මෙරට ආදිවාසී ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආදිවාසී නායක වනස්පති උරුවරිගේ වන්නියලැ ඇත්තෝ ප්‍රමුඛ ආදිවාසි නියෝජිත පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.
වර්තමානයේ සිදුව ඇති සමාජ පරිවර්තනයන් හේතුකොටගෙන ඔවුන් විවිධ ගැටලු වලට මුහුණ දෙමින් සිටින අතර, ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු සඳහා විවිධ අවහිරතා මතු ව තිබේ. මේ තත්ත්වය පිළිබඳව වන්නිල ඇත්තන් ප්‍රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායකතුමාගේ අවධානයට යොමු කරනු ලැබීය.
ආදිවාසී ප්‍රජාව දැනට වසන ජනවර්ග අතරින් පැරණිතම ජන වර්ගයයි.


















