නැතිවුනු රාජ්‍ය ආදායම ලබා ගැනීමට බදු පිට බදු ගැසීමට ආණ්ඩුව සූදානම් වන බවත්,සමගි ජන බලවේගය ඊට එකහෙලා විරුද්ධ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හොරා කන ලද මුදල් නැවත අයකර ගැනීමට මේ ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බවත් කිසිම දවසක රාජපක්ෂවරුන් ජයග්‍රහණය කරවීමට කැන්වසින් නොගිය එකම දේශපාලන ව්‍යාපාරය සමගි ජන බලවේගය බවත් එහිදී විපක්ෂ නායකතුමා පැවසීය. සේරුවිල සහ වෙරුගල් ජනහමුව අමතමින් පසුගියදා විපක්ෂ නායකතුමා මේ බව ප්‍රකාශ කළේය.
















