පන්විල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවකයන් පිරිසක් රැගත් බස් රථයක් පෙරළී යාමෙන් පුද්ගලයන් 20 දෙනකු තුවාල ලබා ඇත.
පොලීසිය සඳහන් කළේල උනගල සිට මඩොල්කැළේ හරහා පන්විල දෙසට ධාවනය වූ බස් රථයක්, රියැදුරුට පාලනය කරගැනීමට නොහැකිව පෙරළීයාමෙන් ඊයේ (20) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.
තුවාලකරුවන් අතරට කාන්තාවන් 16 දෙනකු ඇතුළත් වන අතර බරපතල තත්ත්වයේ පසු වූ 08 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට මාරුකර යවා තිබේ.










