හිටපු ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සමයේ දුම්රිය එන්ජින් ගෙන්වීම සහ දුම්රිය අමතර කොටස් ගෙන්වීම සම්බන්ධයෙන් වහාම ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පියවර ගෙන ඇත.
මෙම කොටස් ගෙන්වීමේදී ප්‍රමිතියෙන් තොර භාණ්ඩ ආනයනය කර ඇති බවට වෘත්තීය සමිති විසින් අමාත්‍යවරයාට කරනු ලැබ තිබූ පැමිණිල්ලකට අනුව අමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන තිබේ.
ඒ අනුව සති 2ක් ඇතුළත මෙම වාර්තාව තමන් වෙත ලබා දෙන ලෙසද අමාත්‍යවරයා නියෝග කර ඇත.










