මැතිවරණ කොමිසමට තර්ජනය කළ පිරිස් සොයා ගැනීමට ආණ්ඩුවට තවමත් නොහැකි වී ඇති බව ජාතික ජන බලවේගයේ නීතීඥවරු චෝදනා කර සිටිති.
මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දෙන්නේ සුනඛයෙක් සමග අසැබි ලෙස හැසිරුණු වීඩියෝවක් මෙන්ම රන්ජන් රාමනායක මහතාගේ හඩ පට සොයා ගත්තද තවමත් මෙම තර්ජනාත්මක දුරකතන ඇමැතුම් පිළිබද සොයා ගැනීමට නොහැකිවීම පුදුමයට කාරණයක් බවයි.










