ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුලු ලංකාවේ රක්ෂණ සමාගම් 7ක් ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙළීමට ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් ආයතනය පියවර ගෙන ඇත.
එම ආයතනය නිකුත් කළ නවතම නිවේදනයේ මේ බව සදහන් කොට තිබේ.
මෙම රක්ෂණ සමාගම් වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය, පීපල්ස් ඉන්ෂුවරන්ස්, HNB ඇෂුවරන්ස් , HNB General Insurance Limited, Continental Insurance Lanka Limitedය.










