2015 වසරේදී පමණ ආරම්භ කරන ලද Wild Sri Lanka සමූහය ප්‍රධාන වශයෙන්ම මෙරට වනජීවී ඡායාරූපකරණයේ ගුණාත්මකභාවය සහ සාරධර්ම වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ දායකත්වය දක්වන අතර, ශාක හා සත්ව ප්‍රජාවේ ප්‍රගමනය හා සුරක්ෂිතභාවය උදෙසා නිරන්තරයෙන් කැපවී සිටී.
ඉතා කුඩා සාමාජික සංඛ්‍යාවකින් ආරම්භ කරන ලද Wild Sri Lanka සමූහය අද වන විට වෘත්තීය හා ආධුනික වනජීවී ඡායාරූප ශිල්පීන් හා පරිසර හිතකාමීන් 40,000ක් දක්වා වර්ධනය වී ඇත.
2022 වසරේදී සංවිධාන කරනු ලැබූ WSLPOTY වනජීවී ඡායාරූප තරගාවලිය සඳහා අයැදුම්පත්‍ර 3,500කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණු අතර එය එම වසර තුළ පවත්වන වඩාත් ආකර්ෂණීය හා තරගකාරී තරගාවලිය බවද සඳහන් කළ යුතුය.
මෙකී තරගාවලිය විනිශ්චය කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් සහිත විනිශ්චය මණ්ඩලයක් සම්බන්ධ වූ අතර, ඡායාරූප විනිශ්චයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලැබුවේ එකී ඡායාරූපවල ගුණාත්මකභාවය, ස්වභාවික චර්යා රටාවන්, වාසස්ථාන, ආලේක්‍ය හා උපයෝගී කොටගත් තාක්ෂණය යන කරුණු කෙරෙහිය.
Wild Sri Lanka සමූහය තෙවැනි වරට සංවිධාන කරනු ලබන මෙකී තරගාවලිය හා ප්‍රදර්ශනය 2023 ජනවාරි 07 සහ 08 යන දිනයන්හි කොළඹ 07, හෝර්ටන් පෙදෙස ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී පෙ.ව. 8.30 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙරට ඡායාරූප තරගාවලියක් සඳහා ලබාදෙන වැඩිම ත්‍යාග මුදල ලබාදීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබිණි. ඒ සඳහා නොමඳ සහයෝගය දැක්වූ අනුග්‍රාහක සමාගම්වලට සංවිධායක මණ්ඩලයේ කෘතඥතාපූර්වක ස්තුතිය පිරිනැමේ.
වනජීවී ඡායාරූපකරණයට හා සොබාදහමට ළැදි ඔබ සැමට මෙම ඡායාරූප ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන ලෙස අප මෙලෙස ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.












