• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මරණය පෙනි පෙනී ජීවත් වෙන මිනිසුන්ට හුස්ම දෙන කීර්තිගේ ‘මනමාල හැන්දෑව’ ජනවාරි 29 නෙළුම් පොකුණේදී…

January 26, 2023
in Exclusive, Heart
Reading Time: 5 mins read
A A
මරණය පෙනි පෙනී ජීවත් වෙන මිනිසුන්ට හුස්ම දෙන කීර්තිගේ ‘මනමාල හැන්දෑව’ ජනවාරි 29 නෙළුම් පොකුණේදී…
Share on WhatsAppShare on Facebook

සංගීත ලෝලීන් අතර කීර්තියට පත් කීර්තිමත් ගායක කීර්ති පැස්කුවෙල් (Keerthi Pasquel) ගැන පුන පුනා වතගොත කියන එකත්, කලකට ඉහත ඔහු කළ කී දෑ මොනවාද යන්න ගැන පැටිකිරිය ලිවීමත් මෙතැනදී ඵලක් නැතැයි සිතන්නෙමු. නමුත් ‘රන් තරු පායන අහස’ දෙස බලාගෙන ඉඳ ‘කඳුළට සමාවෙන්නැ’යි කියමින් අතිශය සංවේදී වූ සින්දු අහුරක් රසික සිත කොනක තැන්පත් කළ කීර්ති පැස්කුවෙල් අලුතෙන්ම කරන්නට යන හරි අලංකාර වූ ‘මනමාල මෙහෙවර’ ගැන යමක් සටහන් නොකර සිටීම බොහෝ විට ඔහුට කරන මදි පුංචිකමකැයි ‘මව්රට’ අපට සිතුණු බව නම් නොකියාම බැරිය.
‘මනමාල මෙහෙවර’ කියන කොට කියවන ඔබට මොකක්දෝ සැකයක් විචිකිච්චාවක් හිතට ආ බවට සැකයක් නැත. කලබල වෙන්නේ මොනවාටද? ඔන්න කීර්ති පැස්කුවෙල් දැන් ඇවිදින් ඉන්නවා. ‘මව්රට’ සමග කතිකාවකට. අපි බලමු, මොකක්ද ඔහු කරන්නට යන මේ ‘මනමාල මෙහෙවර’ කියලා.

ආයුබෝවන්… කොහොමද ඉතින් මේ දවස්වල ජීවිතේ…?
ඇත්තටම කියනවා නම් ජීවිතේ නීවීහැනහිල්ලේ ගලාගෙන යනවා.

ඊයේ පෙරේදා දූත් එක්ක එකතු වෙලා අලුත් වැඩක් කළාලු නේද?
ඔව්. මගේ දුව චාරුණීට හරිම ලස්සන කටහඬක් තියෙනවා. මම එයාගේ තාත්තා නිසා එහෙම වර්ණනා කරනවා කියලා හිතන්න එපා. ඇත්තෙන්ම කියනවා නම් චාරුණීට අපූරුවට සින්දු කියන්න පුළුවන්. ඉතින් මට හිතුණා ඇගේ ඒ ලස්සන හඬෙන් හොඳ වැඩක් ගන්න. ජනවාරි දෙවැනි සතියෙ තමයි මම ඇය සමග ඒ ලස්සන ඩුවට් එක කළේ.

චාරුණීගේ කල්පනාව ඔබ වගේ සංගීත ක්ෂේත්‍රයට එන්නද?
නැහැ. චාරුණී වෘත්තියෙන් නීතිඥවරියක්. හැබැයි ඇය සංගීතයට බොහෝ ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කිරීම තුළ තියෙන්නේ මානසික සුවදායී බව සහ ආත්ම තෘප්තිය මිසක ගායිකාවක ලෙස ජනප්‍රිය වීමේ ආශාව නෙවෙයි.

කොහොම නමුත් නිර්මාණකරණය පැත්තෙන් ඔබ තවමත් කටයුතු කරනවා නේද?
ඔව්. ඒක මට ලොකු සතුටක්. කීර්ති පැස්කුවෙල් කියන ගායකයා තවමත් රසික හිත් තුළ ජීවත් වෙනවා.

දැවැන්ත ප්‍රසංගයකට අතගැහුවෙත් ඒ සතුට සහ විශ්වාසය මතද?
ඔව් කියන වචනය තමයි ඒ ප්‍රශ්නයට දෙන්න පුළුවන් හොඳම උත්තරය.

