මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇත.
ව්‍යවස්ථානුකූලව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවද එය කඩාකප්පල් කිරීම සදහා සිරිවර්ධන මහතාත්, නීල් හපුහින්න මහතාත් කටයුතු කර ඇති බවට වූ චෝදනාව යටතේ මෙසේ නඩු පැවරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
හපුහින්න මහතා පසුගිය දිනෙක ඇප මුදල් බාරගැනීම අත්හිටුවන ලෙසට සියලුම දිසා ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කොට තිබූ අතර සිරිවර්ධන මහතා ඡන්දයට අවශ්‍ය මුදල් නොමැති බව පවසමින් අධිකරණයට කරුණු වාර්තා කොට තිබිණ.