍රිලියන 6.66 ක හිඟයක් ඇති කරමින් වියදම රු. ට්‍රිලියන 10 දක්වා ඉහළ යනු ඇති බවටත් අපේක්ෂා කරන බවයි ඔහු පවසා තිබුණේ.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ජනවාරි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කිරීමේ දී යි.
පවතින ආර්ථික අර්බුදය යටතේ රජය කටයුතු කරන බැවින් මැතිවරණයක් සඳහා මුදල් ලබා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වන බව එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන්ව ඇති බවයි වාර්තා වන්නේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් මගින් රාජ්‍ය මූල්‍ය තත්ත්වයෙහි විශාල පිරිහීමක් පෙන්නුම් කරන සංඛ්‍යා ඉදිරිපත් කෙරුනු අතර, මැතිවරණයක් සඳහා අරමුදල් ලබා ගැනීම මූල්‍යමය අභියෝගයක් වනු ඇති බවට භාණ්ඩාගාරය විසින් දක්වන ලද ස්ථාවරයට එමගින් රුකුලක් ලැබී තිබුණා.
මෙම කරුණුවල සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා, FactCheck කණ්ඩායම විසින් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද, 2023 වර්ෂය සඳහා අනුමත අයවැය ඇස්තමේන්තු පරිශීලනය කර තිබෙනවා.
“2023 දී මුළු රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,450ක් වන බවට ඇස්තමේන්තු කර ඇත. මෙම අගය රාජ්‍ය අමාත්‍යවරයා විසින් දක්වා ඇති සංඛ්‍යාව සමඟ බොහෝ දුරට සමපාත වේ. කෙසේ වෙතත්, 2023 සඳහා අයවැය හරහා දක්වා ඇති රජයේ වියදම රුපියල් බිලියන 5,854 ක් පමණක් වන අතර, එය රාජ්‍ය අමාත්‍යවරයා පවසන පරිදි රුපියල් බිලියන 10,000 ක් නොවේ.
එමෙන්ම, අයවැය හිඟය (ආදායම සහ වියදම අතර වෙනස) 2022 දී රුපියල් බිලියන 3,058 සිට 2023 දී රුපියල් බිලියන 6,662 දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. කෙසේ වෙතත්, 2022 වර්ෂය සඳහා පුරෝකථනය කර තිබූ හිඟය (2022 දෙසැම්බර් මාසයේදී සම්මත කරන ලද අයවැය හරහා) රුපියල් බිලියන 2,347 ක් වූ අතර, 2023 සඳහා එය රුපියල් බිලියන 2,405 ක් විය. එනම්, හිඟය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවට ඔහුගේ ප්‍රකාශය තුළින් කියැවෙන නමුත්, හිඟයේ ප්‍රමාණාත්මක වෙනසක් සිදු වී නොමැත.
රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාලේඛන මගින් පවතින මූල්‍ය පීඩනය අතිශයෝක්තියට නැංවේ. ඔහු සඳහන් කර ඇති රජයේ වියදම 2023 දී අපේක්ෂිත වියදමට වඩා දෙගුණයකට ආසන්න වන අතර, හිඟය 2023 දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා තුන් ගුණයකට ආසන්න වේ.
එබැවින්, අපි රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය වැරදි යැයි වර්ගීකරණය කරන්නෙමු” යි ඔවුන් සඳහන් කරනවා.
This is the State Minister of Finance, fact checked, found hugely in error, on very basics of the budget passed less than 2 months ago.
— Nishan de Mel (@NCdeMel) February 4, 2023
from all angles, the Economic crisis in #SriLanka is a crisis of Governance.#itsTGS “it’s The Governance, Stupid” https://t.co/tkgYA9buaS pic.twitter.com/JmexfPqjnL