තොරතුරු කියනවා නම් ඔබේ ඒ සොඳුරු මෙහෙවර ගැන?
හරියටම කියනවා නම් 2019 අවුරුද්දෙන් පස්සේ මම පවත්වන පළමු සංගීත ප්‍රසංගය මෙයයි.
අවුරුදු ගණනක ඉඳන් හැම වසරකම පාහේ පවත්වන මේ සංගීත ප්‍රසංගය 2019 අවුරුද්දෙදි නතර කරන්න වුණේ කොරෝනා අවදානම නිසයි. කොහොම හරි මෙය නැවත කෙදිනක හෝ පවත්වනවාමයි කියන අධිෂ්ඨානය මා තුළ තිබුණා. මට හිතෙනවා ප්‍රසංගය පවත්වන්න අවශ්‍ය පරිසරය මට ලැබුණා කියලා.

ප්‍රසංගයට නම තිබ්බේ ‘මනමාල හැන්දෑව’ කියලයි?
ඔව්. උපාලි බණ්ඩාර වීරසේකර කලකට ඉහත මං වෙනුවෙන්ම ලියපු ගීතයක පද පෙළක් තමයි ඒ. හිතට තදින් කාවදින ඒ වචන දෙකට මගේ හිත හුඟක් ආශා කළා.

සින්දු විසි අටයි. අලුත්ම ගීත පහයි…?
‘මනමාල හැන්දෑව’ වෙනුවෙන් සින්දු හදන්න ගත්තේ, ලියන්න ගත්තේ අවුරුද්දක දෙකක ඉඳන්. සෞම්‍ය බව, ආදරය සහ සංවේදී හැඟීම් මුසු නිර්මාණශීලී බවක් කැටිකොට එය ඉදිරිපත් කරන්න මට ඕනෑ වුණා. ඉතාම අලංකාර යුග ගී හතක්ද මෙයට එක්කාසු වී තිබෙනවා.

සුමධුර හඬින් ඔබට අත්වැල් දෙන ගායිකාවන් කවුද?
ඔවුන් බොහොමයක්ම ප්‍රවීණයන්. සමිතා මුදුන්කොටුව, මරියසෙල් ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, ධම්මිකා බණ්ඩාර, නිරෝෂා විරාජිනී ‘මනමාල හැන්දෑව’ හැඩ කරන්න මා හා එක්වෙනවා. ඒ අතර මගේ ලේලිය මේනකා රණසිංහ සමග දූ චාරුණීද ගීත සඳහා හඬ සහාය දෙනවා. වස්තර කථනය මෙහෙයවීම සාරංග දිසාසේකරට දුන්නේ ලොකු සතුටකින්. මොකද සාරංග කියන්නේ මම පුද්ගලිකව ප්‍රිය කරන කලාකරුවෙක්. බොහෝ තැන්වලදී මගේ කලා රසය සමග සාරංගගේ කලා රසය හරි අපූරුවට මැච් වෙනවා. ඔහුගේ ශෛලියට මම කවදත් ප්‍රියයි.
‘මනමාල හැන්දෑව’ට සංගීතය සපයන්නේ නාලක සජී. රංගනයෙන් එය විචිත්‍රවත් කරන්නේ චන්න-උපුලි රංගායතනයේ සිසු සිසුවියන්. සහභාගි වන ප්‍රේක්ෂකයන්ට උපරිම රසාස්වාදයක් ගෙන දෙන්නයි මෙම ප්‍රසංගය හරහා මම බලාපොරොත්තු වන්නේ. විශේෂාංග හතරක් ලෙසින් කොටස් කර ඇති ‘මනමාල හැන්දෑව’ සිත්කළු ආලිංගන සහ මනහර ඇඳුම් ආයිත්තම්වලින් අනූනව ජනවාරි 29 වැනි ඉරිදා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී ආරම්භ වෙනවා.

ජනවාරි 29 වැනිදාව තොරාගැනීමේ විශේෂයක් තිබෙනවද?
ඔව්. එය මට අති විශේෂ දවසක්. එදාට මගේ උපන් දිනය. හැමදාමත් මගේ උපන් දිනය වෙනුවෙන් සුවිශේෂ යමක් කරනවා. මෙවරද එය එහෙමයි. වෙනදාට වඩා මෙවර ඒ චාරිත්‍රය අතිවිශේෂයි.

‘මනමාල හැන්දෑව’ සමග ලස්සන වන ඒ සංගීත ප්‍රසංගය හරහා ඔබ උතුම් සද්කාර්යයකටද සම්මාදම් වෙනවා…?
2023 විතරක් නෙවෙයි 2019 සිටම මම මගේ උපන් දිනය වෙනුවෙන් බොහෝ සද්කාර්යයන්ට සම්මාදම් වුණා.

