නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් හය දෙනකු අඩුම තරමේ මියගොස් 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
පාසල් සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව නුවරඑළියට යද්දී මෙම අනතුර සිදුව ඇතැයි ද බසයේ 50 දෙනකු පමණ ගමන් කර ඇති බවට දැනට තොරතුරු ලැබී අනුව දැන ගන්නට ඇත.
මේ වන විට තුවාලකරුවන් නුවරඑළිය රෝහලට රැගෙන එන අතර ඔවුනට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇතැයි නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පවසයි.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව බස් රථය වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී ප්‍රපාතයට පෙරළී ගොස් ඇති බවයි.
බස් රථයට සහ ත්‍රිරොද රථයට ද දැඩි හනි සිදුව ඇතැයි ද අප වාර්තාකරුවෝ පවසති. වෑන් රථයේ ගමන් ගත් පිරිසට දැඩි හානි සිදුව ඇතැයි ද වාර්තා වේ.
මියගිය පිරිස මෙතෙක් හඳුනා ගෙන නැත.










