• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝම්බ ගහලා වෙඩි තියලා ගිනි තියලා සිරස විනාශ කරන්න හදලා අදට වසර 14යි! තවමත් සිරස සටනේ! (VIDEO)

January 7, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
බෝම්බ ගහලා වෙඩි තියලා ගිනි තියලා සිරස විනාශ කරන්න හදලා අදට වසර 14යි! තවමත් සිරස සටනේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඔබේත් අපේත් ජනතාවගේත් තොරතුරු දැනගැනීමේ අයිතිය නැති වුවහොත් අපේ නිදහස නැති වේ.
ඒ  නිදහස නැතිවීමේ වාසිය ලැබෙන්නේ බලය ඇති හස්තයන්ට ය.

එවිට ඔවුන්ට හැමදාම මිනිස්සු රවට්ටමින් තමන්ට රිසි දේ සිදු කරන්න හැකියාව ලැබේ.

ජනමාධ්‍යයක පරම යුතුකම වෙන්නේ සත්‍ය වාර්තා කිරීම ය.

එසේ නොමැතිව ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ දේශපාලඥයින් ආරක්ෂාකිරීම හෝ නොවේ. 

මීට අවුරුදු 14කට කළින් ජනතාව වෙනුවෙන් කරන මේ පරම යුතුකමට මරු පහරක් එල්ල විය. 

අද තරුණ තරුණියන් බොහෝ දෙනෙකුට මේ සිද්ධිය මතක නැතිව ඇති.

නමුත් අපට එදා මෙන්ම අදත් මතකයි.

එදා ජනතාව සතු තොරතුරු දැන ගැනීමේ අයිතියට මාරාන්තික ප්‍රහාරයක් එල්ල කරමින් දෙපානම සිරස මැදිරි සංකීර්ණයට පහරදී, අදට වසර 14 කි.

තවමත්, අපරාධකරුවන් නිදැල්ලේ…

2009 ජනවාරි මාසයේ අද වැනි දවසක ආයුධ සන්නද්ධ මැර කල්ලියක් සිරස මාධ්‍ය ජාලයේ, දෙපානම මැදිරි සංකීර්ණයට මේ නිර්ලජ්ජිත ප්‍රහාරය එල්ල කළේ මුළු ලෝකයේම අවධානය යොමු කරවමිනි.

මේ ප්‍රහාරය එල්ල කරන්නට කළින්ම අප, සැක කටයුතු හැසිරීම් ගැනත් එල්ලවී ඇති තර්ජන පිළිබඳවත් පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් දැනුවත් කර තිබුණි.

එදා අලුයම 2:10ට මැදිරි සංකීර්ණයට කඩා වැදුණු සන්නද්ධ මැර කණ්ඩායම, ආරක්ෂක අංශයට පහර දුන්නේ ය.

මැරයින්ගේ ඉලක්කය වූයේ ජනතාවට තොරතුරු සපයන අපේ මාධ්‍ය ජාලයේ අති නවීන පරිගණක පද්ධතියක් සහිතව නවීකරණය කර තිබුණු ප්‍රධාන පාලක මැදිරියයි.

දුටු දුටු සියල්ල වනසමින් කඩා වැදුණු මැරයින් මැදිරි සංකීර්ණය මුළුමනින්ම විනාශ කළේ ය.

ඔවුන් පැන ගියේ අධිබල ක්ලේමෝ බෝම්බද අටවමිනි.

ප්‍රහාරයෙන් පසුව, රස පරීක්ෂකවරයාගේ විමර්ශනවලදී 8kgක ක්ලේමෝ බෝම්බයක් සුන්බුන් අතර තිබී සොයාගන්නට හැකි විය.

බෝම්බ ගසා ගිනි තබා අප නිහඬ කිරීම ප්‍රහාරය මෙහෙයවූවන්ගේ අරමුණ වුවත්, පැය කිහිපයක් ඇතුළත යළිත් සියලු නාලිකා ක්‍රියාත්මක කිරීමට අපි සමත්වූයෙමු.

වහ වහා දෙපානමට පැමිණ දැඩි පිළිකුලෙන් යුතුව මේ අපරාධය හෙළා දුටු ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා, හරියටම දින දෙකකට පසුව එනම් 2009 ජනවාරි 08වැනිදා මහමගදී ඝාතනය කෙරුණි.

දෙපානම මැර ප්‍රහාරය දෙස් විදෙස් විවිධ පාර්ශ්ව පිළිකුලෙන් යුතුව හෙළා දුටුවේ, ජනතාව වෙනුවෙන් සත්‍යය හෙළි කරන මාධ්‍ය ජාලයක් නිහඬ කිරීමට දැරූ ලැජ්ජාසහගත උත්සාහයක් බව පවසමිනි.

මේ අපරාධය සැලසුම් කළවුන් මෙන්ම ප්‍රහාරය දියත් කළවුන් තවමත් නිදැල්ලේ සිටී.

ඔවුන් නිදැල්ලේ සිටියත් ඔවුන් හෘදසාක්ෂිය තුළ ඔවුන් වරදකරුවන් වේ.  කොතැනින් බේරුණත් කිසිවිටෙක තමන්ට කර්මයෙන් බේරෙන්න බැරි බව ඔවුන් දනී. 

එදා මෙන් අදත්.. අප සිටින්නේ ජනතාව සමගයි.

එය හෙටත් එසේම බව ඔවුන් හොඳින් දන්නා කරුණකි.

අපි ජනතාව සමග සිටිනවා වගේම ජනතාවත් අප සමග
හැමදාමත් ඉන්නේ ඒ නිසාවෙනි.

           සත්‍යයේ සටහන..බුද්ධියේ විමසුමට

SendShareShare
Previous Post

නත්තල් දා වෙස්වලාගෙන රටින් පනින බව බුද්ධි අංශ කල් තියාම දැනන් ඉඳලා! ඉන්දියාවට යන්න මන්නාරමෙන් බෝට්ටුවකට නැග්ගේ ‌ප්‍රබල දේශපාලඥයකුගේ සහෝදරයාගේ රැකවරණයෙන්! ඇප ලැබුණු ගමන් පාතාලයේ ගෝඩ්ෆාදර් කංජිපානි ඉම්රාන් රටින් පැන්නෙ මෙහෙමයි! ළඟදීම උණ්ඩ රැසක් පත්තු වෙන්න නියමිතයි!

Next Post

ජනාධිපතිට බලයක් නෑ මැතිවරණ කොමිසම කැඳවන්න! ජනාධිපති කොහොමද කියන්නේ නීතිපතිගෙන් උපදෙස් ගන්න! මේක නින්දිතයි! මුලු රටම නැගී සිටින්න ඕන මේ ක්‍රියාවට එරෙහිව! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.