ඊයේ දිනයේදී ජනාධිපතිවරයා සහභාගී වූ පක්ෂ නායක රැස්වීමට සහභාගී වූ විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් මැතිවරණ පනත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය.
විපක්ෂය නියෝජනය කළ රවුෆ් හකීම් මහතා පමණක් ඊට විරෝධය පළ කළ බවද විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.










