• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කොමිසම බෙදිලා කියපු බොරුව! සල්ලි නෑ කියපු බොරුව! හපුහින්න ලවා කරපු බොරුව! ඡන්ද කල්දාන්න ආණ්ඩුව ‌කරපු බොරු විපක්ෂනායක සජිත් එකින් එක හෙළිකරයි! ජනාධිපතිටයි ආණ්ඩුවටයි කුඩුවෙන්න පාර්ලිමේන්තුවේදී ගහයි! VIDEO

January 19, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අරමුණින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනකුට මරණ තර්ජන පවා මේ වන විට එල්ල කර ඇති බවත් මේ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් ද යොමු කර ඇති බවත් මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පවසා ඇත්තේ මැතිවරණය පැවැත්විය හැක්කේ පවතින නීතිය යටතේ බැවින් යම් හෙයකින් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත අද දින පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඉදිරියේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට එය බාධාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයාගේ සිහිනයක් වූ ජනාධිපති පුටුවේ වාඩි වීම සඵල වූ පසු ප්‍රජාතන්ත්‍රවාදයේ පියා යනුවෙන් හැදින්වූ ඔහු විසින්ම මැතිවරණය වැළැක්වීමට කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බවත් මෙය ජනතාවගේ මැතිවරණ අයිතිය ඡන්ද අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන්ට ඇති අඩු ජනතා ප්‍රසාදය වළක්වා ගැනීමට විවිධ උප්පරවැට්ටි සිදු කරන බවත් මේ අවස්ථාවේ විරෝධය පළ නොකළහොත් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පවා වළැක්විය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා රජය විසින් සීමා නිර්ණය කොමිසම ගෙන ඒම, මැතිවරණ කොමිසමේ තීන්දුව වැරදියි හා එහි විවිධ මත ඇති බව පැවසීම, ජනාධිපති සහ අගමැති පක්ෂයක නායකයකු සහ සාමාජිකයකු ව සිටියදී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ගෙන්වා ලිපි ද්‍රව්‍ය පරික්ෂා කිරිම වැනි ස්වාධීන මැතිවරණ කොමිසමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කිරීම, මැතිවරණයට මුදල් නොමැති බව පැවසීම, මුදල් අච්චු ගහන්න බැහැ යනුවෙන් අයිඑම්එෆ් කොන්දේසි ඇති බව පැවසීය ආදී ක්‍රියා කළ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පවසා අදත් ඇමතිවරු දෙදෙනකු අලුතින් දිවුරුම් දුන් බවත් ඇමතිවරු නඩත්තු කිරීමට අතිවිශාල මුදලක් වැය කරන රජයට මැතිවරණය පැවැත්වීමට මුදල් නොමැති බව පැවසීම විහිළුවට කරුණක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ අණපනත් සහ එහි ගම්‍ය වී ඇති පුළුල් දැක්මට අර්ථයට විපක්ෂයේ කිසිදු විරෝධයක් නොමැති බවත් මෙහි අඩුපාඩුකම් රැසක් පැවැතියත් එය ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ දෙයක් ලෙස තමා සලකන බවත් එහෙත් මෙම පනත ගෙන ඒම අරමුණ සම්බන්ධයෙන් යම් ගැටලු රාශියක් පවතින බවත් මේ පනත උපයෝගී කර ගෙන රජය මැතිවරණය කල් දැමීමට උත්සාහ දරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැමිණියේ මේ පනත කල් දැමීමට බවත් එබැවින් මෙය ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් පාලන ඡන්දය බලපෑමක් නොවේ යනුවෙන් වගන්තියක් එක් කළහොත් මහජන මුදල් වැය කර මෙවැනි විවාදයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණය කරන්න මුදල් නොමැති බව පවසන රජයේ ඇතැම් පුද්ගලයන් ජනාධිපති මන්දිරය කොට්ටේ ට ගෙන යන්න මුදල් ඇති බවත් ඔවුන් ගොවියාගේ වී මිලදී ගන්න, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙව්නන බැරි බව යනුවෙන් ජනතාව බිය වද්දවා ව්‍යාජ විරෝධයක් ඇති කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මැතිවරණය කල් දමමින් ජනතා පරමාධිපත්‍යට හානි කිරීමක් වත්මන් රජය සිදු කරන බවත් එසේ දිගින් දිගටම සිදු වුවහොත් ජනතාව සමඟ පාරට බැසීමට දෙපාරක් නොසිතන බවත් ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරන සියලු නීච ක්‍රියා වෙනුවෙන් ජනතාව සමඟ පෙළ ගැසෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

වත්මන් ආණ්ඩුව අවංක නම් පුළුවන් නම් මේ පනතට සංශෝධයක් ලෙස මෙම පනත මාර්තුවේ පැවැත්වෙන මැතිවරණයට බලපෑමක් නොවන බවට වාක්‍යයක් ඉදිරිපත් කරන ලෙසත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අදත් පාර්ලිමේන්තුවේදී ඡන්දය කල් දැමිල්ල ගැන වාදවිවාද! විපක්ෂය ප්‍රශ්න කරයි! මේ පනතෙන් ඡන්දය කල් නොයන බව අධිකරණ ඇමැති අදත් කියයි! VIDEO

Next Post

මොනවද එදා ජනාධිපති රාජාසන කතාවෙදි කිව්වේ? අද මුලු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයම බරපතළ අනතුරක දාලා! ඊයේ මොනවද කළේ? පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් පහුගියදා ලංකාවට ආවා! අපිව හමුවුණා! අපි මේවා පෙන්නුවාම එතුමා පුදුම වුණා! ඉතිහාසය මතක් කරමින් ජී.එල්. පාර්ලිමේන්තුවේදී ඓතිහාසික කතාවක් කරයි! VIDEO

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.