පිළිකා රෝගීන් කෙරෙහි ඔබේ හිත බොහෝ අවස්ථාවලද සංවේදී වුණා නේද?
සත්තකින්ම. පිළිකා රෝගීන් කියන්නේ මරණය පෙනි පෙනී ජීවත් වෙන කොටසක්. ඔවුන් ඉන්නේ ඉතා කටුක වූ වේදනාකාරී පසුබිමක. එක අවුරුද්දක් හෝ මරණය ඔවුන්ගෙන් ඈතට තල්ලු කර තබන්නට පුළුවන් යමක් කරනවා නම් ඒක මහඟු පිනක්.

ඒ මහඟු පිනට ඔබ පළමු පියවර තැබුවේ 2019 මහරගම අපේක්ෂා රෝහලෙන්?
ඒ මූලික පියවර තුළ මහරගම අපේක්ෂා රෝහල් පරිශ්‍රයෙහි ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකයක් ගොඩනගන්න මම අඩිතාලම දැමුවා. ඒ වෙනුවෙන් සෙලින්කෝ සර්කල් ආයතනය හරහා නීතිඥ නිරංග නානායක්කාර මහතා සහ නෙළුම් ජයවීර මහත්මියද ඔවුන්ගේ සාමාජිකත්වය දායක කොටගෙන එයට නොමසුරු සහායක් ලබාදෙනවා.
ඉන් පසු විවිධ ආයතනයන්හි සහාය තුළ එකක්ව තිබූ ඇටමිදුලු බද්ධ කිරීමේ ඒකකය, ඒකක අටක් දක්වා අප රැගෙන ආවා. 2022දී මගේ උපන් දිනය වෙනුවෙන් සංගීතයට හැකියාවක් දක්වන අඩු ආදායම්ලාභී දරුවන්ට වයලීන බෙදා දුන්නා ‘සත්සර පාරමිතා’ යන සද්කාර්යය යටතේ. දැනට වයලීන 550ක් පමණ ඒ ආකාරයට බෙදාදී තිබෙනවා.
ඒ අතර ආරක්ෂක ආරෝග්‍ය ශාලාවකට ලක්ෂ 160ක් වටිනා කිමෝ ප්‍රතිකාර යන්ත්‍රයක් ලබාදීමේ පුණ්‍ය කර්මයටද දායක වූවා.

29 වැනිදා ‘මනමාල හැන්දෑව’ ඔස්සේ ඔබ දායක වන්නට තනන සද්කාර්යය මොකක්ද?
අපේක්ෂා රෝහලේ ප්‍රධාන වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතාගේ අනුදැනුම මත අසරණ පිළිකා රෝගීන් වෙනුවෙන් භාරකාර අරමුදලක් ආරම්භ කරන්නයි මෙවර මගේ සූදානම.
විදේශගතව සිටින මගේ මිතුරු මිතුරියන් සමග ස්වාමින්වහන්සේ නමක්ද මේ උදාර කටයුත්ත වෙනුවෙන් දායක වෙනවා. මෙහිදී භාරකාර අරමුදල වෙනුවෙන් ලන්සුවට තියන්නේ මෙතෙක් මම රැකගෙන පැමිණි කීර්ති නාමයයි. සරලව කිව්වොත් එම අරමුදල අවභාවිතයට ගෙන යම් කිසිවකු ූවංචනික ක්‍රියාවක යෙදුණොත් එය කීර්ති පැස්කුවෙල් නාමයට කැලලක් වෙනවා නියතයි.
ඒ අවදානම මත මම වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා සමග මෙම අරමුදල පිහිටුවන්නේ ශ්‍රී ලාංකේය දානපතීන්ට, ‘එන්න මෙම පුණ්‍යවන්ත සද්කාර්යයට එකතු වෙන්න’ කියන විවෘත ආරාධනය මතයි.

ඉතසිතින් පතනවා, ඔබේ යහපත් මෙහෙවර සාර්ථක වේවා කියා.
ස්තුතියි ඔබටත්, මේ ගැන වචනයක් හෝ සමාජයට පවසන්නට ‘මව්රට’ වෙබ් අඩවිය සමග එකතු වුණාට. ඒ වගේම ආරාධනා කරනවා, එන්න, ‘මනමාල හැන්දෑව’ රස විඳින්න. මේ සද්කාර්යයට අතහිත දෙන්න.

-දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විනිසුරුවන්ගෙන් අත්තිකාරම් ආදායම් බදු අයකර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුවට අතුරු තහනම් නියෝගයක්!

Next Post

කපුටා-මයිනා කියපු එවුන්ට මහින්දගේ පොඩි පුතා චිචී පරවියකුගෙන් උත්තර දෙයි! මේ දැන් දාපු වීඩියෝව බලන්න! VIDEO

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.